Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 20 වන සඳුදා
2025 ජනවාරි මස 20 වන සඳුදා
ප්‍රගතියක් තියෙනවා. ටෙලිවිෂන්වල එකපාරම ප්රබෝධයක් දකින්න ලැබෙන්නේ නැහැ. ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගන්න කාලයක් යනවා. මේක කාලයක් යන ගනුදෙනුවක්. අපි ජනප්‍රිය සංස්කෘතියේ ටෙලිවිෂන් එකක් නෙමෙයි හදන්න යන්නේ. ඒ නිසා මේක උඩුගම් බලා පීනනවා වගේ වැඩක්. අපි කරන්න හදන්නේ දේශීය අපේකමට, අපේ මිනිසුන්ට ගැළපෙන ටෙලිවිෂන් එකක් ඇති කිරීමයි. එය එක්වරම කරගන්න හැකියාවක් නැහැ. ඉන්දියානු ටෙලිනාට්‍ය දෙකක්, කොරියානු ටෙලිනාට්‍ය දෙකක් හඬකවා රූපවාහිනියට ගෙනාවා නම් මේ නාළිකාව ජනප්‍රිය කරගන්න තිබුණා. නමුත් අපි ඉන්නේ එතන නෙමෙයි. අපි ඉන්නේ දේශීය දේත් එක්කයි. මේ වන විට දිනකට පැයක් දිවෙන 'සූරිය නෑයෝ' කියන ටෙලිනාට්‍ය විකාශය කරනවා. එය අපේ කලාකරුවන් සිදුකරන, අපේ උරුමයන්, අපේ දේවල් ගැන කතා කරන ටෙලිනාට්‍යයක්. එයට ප්‍රේක්ෂකාගාරය යොමුකර ගැනීමේ උත්සාහයක තමයි අපි ඉන්නේ. ඒ නිසා එකපාරට කෙනෙකුට දැනෙන්න පුළුවන් මේ නාළිකාවේ මොකුත් වුණේ නෑ නේද කියලා. මේ නාළිකාවේ දෙයක් වෙනවා. උදාහරණයක් ලෙස වර්තමාන ආණ්ඩුව දිහා හුඟදෙනෙක් බලන් ඉඳලා කියන්නෙත් මොකුත් සිදුවුණේ නෑ කියලනේ. නමුත් දෙයක් සිදුවෙනවා. ඒ වෙන දේවල් පිළිබඳ නිවැරදි අවබෝධයක් නොමැති වීම තමයි තිබෙන ගැටලුව. එය ජනතාව අතරින් මතුවෙන්න ටික කාලයක් ගතවෙනවා. ඔය සෑම නාළිකාවක්ම එකවර ජනප්‍රියත්වයට පත්වූයේ නැහැ. වසර පහ හයක් ගිහින් තමයි ජනප්‍රියත්වයට පත්වෙන්නේ. ඒ ගමනේ තමයි අපිත් ඉන්නේ.
ඒක සම්පූර්ණ බොරුවක්. ඒක අපිව අපහසුතාවට පත්කරන්න කවුරුහරි කළ දෙයක්. ඒකට විරුද්ධව කොමිසමටත් අපි ලිපියක් ඉදිරිපත් කළා. අපේ එහෙම සම්බන්ධයක් නෑ. එහෙම කතා ඕන කෙනෙක්ට හදන්න පුළුවන්. බැඳුම්කර කතාව හතරවටේම අරන් ගියානේ. බැඳුම්කර සල්ලි ලැබුණා නම් මීට වඩා ගොඩක් දේ අපිට කරන්න තිබ්බා.
නෑ එහෙම පිරිසක් මේ නාළිකාවෙන් ඉවත් වුණේ නෑ. අපේ ප්රවෘත්ති අංශයේ කිහිපදෙනෙක් ඉවත් කළා. ඒකට හේතුව වුණේ ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය සම්බන්ධව ඇති වූ ගැටලුවක්. අපි විනය පිළිබඳ තරයේ ක්‍රියාත්මක වෙනවා. ඒ සම්බන්ධ තිබූ ආයතනික මත ගැටුම් කිහිපයක් උඩ ප්රවෘත්ති අංශයෙන් කිහිපදෙනෙක් ඉවත් කළා. ඔවුන් මෙහෙ පෙර සිටි පිරිසක්. ඒක ආයතනයෙන් ගත් තීරණයක්.
