ප්‍රවීණ නාට්‍යවේදිනියක,රංගන ශිල්පිණියක මෙන්ම රංගකලා ආචාර්යවරියක වන සෝමලතා සුබසිංහ මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද(30) ජීවිතක්ෂයට පත්ව තිබේ.
මියයනවිට වයස අවුරුදු 79 පසුවු ඇය වේදිකා නාට්‍ය රචිකාවියක්, අධ්‍යක්ෂකවරියක් හා නාට්‍ය ගුරුවරියක්ද වන ඇය ළමයින් වෙනුවෙන් විශාල නාට්‍ය ප්‍රමාණයක් නිර්මාණය කර තිබේ. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘එලොව ගිහින් මෙලොව ආවා‘ නාට්‍යයේ රගපෑමෙන් ඇය ජනප්‍රියත්වයට පත්වූවාය.
රත්තරන්, මූදු පුත්තු, නරිබෑණා වැනි නාට්‍ය තුළින්ද ඇගේ රංගන කෞෂල්‍යයන් පිළිඹිඹු වේ.
සෝමලතා සුබසිංයන් පරිපාලන නිලධාරියෙකු වූ ලයනල් ප්‍රනාන්දු මහතාගේ භාර්යාවයි. කෞෂල්‍යා ප්‍රනාන්දු මෙන්ම ශාමලිකා ප්‍රනාන්දු මෙම දෙපළගේ දියණියන් වේ. ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙනු ඇත.