සුප්රියා අබේසේකර රැල්ලට ගීත ගායනා කරන බවත්,එහෙත් ඇය වසන්තා සන්දනායකගේ ගීත භක්තියකින් යුතුව ගායනා කළ යුතු බවත් වසන්තා සන්දනායක මහත්මියගේ පුත් සරත් සන්දනායක මහතා පවසයි.
“එයා නම් කරන්නෙ රැල්ලට යන එක. මම කීපවතාවක්ම කියල තියෙනවා. එයාගෙ ආච්චි වසන්තා සන්දනායකගේ, ‘දොළළඟ ගුරු පාරදිගේ’, ‘කල්යාණි ගංගා රාජිනී’ වගේ ගීත එයා ගායනා කරනවා. අම්මා ඒවා භක්තියෙන් ගායනා කළ ගීත. එයා ඊට අගෞරව කරනවා නම් මට එයා සුප්රියා වුණත් අප්රිය වෙනවා”යැයි ඔහු පවසයි.