නාළිකාවක් රේටින් කියන ප්රශ්නය ජයගන්න ඕන. මේ තියෙන ක්‍රමවේදය ඇතුළේ %රේටින්^ කියන එක ඉතාම වැදගත් වෙලා තියෙනවා. ඒක ජයගන්න ඕන. ඒක ජයගන්න නාළිකා විවිධ උපක්‍රම භාවිත කරනවා. අපි ඉතා සුබවාදී තැනක ඉඳගෙන ඉතා සුබවාදී උපක්‍රම භාවිත කරනවා. අනෙක් නාළිකා විදේශීය ටෙලිනාට්‍ය තමයි විකාශය කරන්නේ. විදේශීය ටෙලිනාට්‍ය එක්ක තරග කරනවා කියන්නේ ලෙහෙසි පහසු කාරණයක් නෙමෙයි. ඔබ කලින් ඇහුවේ කෝ අර පටන්ගත්ත ගැම්මට දෙයක් වෙලා නෑනේ කියලා. නමුත් අපිට තරග කරන්න සිද්ධ වෙලා තියෙන්නේ මහා කුමන්ත්‍රණයක් එක්ක. කුමන්ත්‍රණයක් එක්ක තරග කරනකොට ඒ කුමන්ත්‍රණය දිහා බලාගෙන ගමන් කළ යුතුයි. ඒක පීනන්න නම් වතුරට බහින්න ඕන වගේ වැඩක්. ඒ අභියෝගයත් එක්ක තරග කරමින් තමයි අපි යන්නේ.
ඉඩක් තිබෙනවා. ඇයි හැම අයවැයකින්ම හාල්මැස්සෝ මිල අඩු කරන්නේ. හැම අයවැයකම පළවෙනි දේ හාල්මැස්සන්ගේ මිල රුපියල් දහයකින්වත් අඩු කිරීම. මොකද ලංකාවේ මිනිස්සුන්ට හාල්මැස්සෝ බත් වගේ දෙයක් බවට පත්වෙලා. අපේ ජාතික ආහාරය බත්නේ. එහෙනම් හාල්මැස්සෝ කොහෙන්ද ආවේ. බත් ජාතික ආහාරය වුණත් ජාතික අයවැයේ ප්‍රධාන ආහාරය වෙන්නේ හාල්මැස්සා. ඒකනේ ඒක අඩු කරන්නේ. ඒ වගේ මේ ටෙලිනාට්යයවලත් හොඳ දේ පැත්තකින් තියෙද්දි ඉන්දියානු ටෙලිනාට්‍ය වැලඳ ගන්නවා. ඉන්දියානු ටෙලිනාට්‍ය කියන්නේ රස ආකර. ඒ ගැන කතා කරන්න දෙයක් නැහැ. ඉන්දියාව, කොරියාව, ජපානය ඉන්නේ ඉතා හොඳ තැනක. ඔවුන් පැයක ටෙලිනාට්‍ය කොටසක් වෙනුවෙන් ඉන්දියානු රුපියල් ලක්ෂ 25ක් වියදම් කරනවා. එහෙම සංස්කෘතියක් තුළ ව්‍යාපාරික ගනුදෙනුවකට හදපු ටෙලිනාට්‍යයක් අපේ ඉතා අඩු මුදලකට නිම කරන ටෙලිනාට්‍යයක් සමග තරග කරන්න තිබෙන පරාසය බලන්න. ප්‍රේක්ෂකාගාරය ඇබ්බැහි වීමේ කිසිම තර්කයක් නැහැ. නමුත් ඇබ්බැහි කළේ කවුද? අපිම තමයි. ඒකට ප්‍රේක්ෂකාගාරයට දොස් කියලා ඵලක් නෑ. 'දඬුබස්නාමානය', 'දූදරුවෝ', 'නෑදෑයෝ', 'ගම්පෙරළිය' අපි බැලුවේ නැද්ද? අර හාල්මැස්සන්ගේ මිල අඩු කළා වගේ අපි වෙන කුණු රහකට ප්‍රේක්ෂකාගාරය තල්ලු කළා. එතැනින් වෙනස් වෙන තනි සටනක තමයි අපි ඉන්නේ. මම හිතනවා ඉදිරියේදී ඒ දේ වෙනස් වෙයි කියලා.
