'ඊඩිපස්', 'තටු ඇවිත්', 'අද වගේ දවසක ඇන්ටගනී', 'විසේකාරියෝ' වැනි වේදිකා නාට්‍ය රැසක නිර්මාණකරුවා වන ප්‍රියංකර රත්නායකගේ 'ප්‍රේමවන්ත කුමාරයෝ' දින හතරක් පුරා දර්ශනවාර 8ක් කැලණිය විශ්වවිද්‍යාලයේ ශ්‍රී ධර්මාලෝක ශාලාවේදී වේදිකාගත වෙයි. 16, 17 දිනවලදී වේදිකාගත වූ එය අද (18දා) සහ හෙට (19දා) දිනවලදීද එම පරිශ්‍ර‘යේදී නැරඹිය හැකිය. අද 3.30 හා 6.30ත් හෙට 10.30 හා 2.30ත් ලෙසත් මෙහි දර්ශනවාර නැරඹීමට හැකියාව තිබේ. දක්ෂ නළුවෙකු, වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරයෙකු මෙන්ම කැලණිය විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරයෙකු ද වන ප්‍රියංකර රත්නායක 'ප්‍රේමවන්ත කුමාරයෝ' පිළිබඳ මෙසේ අදහස් දැක්වුයේය.
Q 'ප්‍රේමවන්ත කුමාරයෝ' කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශනයක් සූදානම් කෙරෙන්නේ ඇයි?
මෙය ගෙනෙන්නේ මූලිකවම නාට්‍යයක් පෙන්වීමේ අවශ්‍යතාවය මතයි. දවස් 4ක් එකදිගට පෙන්වන්නේ එක දවසක් විතරක් පෙන්නුවොත් කෙනෙක්ට නාට්‍ය මගඇරෙන්න පුළුවන් නිසයි. විශ්වවිද්‍යාලයේ වගේම ඒ අවට අයටත් මේ විදිහට දින 4ක් පෙන්නුවාම එන්න පුළුවන් දිනයක් හදාගන්න පුළුවන්. ඒක ප්‍රේක්ෂකයාට පහසුවක්. නමුත් ඒක එක පැත්තක් විතරයි. මේ වගේ සම්භාව්‍ය නාට්‍ය මිනිස්සුන්ට රසවිඳින්න, රඟපාන්න අමාරුයි කියන මතයක් සමාජයේ තියෙනවා. එහෙම එකක් නෑ. ඒ මතය ගෙනයාමේ අවශ්‍යතාවක් තියෙනවා. මේ නාට්‍යය සුඛාත්න නාට්‍යයක්. හාස්‍යෝත්පාදක නාට්‍යයක්. ලංකාවේ සාමාන්‍ය‘යෙන් හාස්‍යෝත්පාදක නාට්‍යයක් කියල කියන්නේ හිනාවෙලා ගෙදර යන නාට්‍යවලට. නමුත් හාස්‍යෝත්පාදක නාට්‍ය කියන එකේ ගැඹුරු අර්ථය තමයි මිනිස්සු නාට්‍ය බලල සතුටක් ඇතිවෙලා තමන් හිනාවුණේ ඇයි කියල හිතන්නයි. එමගින් සමාජ කථිකාවක් ඇති කිරීමයි අපේක්ෂාව.
එහෙම කතිකාවක් ඇතිවෙන්නට නම් හාස්‍යයට ලක්වෙන ගැඹුරු කාරණා තිබිය යුතුයි. ප්‍රේමය කියන මාතෘකාව තමයි ප්‍රධාන. ආදරය ඉදිරියට පවුල් සංස්ථාවෙන්, සමාජයෙන්, සංස්කෘතියෙන්, පාරම්පරික අදහස්වලින්, බාධා එන්න පුළුවන් තැන් තමයි මේ නාට්‍ය‘යේ කතා කරන්නේ. ඒ ආදරයේ තියෙන බලපෑම් කොයිතරම් සාධාරණද? ඒකෙන් ආදරය කියන දේ අද සමාජය තුළ වාණිජකරණයට ලක්වෙලා ඇති බව පෙන්වන්න මෙවැනි මාතෘකාවක් සාකච්ඡාවට ගෙනෙන එක වැදගත් බව මම හිතුවා.
