මෙම වසර ඇතැම් හොලිවුඩ් නිළියන්ට නම් ඉහේ මල් පිපෙන අවුරුද්දක් බව අමුතුවෙන් ප්‍රකාශ කළ යුතු නොවේ. නවක හොලිවුඩ් නළු නිළියන්ගේ චිත්රපටද මේ අවුරුද්දේ මේ වනවිටත් තිරගත වී හමාරය. නමුත් එවැනි සතුටක් නැති නිළියක් පිළිබඳවයි මේ පුවත ගෙන එන්නේ. ඇය ක්ෂේත්රයට නවකයෙකි. නමුත් ප්‍රසිද්ධ රූපවාහිනී කතාමාලාවක ආරම්භයේ සිට මේ වන තෙක් රංගනයෙන් දායක වෙයි. ඇය නමින් 'සොෆී ටර්නර්' වෙයි.
ඇයට මෙම වසර නම් සුභදායී වසරක් නොවන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරනු ලබන්නේ. එයට හේතු වන්නේ මෙම වර්ෂයේදී ඇය රංගනයෙන් දායක වූ චිත්‍රපට තුනක් එළිදැක්වීමට නියමිතව තිබුණත් එය මෙම වර්ෂයේදී තිරගත නොවීමයි. මෙම වර්ෂයේදී ඇය රංගනයෙන් දායක වූ 'අලෝන්' චිත්‍රපටයද, 'හන්ස්ට්විල්' චිත්‍රපටයද, 'ටයිම් ෆ්රේක්' චිත්‍රපටයද තිරගත වීමට නියමිතව තිබුණද ඒවා මෙම වර්ෂයේදී තිරගත නොවනු ඇත. ඒ අතරින් 'හන්ස්ට්විල්' චිත්‍රපටය සහ 'ටයිම් ෆ්රේක්' චිත්‍රපටය පසු නිෂ්පාදනය කරන බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
'අලෝන්' චිත්‍රපටය මෙම වර්ෂයේදී තිරගත වීම නවතා ඇති බව සඳහන් වෙයි. කෙසේනමුත් සොෆීට 2018 වර්ෂයේදීද චිත්‍රපටයක් සඳහා අවස්ථාව උදා වී තිබේ. ඒ %එක්ස් මෑන් : ඩාර්ක් ෆීන්ක්ස්^ නම් චිත්‍රපටයයි. එය 2018 නොවැම්බර් 11 වැනිදා එළිදැක්වීමට නියමිතය.
'එක්ස් මෑන් : ඩාර්ක් ෆීන්ක්ස්' නව එක්ස් මෑන් චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටය සඳහා ඇයට අවස්ථාව උදාවූයේ 2016 දී තිරගත වූ 'එක්ස් මෑන් : ඇපොකැලිප්ස්' චිත්‍රපටය සඳහා දායක වීමත් සමගිනි. සොෆී බොහෝදෙනා හඳුනන්නේ 'ගේම් ඔෆ් ත්‍රෝන්ස්' රූපවාහිනී කතාමාලාවේ සැන්සා ස්ටාර්ක් ලෙසයි.
2011 වර්ෂයේදී ඇය 'ගේම් ඔෆ් ත්‍රෝන්ස්' රූපවාහිනී කතාමාලාව ඔස්සේ රංගන දිවියට ප්‍රවිෂ්ට වූ අතර, එම වර්ෂයේදීම තවත් රූපවාහිනී කතාමාලාවක් සඳහා රංගනයෙන් දායක වීමට වරම් හිමි විය. ඒ 'ද ත්රීටීන්ත් ටේල්' නම් රූපවාහිනී කතාමාලාවයි. එම වර්ෂයේදී එම කතාමාලාව සම්පූර්ණ වශයෙන් තිරගත වී අවසන් විය. නමුදු 'ගේම් ඔෆ් ත්‍රෝන්ස්' කතාමාලාව මේ වනවිටත් විකාශනය වෙමින් පවතී. මේ ආකාරයෙන් රංගන දිවියට ඇතුළත් වූ සොෆී සිනමා ක්ෂේත්රයට පිවිසෙන්නේ 2013 Another Me නම් චිත්‍රපටය ඔස්සේය. ඉන්පසු 2015 වර්ෂයේදී Barely Lethal චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වූවාය.
මේ වනවිට 21 වැනි පසු වන ඇය 2015 වර්ෂයේදී සම්මානලාභී නිළියක් වීමේ වරම් හිමි විය. ඒ 2015 වර්ෂයේදී පැවති 'එම්පයර් හීරෝ' සම්මාන රාත්රියේදී 'ගේම් ඔෆ් ත්‍රෝන්ස්' හි රංගනය වෙනුවෙන් සම්මානයක් හිමිකර ගනිමිනි. ඉන්පසු 2016 වර්ෂයේදී පැවති 'හ්යුඩින්' සම්මාන රාත්රියේදී 'ලෝක ප්‍රසිද්ධ හොඳම නිළිය' ලෙසත්, එම වර්ෂයේදීම 'ග්ලැමර්' සම්මාන උලෙළේදී 'ඇමෙරිකානු හොඳම රූපවාහිනී නිළිය' ලෙසත්, 'වෙනිස් ඉන්ටර්නැෂනල් ෆිල්ම් ෆෙස්ටිවල්' හිදී ජාත්‍යන්තර සම්මානයක් සඳහාත්, 'එවී' සම්මාන උලෙළේදී 'හොඳම සහය නිළිය' ලෙසත් සම්මාන හිමිකර ගැනීමට ඇයට අවස්ථාව හිමි විය.
HBO රූපවාහිනී නාළිකාවත් සමග සොෆී ගිවිසුමක් ඇති කරගෙන තිබෙන අතර, ඇයට චිත්‍රපට සඳහා අවකාශය හිමිවන්නේ එම රූපවාහිනී ආයතනයත් සමග ඇති කරගත් ගිවිසුමේ ඉඩ ප්‍රස්ථාව අනුව බව සඳහන් වෙයි.