මීට වසර ගණනකට පෙර මම සහ අපේ කණ්ඩායම බරපතළ ලෙස බදු වැඩි කිරීමේ ක්‍රමවේදයට මැදිහත් වුණා. මීට වසර දෙකකට පෙර ලක්ෂ තුනක් දක්වා බදු වැඩි කිරීම සිදුකළා. නමුත් එය ක්‍රියාත්මක වුණේ නැහැ. මෙවර මංගල සමරවීර ඇමතිවරයා මුදල් ඇමති බවට පත්වුණාම අපිට තිබූ සබඳතා උඩ ඔහුව දැනුවත් කළා. ටෙලිනාට්‍ය කර්මාන්තය තුළ අපි දන්න තරමින් පන්දහසක් පමණ පෝෂණය වෙනවා. ඒ සියලුදෙනාගේ පවුල්වලට මෙය බලපාලා තියෙනවා. ඒ නිසා තමයි මේ යෝජනාව අපි ඔහුට ගෙන ආවේ. මෙවර අයවැයෙන් අපේ ඉල්ලීම ඉටුකරලා තිබ්බා. මෙයට සංවිධාන කිහිපයක්ම එකතු වුණා. මෙය ටෙලිනාට්‍ය ක්ෂේත්රයට වූ ඉතා සුභවාදී කාරණයක්. එහි ප්‍රතිඵල තව මාස දෙක තුනකින් ප්‍රේක්ෂකාගාරයට භුක්ති විඳින්න හැකි වෙයි.
මේ මොහොතේ බදු වැඩිකිරීමට හැකි වීම කියන කාරණාව විවිධ සංවිධාන දේශපාලනිකව බෙදාගන්න හදනවා නේද?
අපි තුන්වෙනි ලෝකේ රටක්නේ. හොඳ දෙයක් සිද්ධ වුණාම මේක අපි කළේ කියලා බෙදාගන්න කැමතියිනේ. මං ඒකයි කිව්වේ මේකට සංවිධාන කිහිපයක් එකතු වුණා කියලා. කවුරු දිනාගත්තත් ප්‍රතිඵල හොඳ නම් ඒක හොඳයි. ජයග්‍රහණයට පියවරු වැඩියිනේ. මහින්ද රාජපක්ෂ මහතා පරද්දලා මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කළ වෙලාවෙත් මේ රටේ මෛත්‍රීපාල සිරිසේන මහතා දිනවන්න කටයුතු කරපු අය හරියට හිටියා. නමුත් ජයග්‍රහණය කරන්න පෙර හරි අතළොස්සයි දේශපාලන ගනුදෙනුව තුළ හිටියේ. ඒ අය පැත්තක. දන්න අය දන්නවා කවුද වෙහෙසුණේ කියලා. එක දිනක මේ වෙනුවෙන් පුස්තකාල ශ්රවණාගාරයට විශාල ප්‍රමාණයක් ගෙන්වනු ලැබුවා. ඒ පිබිදීම බරපතළ ලෙස සිටියා. මේ දේවල් දිනාගන්න ගිය සමහර සංවිධානවල අයට පරිගණකයක් ලබා දීලා තව මොනවා හෝ පගාවක් දීලා නිහඬ කළ අයත් මේ තුළ හිටියා. කාට වුණත් හෘදසා ක්ෂියට උත්තර බඳින්න වෙනවා.
ඔවුන් කියන්නේ හඬකැවීම් ශිල්පීන්ට මේ තුළින් අසාධාරණයක් වෙනවා කියලා. ඔවුන් මින් ඉවත් කරන්න ඕන කොටසක් නෙමෙයි. නමුත් එහි නියැළිලා ඉන්නේ බොහොම සුළු පිරිසක්. කිතුල් ගහට නැගපු මිනිහටත් කියන්න දෙයක් තිබ්බා වගේ කතානේ ඔය. ඒ නිසා ඒක සාධාරණ නෑ. ඒ කතා කරන අය කතා කරද්දි බලන්න ඕන තමන්ගේ නිරුවත කොතරම් ප්‍රදර්ශනය කරනවාද කියලා. රටක පොදුවේ යමක් කතා කරනවා නම් තමන්ගේ හෘද සාක්ෂියට එකඟවෙන්න ඕන. මම නාළිකාවක ප්‍රධානියා ලෙස අවස්ථාවාදී මිනිසෙක් වෙලා කතා කරනවා නම් මම රට වෙනුවෙන් නෙමෙයි කතා කරන්නේ. දෙබස් කැවූ ටෙලිනාට්‍ය විකාශය කිරීම අපිටත් වාසියි. නමුත් වාසනාවකට පාලනාධිකාරිය මේ ප්රකාශයන්ට අකමැතියි. බදු ඉවත් කිරීම තුළ සමාජයට කරන්නේ අසාධාරණයක් කියන තැන පාලනාධිකාරිය ඉන්නවා. ඒ වාසිය අපිට ලැබුණා. තව මාස හත අටක් යන විට හොඳ තත්ත්වයක් ඇතිවෙයි. දේශීය ටෙලිනාට්යකරුවන්ටත් වගකීමක් තිබෙනවා. දැන් ප්‍රේක්ෂකාගාරය ඉන්නේ ඉහළ තැනක. දැන් ඔවුන් ගහක් යට තියලා එහෙම නැත්තම් තාප්පයක් ළඟ නළු නිළියන් තියලා කරන ටෙලිනාට්‍ය කලාව ප්‍රතික්ෂේප කරනවා.
ඒක කළේ අපිමයි. එක නිර්මාණකරුවෙක් ගිහින් ලක්ෂ දෙකයි කියලා කියනකොට තව කෙනෙක් නෑ මම එකයි පනහට කරල දෙන්නම් කියනවා. තව කෙනෙක් ඇවිත් නෑ මම අසූදාහට කරල දෙන්නම් කියනවා. රුපියල් අසූදාහටත් මේ රටේ ටෙලිනාට්‍ය නිර්මාණය වෙනවා. මේක ඉතාම කුහක පිරිසක් ජීවත් වෙන කර්මාන්තයක්. බදාගෙන ඉබගෙන එකපත කාගෙන ඉන්නවා වගේ කතා කළත් එහෙම නෑ. එකිනෙකාට හොරෙන් තමන් ගැන හිතලා වැඩ කරනවා. ඒ නිසා තමයි මේ තත්ත්වය ඇති වුණේ. අපේ සංවිධාන ගොඩක් තිබෙනවා. නමුත් ඒකමතික තීරණයකට ඇවිත් අපි ලක්ෂ දෙකකට අඩුවෙන් ටෙලිනාට්‍ය දෙන්නේ නැහැ කියල කියන තැනකට ආවෙ නෑ. මේක බාල තැනකට තල්ලු වුණේ ඒ හින්දා තමයි. මම මෙතන ප්‍රධානියා ලෙස කෙනෙක් ඇවිත් කිව්වොත් මම රුපියල් අසූදාහකට ටෙලිනාට්‍යයක් කරලා දෙන්නම් කියලා, මම නොගෙන ඉන්නවද? මම ඒ වෙලාවට මේක කර්මාන්තයට හොඳ නෑ කියල කියන්නෙ නෑ. එතනදී මම ආයතනයේ ඉන්න කෙනා. මේ තත්ත්වය ඇති කළේ ඉන්න නිර්මාණකරුවන්. දැන් එය ගොඩදාන්න හැකියාවක් නෑ.
අපිට තිබෙන්නේ මහජනතාවගේ දේශපාලනය. මහජනතාව වෙනුවෙන් පෙනී සිටීමේ දේශපාලනයක් තිබෙන්නේ. බරපතළ ලෙස මම දේශපාලනිකයි. මම කාලාන්තරයක් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් සිටිය කෙනෙක්. මම මේ නාළිකාව ඇතුළට මගේ දේශපාලනය ගෙනත් නැහැ. ගේන්නෙත් නැහැ. ඒක හරි අපරාධයක්. රටක රූපවාහිනී නාළිකාවකට රජයක් විසින් ලයිසන් එකක් ලබාදෙන්නේ අයිතිකාරයන්ට අවශ්‍ය දේශපාලනය කරන්න නෙමෙයි කියන එකයි මගේ මතය. මේක පොදු ගනුදෙනුවක්. මහජනතාවට විනෝදාස්වාදය, දැනුම ලබාදෙන පරමාර්ථය උඩ තමයි බලපත්‍ර ලබාදෙන්නේ. එය දේශපාලනික කිරීම ඉතා බරපතළයි. අපට දේශපාලනයක් නෑ. අපේ ප්‍රවෘත්තිත් හරි මධ්‍යස්ථයි. ඒ නිසාම අපිට හරි ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙලා. ප්රවෘත්ති විකාශයක් දේශපාලනික වුණාම ජනප්‍රිය කරගන්න ලේසියි. ආණ්ඩුව ගොඩදාන්න දේශපාලනය කරලා වැඩක් නෑ.
මට චිත්‍රපටයක් කරන්න ආසාවක් තිබෙනවා. එය ලබන වසරේ සිදුකරන්න බලාපොරොත්තු වෙනවා. මං එක චිත්‍රපටයක් කළා. තව එක චිත්‍රපටයක් කිරීමේ ආසාව තිබෙනවා.
සිනමා කර්මාන්තය තුළත් ලොකු අර්බුදයක් තිබෙනවා. අපේ සිනමා කර්මාන්තය කාලෙකදි ඉතා සශ්‍රීක කර්මාන්තයක්. සිනමා කර්මාන්තයක් ලෙසයි හැමෝම වැඩ කළේ. දැන් කලාවක් ලෙසයි වැඩ සිදුකරන්නේ. කලාව හා කර්මාන්තය සම සමව තිබුණ නම් හොඳ තත්ත්වයක් තියෙයි. දැන් කරන්නේ චිත්‍රපටයක් නිර්මාණය කරලා සිනමා උලෙළකට යොමු කරලා සම්මාන ලබාගෙන, විදේශීය රූපවාහිනී නාළිකාවකට එය පෙන්නලා සම්මාන ලැබුණ බව සඳහන් කරලා වියදම හොයාගන්න එකයි. පුංචි රාමුවක් ඇතුළේ සතුටුවෙන තත්ත්වයක් තමයි තිබෙන්නේ. ඉන්දියානු සිනමාව ගත්තොත් එය විශාල කර්මාන්තයක් ලෙසනේ අපි දකින්නේ. සල්මන් ඛාන් වසර පහකට සිරගෙට යොමු කරනවා. ඒ සමගම ගන්න ඇපිල් එකේදි ඔහු නිදහස් කරනවා. එය තනිකරම දේශපාලනිකයි. සල්මන් ඛාන් වසර පහකට සිරගත කළොත් ඒ රටේ සිනමාව අවුරුදු දහයකට පස්සට යනවා කියලා ඉන්දියානු රජය දන්නවා. එය ඉන්දියානු රජයට බරපතළ ලෙස බලපානවා. සිනමාව, ටෙලිනාට්‍ය තුළින් ඉන්දියානු ජනතාවගේ ප්‍රශ්න රැසක් අමතක කර දමනවා. ඒක සූක්ෂම දේශපාලන ක්‍රියාවලියක්. ඉන්දියානු රජය මේ දේවල් හොඳින් හඳුනාගෙන තිබෙනවා. නමුත් ලංකාවේ රජයට කලාකරුවෙක්ව, කලාව, රූපවාහිනී නාළිකා හඳුනාගන්න බැහැ. අපේ දේශපාලනය තිබෙන්නේ බාල තැනක. කරන්නෙම තක්කඩි වැඩ. කරන්න තියෙන හිඟන වැඩ මහා පරිමාණයෙන් කරනවා. නමුත් පාරේ ඉන්න හිඟන්නා අල්ලලා හිරේ දානවා. නැත්නම් කොහේ හරි ගිහින් දානවා. මේ එක පාලකයෙකුටවත් ඒ දර්ශනය නැහැ. ඒ නිසා ඒ වටිනාකම ලැබෙන්නෙත් නැහැ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd