ADA
www.ada.lk
2025 ජනවාරි මස 20 වන සඳුදා
කලාකරුවන් විවිධ දේ සඳහා ඇල්මක් දක්වනු ලබයි. තමන් විසින් ඇල්මක් දක්වන දේ ඇතැම් විට තමාගේ කලාව බවට පත්වනු ඇත. ස්වභාව ධර්මයට ආදරය කරන කලාකරුවා බොහෝවිට ඇගයීමට ලක්වේ. එවැනි කලාකරුවෙකු ලෙස Matt Wilson හැඳින්විය හැකිය. කුඩා කාලයේ සිට ස්වභාව ධර්මයට ආදරය කළ ඔහු සතුන් සඳහා වැඩි ඇල්මක් දක්වයි.
ඔහු වැඩිම කාලයක් කැපකරනු ලබන්නේ විනෝදාස්වාදය උදෙසා බව සඳහන් කරයි. ඔහුගේ වෘත්තිය වන්නේ ගෘහ නිර්මාණ ශිල්පයයි. එතැනින් එහා ගිය තමන්ගේ විනෝදය උදෙසා සජීවී වස්තූන් නිර්මාණය කරනු ලබයි. Matt චෙල්ටන්හම් විද්‍යාලයේ සෞදර්යය හා කලා සිතුවම් පිළිබඳ අධ්‍යාපනය හදාරා ඉන්පසු සාම්ප්‍රදායික කලාව දෙසට නැඹුරු වී තිබේ.
ගෘහ නිර්මාණ ශිල්පයෙකු මෙන්ම portraiture ශිල්පියෙකු ලෙසද ඔහුව හඳුන්වනු ලබයි. නිර්මාණකරණය පිළිබඳ ඇමෙරිකාවේ ප්‍රසිද්ධ කලාකරුවෙකු වන රොඩ්රික් බූත් ජෝන්ස් යන කලාකරුවාගේ සහායකයා ලෙසද Matt කටයුතු කර තිබේ. ඉන්පසු එම කලාව වෙනුවෙන් නව අරුතක් ලෙස තමන් ආදරය කරන සතුන්ගේ මූර්ති නිර්මාණය කරන ලදී. ඔහු ඒ සඳහා භාවිත කරනු ලැබුවේ හැඳි වර්ග සහ ගෑරුප්පු වර්ගයි. ඔහු එම දේවල් භාවිත කරමින් වැඩි වශයෙන් නිර්මාණය කරනු ලැබුවේ කුරුළු වර්ගයි. ඔහු බොහෝ විට යකඩ මූර්ති නිර්මාණය කරනු ලබන්නේ, අවට පරිසරය තුළ වෙසෙන සතුන්ව බලා ගනිමිනි. ඔහුට වෙනත් සතෙකු නිර්මාණය කිරීමට අවශ්‍ය නම් ඔහු එහි ත්‍රිමාණ ආකෘතිය නිර්මාණය කරනු ලබයි. Matt සිය නිර්මාණයන් කිසිදු දිනෙක අලෙවි නොකරයි. මොහු විසින් මෙම නිර්මාණයන් ඇතැම් අවස්ථාවලදී ප්‍රදර්ශනයන් සඳහා ලබා දී අලෙවි කරනු ලබයි. ඔහු එමගින් ලැබෙන මුදල් සම්පූර්ණ වශයෙන් සමාජ සේවය සඳහා යොදවන බවයි සඳහන් වෙන්නේ.
Matt විසින් ඇතැම් විට එම ගෑරුප්පු සහ හැඳි නිර්මාණයන් ගෙදරදොරට අවශ්‍ය ද්‍රව්‍ය ලෙසද නිර්මාණය කරනු ලබයි. එකම තේමාවක් ඔස්සේ මුළු නිවසක් අලංකාර කිරීමට එම නිර්මාණ භාවිත කිරීමට හැකියාව ලැබෙයි. බොහෝ දෙනාට අවශ්‍ය සංකල්පයක් ඔස්සේ මෙම නිර්මාණයන් සිදුකර දීම ඔහුගේ පුරුද්ද විය. Matt තම නිවස තුළම මෙම නිර්මාණයන් සිදුකරයි. ඒ සඳහා ඔහු වෙනත්ම ස්ථානයක් භාවිත නොකොට තම නිවසේ කාමරයක් භාවිත කරන්නේ, ඔහුට නිදහස් වේලාවට එතැනට ගොස් නිර්මාණයක් බිහිකිරීමේ අවස්ථාව ඇති බැවිනි. මේ ආකාරයෙන් නිර්මාණ ලෝකය තුළ පෙරළියක් කළ Matt ස්වභාව ධර්මය සමග නිරන්තරයෙන් ගනුදෙනු කරයි. නිර්මාණකරණය විනෝදාංශයක් කරගත් කල්හි ඒ සඳහා ඇති ආශාව ඉතාමත් වැඩි බව ඔහු කියයි.
popular news
අගුළු දැමූ නිවසකින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නරක්වු මළ සිරුර සොයා ගැනේ
සමෘද්ධි නිලධාරීන් 363 ක් ව්‍යාජ සහතිකවලින් පත්වීම් අරන්
උඩරට දුම්රිය ප්‍ර වේශ පත්‍ර අන්තර්ජාලයට නිකුත් කර තත්පර 42න් විකිණී අවසන්
ලොකු ලොකු මන්ත්‍රීලට ආදර්ශයක් දුන් ඇල්පිටියේ පොඩි මන්ත්‍රි
මධ්‍යම පළාතේ ළමුන් 30ට අඩු පාසල් 283ක්
තද වැසි පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd