වසර විස්සක පමණ කාලයක් කලා අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ සුජීව ගුණරත්නයන්ගේ ප්‍රථම සිනමා නිර්මාණය වන %කාල^ මේ දිනවල සිනමා ශාලා රැසක තිරගත වෙයි. මේ කතාබහ කිරීමට ඔහු මෙලෙස 'අද'ට සම්බන්ධ කර ගතිමු.
Q ජනකතාවක් පාදක කරගෙන සිනමා නිර්මාණයක් කරන්න හිතුවේ ඇයි?
ඒකට කාරණා කිහිපයක් තිබෙනවා. මේ වනවිට රජකතා මිනිසුන් ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. නමුත් අපේකම තිබෙන දෙයක් සමාජගත කරන්න ඕන කියලා හිතුණාම එයට හොඳම දේ අපේ මේ ජනකතා කියලා මට හිතුණා. ජනප්‍රවාද, ජනශ්රැති මේ වනවිට සමාජයෙන් බැහැරව පවතින්නෙ. ඒ නිසා ජනකතා සමාජගත කිරීම ඉතා හොඳ තත්ත්වයක් කියලා මට හිතුණා. ඒකයි %කාල^ සිනමා නිර්මාණයට ජනකතාවක් පාදක කර ගත්තේ. මට විශ්වාසයක් තිබුණා මේ ජනකතා ප්‍රේක්ෂකයන් වැලඳ ගනියි කියලා.
Q නමුත් මේ ජනකතාව සිනමා නිර්මාණයක් ලෙස ගෙන එද්දි එහි මුල් විනාඩි කිහිපය මන්දගාමී වගේම ටෙලිනාට්‍ය ස්වරූපයක් පවතින්නෙ?
විචාරකයන් එහෙම කියනවා. විචාරකයෙක් කියන්නේ එක පුද්ගලයෙක්. නමුත් ඒ එක් එක් පුද්ගලයාට සාපේක්ෂව හිතෙන දේ ප්‍රකාශ කරන්න අයිතිය නිදහස තිබෙනවා. නමුත් වේදිකා නාට්‍යය, ටෙලිනාට්‍යය, චිත්‍රපට කියන මාධ්‍ය තුනේම මම සැරිසරලා තිබෙනවා. මම මාධ්‍ය තුන තුළම ක්‍රියාකරලා තිබෙනවා. මම කියන්නේ මෙහෙම විවේචනය කරන්න කලින් විචාරකයා හඳුනාගෙන ඉන්න ඕන මේ මාධ්‍ය තුන මොකක්ද කියලා. මාධ්‍ය හරියටම නොදැන මේ ගැන විචාර ලියවෙන කාරණා තිබෙනවා. මම කියන්නේ නිර්මාණයක් කරද්දි නින්දා, පැසසුම්, විචාර සියලු දේම විඳින්න සූදානම් වෙන්න ඕන. විචේචනය නොකර විචාර කරනවාට මම කැමැතියි.
Q ඒ වගේම මේ චිත්‍රපටයේ කේන්ද්‍රීය කතාවට පරිබාහිර චරිත හා සිදුවීම් යොදාගෙන තිබෙනවා කියන කාරණයත් කතාබහට ලක්වෙනවා?
අපේ සරල සමාජය ගන්න. මම විතරද මෙහි ජීවත් වෙන්නේ. යථාර්ථය මොකක්ද? මම ඇසුරු කරන ප්‍රමාණය ගත්තත් මම වටා කීදෙනෙක් ඉන්නවද? මෙහෙම චරිත තිබිය යුතුයි. තුන්හතර දෙනෙක් දාගෙන සිනමා නිර්මාණයක් කරනවාද, යථාර්ථයට මුහුණ දෙනවාද කියන එක අපි තීරණය කළ යුතුයි. ඒ නිසා ඕනම පුද්ගලයෙකුට එහෙම චරිත විශාල ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. නමුත් ඒ හැම කෙනාගෙන්ම අපට බොහෝ කාරණා ලබාගන්න තිබෙනවා. ඒ නිසා මම කියන්නේ ඒක ඔය කතා කළාට සරල කාරණාවක්.
Q නමුත් සිනමා නිර්මාණයක් කියන්නේ පවතින යථාර්ථයම නෙමෙයි නේද?
ඔව්. යථාර්ථයම නෙමෙයි. යථාර්ථයම විය යුතු නෑ. මිනිස්සුන්ට විශ්වාසනීයත්වය තිබිය යුතුයි. මම මගේ දේ කළා. එය තේරුම් ගැනීම ප්‍රේක්ෂකයා සතු වගකීමක්. මම මගේ වැඩේ සිදුකර අවසන්.
Q ඔබ සඳහන් කළා මේ ජනකතාව ප්‍රේක්ෂකයන් වැලඳ ගනියි කියන විශ්වාසය ඔබ තුළ තිබූ බව. මේ වනවිට සිනමා නිර්මාණය තිරගත වෙනවා. ඒ විශ්වාසය යථාර්ථයක් වෙලා තියෙනවද?
අපේකම කියන හැඟීම තිබෙන මිනිසුන් අපේ රටේ නැතුව නෙමෙයි ඉන්නවා. ඒ මිනිසුන් පවුල්පිටින් ඇවිත් මේ චිත්‍රපටය නරඹනවා. පසුගිය කාලයේ ස්වාභාවික කාරණා සහ යම්යම් බලපෑම් අපට තිබුණා. ඒ කාරණා මත ප්‍රේක්ෂකයන් යම් ප්‍රමාණයකට අඩු වුණත්, මේ වනවිට ප්‍රේක්ෂකයන් නැවතත් සිනමා ශාලා කරා පැමිණෙනවා. තෙල් ප්රශ්නය, සවස් කාලයේ පැවැති කාලගුණික තත්ත්වය බලපෑවා. ඒ වගේම මේ වනවිට පවතින ප්‍රධාන කාරණය පාසල් දරුදැරියන් මේ සිනමා නිර්මාණය නැරඹීමට ගෙන්න ගන්න අපහසු තත්ත්වයක් තිබෙනවා. පාසල් අවසන් වාර විභාගය නිසා දෙමවුපියන් ළමයින් එයට යොමුකරන ප්‍රවණතාව වැඩියි. ඒ නිසා දෙසැම්බර් මස තමයි විශාල ප්‍රේක්ෂක පිරිසක් බලාපොරොත්තු විය හැක්කේ.
Q බලපෑම් පැවතුණා කියා ඔබ සඳහන් කරන්නේ?
යම් යම් බලපෑම් මත තමයි මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට සූදානම් වෙන්නේ. ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති හා කාර්යමණ්ඩලය එය හොඳින්ම දන්නවා. සමහර සිනමා ශාලාවල මගේ චිත්‍රපටයේ එක 'ෂෝ කාඩ්' එකක්වත් අද වනතුරු ප්‍රදර්ශනය කළේ නැහැ. මේක දැඩි උපක්රමශීලි වැඩක්. මට එය ඔප්පු කළ හැකියි. මේ සිනමා කර්මාන්තයේ බෙදාහැරීමේ ක්‍රමවේදය තුළ විශාල මාෆියාවක් පවතිනවා. මේ මාෆියාව තුළ හතර, පස්දෙනෙක් මෙහි ආධිපත්‍ය රඳවා ගන්න උත්සාහ කරනවා. අප වැනි අංකුර කලාකරුවන්ට, අංකුර සිනමාකරුවන්ට මේ ක්ෂේත්රයට අවතීර්ණ වෙන්න ඉඩහසර සලසා දෙන්නේ නැහැ. එයට බලපෑම් කරනවා. නව නිෂ්පාදකයන් නිර්මාණය විය යුතුයි.
ලත්තැන ලොප් කරන්න උත්සාහ කරන පිරිසක් සිටිනවා. මේ වනවිට රූගත කර මාස හයක්වත් ගතවී නැති චිත්‍රපටයක්, අවුරුදු ගණනක් බලන් සිටින සිනමාකරුවන් සිටියදී ප්‍රදර්ශනය කරන්න දින වකවානු ලැබෙනවා. 'කාල' සිනමා නිර්මාණයත් ගලවලා එය තිරගත කරන්න තමයි උත්සාහ දරමින් ඉන්නෙ. ඔවුන් ප්‍රචාරණ කටයුතු ආරම්භ කරන්නේ 'කාල' සිනමා පටයට දින ලැබෙන්නත් පෙර සිට. දෙසැම්බර් නිවාඩුව අරමුණු කරගෙන තමයි මෙය සිදුවෙන්නේ. මේ කාරණාව මම චිත්‍රපට සංස්ථාවටත් සඳහන් කළා. දැන් තිබෙන ක්‍රමවේදය එක්ක දිනක දර්ශන වාර හතරක් තිබේ නම්, හතරෙන් තුනක් එක් සිනමා නිර්මාණයකට, තව එකක් තවත් සිනමා නිර්මාණයකට ලබාදීමට ඔවුන් කටයුතු කරනවා. සමහර සිනමා ශාලාවල දර්ශන වාර දෙකක් එක චිත්‍රපටයකට, අනෙක් දර්ශනවාර දෙක තව චිත්‍රපටයකට ලබාදෙනවා. සිනමාකරුවාට අවශ්‍ය ලෙස ඔවුන් දර්ශන මාරු කරනවා. චිත්‍රපට සංස්ථාවෙන් කිසිම පියවරක් ගන්නේ නැහැ. මණ්ඩල පහ කියන්නේ චිත්‍රපට සංස්ථා පහක් වගේ වෙලා. මෙහි නිසි ක්‍රමවේදයක් නැහැ.
Q මේ තත්ත්වය තුළ ඉදිරි නිර්මාණ කටයුතු ගැන සඳහන් කළොත්?
මට යහපත් දෙයක් සමාජගත කරන්න අවශ්‍යයි. ප්‍රේක්ෂකයන්ගේ වින්දනයට, බුද්ධිමණ්ඩලයට දෙයක් ලබාදිය හැකිනම්, කලාකරුවෙක් ලෙස මා ලබන උපරිම තෘප්තිය එයයි. මේ සිනමා නිර්මාණයටත් දායක වූ පිරිසක් සිටිනවා. ඔවුන් මතක් කළ යුතුයි. ඩී.කේ. ආටිගල තිර රචනය සිදුකළේ, දර්ශන රුවන් දිසානායක සංගීතය, චන්දන ලියනගේ කැමරාකරණය, මහේන්ද්‍ර පෙරේරා, විශ්ව කොඩිකාර, සූර්යයා දයා රුවන් ඇතුළු රංගන ශිල්පීන් පිරිසක් දායක වුණා. මේක සාමූහික ක්‍රියාවලියක්.
මේ චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතුත් සිදුවුණේ පවුලෙම අය විසින්. මගේ බිරිඳ නදීරා බමුණුසිංහ, ඇයගේ පියා ආනන්ද බමුණුසිංහ, ප්‍රදීප් ලක්ෂාන්ත අපි එකතු වී කළ නිෂ්පාදනයක්. තව නිර්මාණයක් කරන්න තව කාලයක් ගතවෙයි. මම ටෙලිනාට්‍යයක් නිමකර තිබෙනවා. එය විකාශය වීමට නියමිතයි.