ඒ වගේම සුඛාන්ත නාට්‍යයක රඟපාන එක දුක්ඛාන්ත නාට්‍යයක රඟපාන එක තරම් ලේසි නෑ. මොකද දුක්ඛාන්ත නාට්‍යයක හිනා වෙන්නේ නළු නිළියෝ කරන විහිළුවලට. නමුත් සුඛාන්ත ටෙලි නාට්‍යවල නළුවො හිනාවෙන්න විහිළු කරන්නේ නෑ. ඒ අය බොහොම අපූරුවට චරිත කරගෙන යනවා. ඒ අයගේ දෙබස්වලටයි ප්‍රේක්ෂකයෝ හිනාවෙන්නේ. ඒ වගේ නාට්‍යයක රඟපෑම් පුහුණුවීමත් අසීරුයි. මේක නළු නිළියන්ට හොඳ අභ්‍යාසයක්. එකක් කායික ශක්තිය, මානසික ශක්තිය එක දිගට ප්‍රකාශ කරන්න පුළුවන් වීමෙන් එය තමන්ටම මැනගත හැකියි.
Q 'ප්‍රේමවන්ත කුමාරයෝ'ත් ඔබේ සුපුරුදු රිද්මයේම නාට්‍යයක්ද?
මගේ සුපුරුදු රිද්මය කිව්වට නාට්‍ය‘යෙන් නාට්‍යයට ඒවා වෙනස් වෙනවා. 'ඇන්ටිගනී' වගේ නාට්‍යයක් වුණත් එහෙමයි. සංගීතය වුණත් නාට්‍යයෙන් නාට්‍යයට වෙනස්. ඒ නිසා සංගීතමය නාට්‍ය බලපාන්නේ අපේ සංස්කෘතියේ පෙරදිග නාට්‍යයට ඒවා ටිකක් හුරු නිසයි. නැත්නම් අපරදිගත් එහෙම තමයි. හැම රටකම නාට්‍යවල සංගීතය, නර්තනය අඩංගුයි. තාක්ෂණය භාවිත කරමින්, දේශපාලන නාට්‍ය ආදිය පිළිබඳව ගැඹුරු ප්‍රශ්න සාකච්ඡා කරන සංවාදයක් ඇති කරන්නයි මට උවමනා. සංගීතමය නාට්‍ය කියන්නේ පොඩි තාක්ෂණික උපක්‍රමයක් පමණයි.
Q 'A midsummer night's dream' ඔබේ අධ්යක්ෂණයට තෝරාගන්නේ කොහොමද?
මේක අවුරුදු 40කට ඉස්සර පරිවර්තනය කරපු පොතක්. මම ශේක්ස්පියර් ගැන හොයන වෙලාවක මගේ මිත්‍ර‘යෙක් මට මේ පොත දෙනවා. මේ නාට්‍ය‘යේ පරිවර්තන කිහිපයක් තියෙනවා. නමුත් මට රුචි වුණේ මේ ජයවතී ජයසිංහගේ පරිවර්තනයටයි. මම මේක විශ්වවිද්‍යාල සිසුන් එක්ක අත්හදාබැලීමක් විදිහට කළා. ඒ කරද්දි තමයි මට හිතුණේ මේක ටිකක් දියුණු විදිහට කළොත් මේ නාට්‍ය හරහා ප්‍රේක්ෂකාගාරය තුළ යම් වෙනසක් ඇතිකළ හැකි බව.
