චිත්‍රපට කර්මාන්තය වර්තමානයේ මුහුණ දී ඇති ගැටලු පිළිබද සාකච්ඡා කිරීමේ විශේෂ හමුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා සිනමා ශිල්පීන්ගේ සංධානයේ සාමාජිකයින් අතර අද (23දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වූ බව ජනපති මාධ්‍ය අංශය කියයි.
හෙළ සිනමා ශිල්පීන්ගේ සංධානය නියෝජනය කරමින් රවීන්ද්‍ර රන්දෙණිය, මාලනී ෆොන්සේකා, ජීවන් කුමාරතුංග, ක්ලීටස් මෙන්ඩිස්, ශ්‍රියානි අමරසේන, රොබින් ප්‍රනාන්දු, සංගීතා වීරරත්න, රෙක්ස් කොඩිප්පිලි යන ප්‍රවීණ රංගන ශිල්පීන් ඇතුඑ පිරිසක් එක්වූ බවද ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.