කඩදාසියක් මත සිතුවම් කිරීමෙන් පමණක් ලොව ජයගැනීමට නොහැකි බව අද වනවිට ලොව බොහෝ කලාකරුවන් පෙන්වා දී අවසන්ය. එවැනි තරගකාරී පසුබිමක ළබාල නිර්මාණකාරියක තම අනාගතයට මඟ පාදා ගැනීම සඳහා කොපමණ වෙහෙසිය යුතුද? එවැනි වෙහෙසීමක් තුළ මේ වනවිට ලොව බිහිවී ඇති සුවිශේෂී සිතුවම් ශිල්පියෙකු බවට ක්‍රිස්ටිනා වෙබ් පත්ව හමාරය.
ක්‍රිස්ටිනා වෙබ් යනු ළාබාලතම කලාත්මක සිතුවම් ශිල්පිනියකි. ඇගේ මෙම හැකියාව තුළ ඇය ලොවම කතාබහට ලක්වී හමාරය. මේ වනවිට ඇය සම්පූර්ණ වශයෙන්ම වෙළෙද නාමයක් වී හමාරය. 1995 වර්ෂයේ උපන් ඇය නවසීලන්ත ජාතික තරුණියකි.
ඇගේ සිතුවම් හැකියාව වෙනස්ම මගකින් සමන්විත වේ. ඉවතලන පැන්සල් ද්‍රව්‍ය, මල් පෙති වැනි විවිධ වර්ණයන්ගෙන් හෙබි ද්‍රව්‍ය උපයෝගී කරගනිමින් ඇය සිතුවම් නිර්මාණය සඳහා පෙළඹී ඇත. 2012 වර්ෂයේදී ඇය තම සිතුවම් අන්තර්ජාලය වෙත මුදාහැරීමත් සමග ලොවම කතාබහට ලක්වූ චරිතයක් විය.
ළාබාල වයසේ මෙවැනි හැකියාවක් තුළ විවිධ මගක් සොයා ගැනීමට ඇය දරණා උත්සාහය ගැන ඇගේ රසිකයන් බොහෝ සේ සතුටු විය. කලාවට ළැදි ඇගේ රසිකයන්ගේ උපදෙස් සහ අවවාදයන් ඔස්සේ මෙම ළාබාල සිතුවම්කාරිය පැමිණි මග පිළිබඳව අද ඇය තුළ ඇත්තේ ප්‍රීතියකි. ඇයගේ රසිකයන් පවසන ආකාරයට ක්‍රිස්ටිනා විසින් නිර්මාණය කරන සිතුවම් ජීවමාන බවක් උසුලයි. එයට හේතුව ලෙස ඔවුන් පවසන්නේ මල් වැනි ද්‍රව්‍ය යොදා සිතුවම් නිර්මාණය කිරීමේදී එයට ලබාදෙන සුවඳ සහ නැවුම් බව තුළින් සිතුවම සඳහා නව පණක් ලබාදීම නිසා බවයි.
ඇය තම නිර්මාණ තුළ විශේෂ උනන්දුවක් දක්වන්නේ වර්ණ සංකලනය සඳහාය. ඇය සිතුවම් කරනා සිතුවම් සඳහා ඉතාමත් අලංකාර වර්ණ උපයෝගී කර ගනියි. ඇය ඉවතල ද්‍රව්‍ය තුළින් නිර්මාණය කරන මෙම සිතුවම් ඉතාමත් අධික මිලකට අලෙවි වී ඇත.
ඇය නිර්මාණය කළ ඉන්ස්ටග්‍රෑම් හරහා ඇති අනුගාමිකයන් සඳහා මිලියන 300ක් පමණ වෙති. ඇය සිතුවම් කරන ලද ඩිස්නි සිතුවම් සඳහාද විශේෂ ස්ථානයක්ද හිමිව තිබේ. ඩිස්නි චරිත සඳහා ඇය නව පණක් එක්කොට ඇත්තේ එම සිතුවම් කාලීන කරමිනි. ඊට අමතරව ඇය විසින් ත්‍රිමාන ආකාරයට සිතුවම් කරනා සිතුවම් සඳහාද විශාල වෙළෙඳ පොළක් ගොඩනැගී තිබේ. ඇය විසින් සිතුවම් කරන ලද සිතුවම් අන්තර්ජාලය තුළ අලෙවිය සඳහාද ඇත. විවිධ නිර්මාණ ගොනු කර ඇය විසින් පොත් කිහිපයක්ද අලෙවි කිරීමට අන්තර්ජාලය එක්කොට ඇත. එම පොත් කිහිපයක් ඉතාමත් අධික මිලට අලෙවි වන බවටද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.