හොලිවුඩ් පුරවරය දිනෙන් දින පුවත් මැවෙමින් අලුත් වේ. එවැනි පුවත් අතර බොහෝ කාලයක සිට ජනප්‍රියත්වයට පත් මිතුරු පෙමක් ගැන නැවතත් කරළියට පැමිණ ඇත. එනම් Adèle සහ Léa දෙපළගේ මිතුරු පෙමයි. මෙම පුවත නැවත කරළියට ඒමට හේතුව වූයේ පසුගිය කාලයේ එළිදැක්වූ ජේම්ස් බොන්ඩ් නව චිත්‍රපටයක් වන Spectre චිත්‍රපටයත් සමගය. Spectre චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වන Léa Seydoux සහ ටෙලි නාට්‍ය නිළියක වන Adèle Exarchopoulos අතර ඇති මිත්‍රත්වයක් ඇති වී ඇත්තේ 2012 වර්ෂයේ බව සඳහන් වෙයි.
එනම් 2012 වර්ෂයේදී ඔවුන් දෙදෙනා විසින් දායක වූ interview සඟරාවක ඡායාරූප පෙළක් සඳහාය. මෙතැනින් ආරම්භ වූ මෙම පෙම් හමුව බොහෝ කලක් සිට පැමිණෙන්නේය. Léa Seydoux යනු බොහෝ දක්ෂ රංගන ශිල්පිනියක ලෙස බොහෝදෙනා හඳුන්වයි. පසුගිය වසරේ එළිදැක්වූ Spectre යන චිත්‍රපටය ඔස්සේ ඇය ඒ බව මනාව ඔප්පු කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මේ වනවිට 30 හැවිරිදි වියේ පසුවන ඇය, 2006 වසරේ Girlfriend චිත්‍රපට ඔස්සේ ක්ෂේත්රයට පැමිණියාය. ඇය මේ වනවිට චිත්‍රපට 38කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී ඇත. තමන් 2016 වසරට රංගනයෙන් දායක වීමට නියමිත It's Only the End of the World චිත්‍රපටය සඳහා මේ දිනවල සූදානම් වන බව ඇගේ ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත.
ඇයගේ හොඳම මිතුරිය ලෙස හඳුන්වන Adèle Exarchopoulos සම්මානලාභී ටෙලිනාට්‍ය නිළියකි. ඇය කෑන්ස් ජාත්‍යන්තර චිත්‍රපට උලෙළේදී පවා සම්මානයන් සඳහා පාත්‍ර වී ඇති බව සඳහන් වෙයි. මේ වන විට අවුරුදු 22ක් වයසැති ඇයට රංගනයට වරම් හිමි වූයේ 2006 වර්ෂයේදී විකාශනය වූ R.I.S, police scientifique රූපවාහිනී කතාමාලාව මගිනි.
මේ වනවිට රූපවාහිනී කතාමාලාවන් 20ක් සඳහා රංගනයෙන් දායක වී ඇත. 2016 වසරේදී ඇයට රූපවාහිනී කතාමාලාවන් තුනක් සඳහා දායක වීමට වරම් හිමි වී ඇති බව සඳහන් වෙයි.මොවුන් දෙදෙනාගේ ඇති සම්බන්ධතාවය පිළිබඳව බොහෝදෙනා කරුණු විමසුවද ඔවුන් පවසන්නේ මෙය සැබෑ මිතුරුකමක් යනුවෙනි.