ඒ නිසා අපිත් එක්ක ඉන්න අත්දැකීම් සහිත නළු නිළි පිරිස එක්ක මේ නාට්‍යය සැලසුම් කළේ ඒ නිසයි. කොළඹ අවට දර්ශනවාර 10කින් විතර පස්සෙ තමයි විශ්වවිද්‍යාලය තුළ දර්ශනවාර 4ක් පෙන්වන්නේ. මේක අත්හදාබැලීමක්. මේ පරිවර්තනයක් වුණත් ප්‍රෙක්ෂකයාට අපේ නාට්‍යයක් විදිහට පේන්න සකස් කරගන්නයි මට උවමනා වුණේ.
Q මීට වසර 400කටත් ඉහතදී ලියවුණු නාට්‍ය කොහොමද ඔබ නූතනය හා යාවත්කාලීන කරන්නේ?
බෞද්ධ දර්ශනය ඇතිවෙලා අවුරුදු 2500ක් විතර. ක්‍රිස්තියානි දර්ශනය ඇතිවෙලා අවුරුදු 2000ක් විතර වගේ හැම ආගමික දර්ශනයක්ම ඇතිවෙලා අවුරුදු ගාණක්. නාට්‍යයක් වුණත් එහෙමයි. ආගමක තියෙනවා වගේම දර්ශනයක් තමයි නාට්‍යයෙත් තියෙන්නේ. මනුෂ්‍ය ජීවිතය පිළිබඳ සියුම් ගවේෂණයක් සහිත දර්ශනයක් තමයි ඕනම විශිෂ්ට නාට්‍යයක තියෙන්නේ. කාගෙ වුණත් විශිෂ්ට නාට්‍යයක් එහෙමයි. කාලෙ ඉක්මවා ගිහිල්ලා, දේශයත් ඉක්මවා ගිහිල්ලා හැම සමාජයකම ඉන්න මිනිසුන්ගෙ මානුෂීය, සාමාජීය ප්‍රශ්නවලට ආමන්ත්‍රණය කරනා නාට්‍යයක් තියෙනවා.
මම හිතන්නේ වසර 400කට පස්සෙත් ශේක්ස්පියර් නාට්‍යවලට ආගමක් වගේ දර්ශනයක් වගේ මිනිසුන්ගේ ජීවිතවලට ආමන්ත්‍රණය කරන්න පුළුවන්. අපිට මෙහෙම නිෂ්පාදනය කරන්න පුළුවන් වුණෙත් ශේක්ස්පියර් නාට්‍යවල තියෙන ඒ සර්වකාලීන ආධ්‍යාත්මය ආමන්ත්‍රණය කිරීමේ හැකියාව හින්දයි. සාමාන්‍ය මනුෂ්‍යයාගේ හදවත සතුටු කිරීමේ හැකියාව මේ නාට්‍යවලට තියෙනවා.
මේ නාට්‍ය බැලූ අපේ රටේ ප්‍රකට නාට්‍ය නිෂ්පාදකයන්ටත් ශේක්ස්පියර්ගේ නාට්‍යයක් නිෂ්පාදනය කිරීමේ ආසාවක් මතුවෙනවා. ඒක ඉතාම හොඳ දෙයක්. ඒ වගේම මේක අපි පෙන්නූ හැම වෙලාවකම විවිධ තරාතිරම්වල ප්‍රේක්ෂකයෝ ආවා. මේ කාලේ නාට්‍යයක් පැය 2ක් බලාගෙන ඉන්න එක ටිකක් අසීරුයි. ඒත් කිසිම අපහසුතාවයක් නැතිව කුඩා ළමයි වගේම ප්‍රවීණයොත් මේ පැය දෙක පුරා නාට්‍ය නැරඹුවා. මං හිතන්නේ මේක හොඳ උත්තේජනයක්.
Q ප්‍රවේශපත්‍ර ලබාගන්නේ කොහොමද?
එදින දොරටුවෙන් ප්‍ර‘වේශපත්‍ර ලබාගන්න පුළුවන්. ඕනෑම අයෙකුට ගන්න පුළුවන් මුදලකට ප්‍ර‘වේශපත්‍ර නිකුත් කරනවා.