රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතාට හරසර දැක්වීමේ සුමින්ද හරසර නමින් උපහාර උලෙළක් පැවැත්වීමට ශ්‍රී ලාංකික රංගන ශිල්පීන්ගේ එකමුතුව සූදානම් වෙයි. එම සූදානම පිළිබඳව රංගන ශිල්පී බිමල් ජයකොඩි මහතා සමග අද අපි කතා බස් කළෙමු.
"'ක්‍රියාකාරී කලාකරුවන් විදියට එකමුතුවක් වෙන්නෝනෙ කියන අදහසක් තිබුණා සහ ඉන් අදහස් කළේ රංගන ශිල්පීන්ගේ රංග ප්‍රතිභාව මුල්කරගන්නා විදියට රංගනය පත්කර ගැනීම සහ එම තත්ත්වය වැඩිදියුණු කරගන්නේ කෙසේද යන්න අරමුණු පෙරදැරි කරගෙන ශ්‍රී ලාංකික රංගන ශිල්පීන්ගේ එකමුතුව නමින් සංවිධානයක් පිහිටවූවා. එහි මූලික වටයේ සාකච්ඡා කරමින් වැඩිදියුණු කිරීමට පියවරයන් සාකච්ඡා කරමින් සිටින අතරතුරදී තමයි අපට දැනගන්න ලැබෙන්නෙ සුමින්ද සිරිසේන මහතා ගැන."
"සුමින්ද සිරිසේන මහතා කියන්නෙ වෙනමම අනන්‍ය වූ රංගන ශෛලියකින් ටෙලිනාට්‍ය , චිත්‍රපට සහ වේදිකාව,තුළ සිය පෙළහර පෑ රංගන ශිල්පියෙක්. රංගන කාර්යයේ නිරත ශිල්පීන් විදියට අපි තීරණය කළා ඔහුගේ රංගනය ගැන කතිකාවක් ඇති කිරීම, සහ ඇගයීමට ලක් කිරීම වැදගත් කටයුත්තක් ලෙසින් සිදුකරන්න. එය අපිට වැදගත් යයි සිතපු නිසාම මේ මස 30 වැනිදා සවස 6.30ට චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී ඔහුගේ රංගනය පිළිබඳ කතිකාවතක් ඇතිකරන්න සහ ඔහුට සම්මානයක් පිරිනමන්න සහ අපේ සංවිධානයේ තිබෙන ශක්තිමත් බව අපේ ක්ෂේත්රය තුළ මුදාහරින්න සූදානමින් සිටින්නෙ."
"ඉහත කී කාරණා සමගයි 'සුමින්ද හරසර' නමිනුයි මෙය නම් කොට තිබෙන්නේ. ශ්‍රී ලාංකික රංගන ශිල්පීන්ගේ එකමුතුව (SLAG) මගින් පවත්වන මෙම උත්සවයේ ප්‍රධාන දේශනය ආචාර්ය ජයලත් මනෝරත්නයන් විසින් පවත්වනු ලබන අතර, සුමින්ද සුමින්ද සිරිසේනයන් රංගනයෙන් දායක වූ වේදිකා නාට්‍ය කිහිපයක ගීත වර්තමාන පරපුරේ කලා ශිල්පීන් විසින් ගායනා කිරීමටද නියමිතය. මෙම බොහොම සුන්දර රාත්‍රියක් වන නිසාවෙන් සියලුම කලා ශිල්පීන්ට මේ සඳහා දායක වන ලෙස ආදරයෙන් ඉල්ලා සිටිනවා. අපිට වැඩකරන්න පුළුවන් අපේ එකමුතුව තුළ කියන සංකල්පය මත තමයි මෙම වැඩ කටයුතු සිදුකරන්නෙ. මේ සඳහා කිසිදු දේශපාලනික අතකොලුවක් බවට පත්නොවී ස්වාධීන කලාකරුවන් ලෙසින් සිටගැනීමේ අරමුණකිනුයි මෙම සංවිධානය පිහිටවූයේ. ඒ බවත් මේ මොහොතේ සිහිපත් කළ යුතුමයි."