ප්‍රවීණ නාට්‍යවේදිනියක, රූපණ ශිල්පිනියක මෙන්ම රංගකලා ආචාර්යවරියක වන සෝමලතා සුබසිංහයන් අද (31දා) අප අතරින් වෙන්ව යාමට නියමිතය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවියක ලෙස මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ 'රත්තරන්' සහ 'එලොව ගිහින් මෙලොව ආවා' යන වේදිකා නාට්‍යවල රංගනය තුළින්ම කරළියේ දොරගුලු විවර කරගත් ඇය, ශ්‍රී ලාංකීය ළමා නාට්‍ය කලාව වෙනුවෙන් අනුපමේය මෙහෙයක් ඉටුකළ නාට්‍යවේදිනියකි.
ඇය කොළඹ පෞද්ගලික රෝහලකදී මිය යන විට 79 වැනි වියෝ පසුවූවාය. සෝමලතා සුබසිංහයන්ගේ දේහහ පිළිබඳ අවසන් කටයුතු අද බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය.