ඇමරිකානු සුප්‍රකට වෙළෙඳ සඟරාවක් වන ෆෝබ්ස් (Forbes) සඟරාව විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත්කරන අන්දමට, මෙම වර්ෂයේදී (2013 ජූනි මස සිට 2014 ජූනි මස දක්වා කාල පරාසය තුළ) හොලිවුඩයේ වැඩිම ආදායම් උපයන නිළියන්ගේ ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය හිමිකර ගන්නට සුපිරි නිළි සැන්ඩ්‍රා බුලොක් සමත්ව සිටින්නීය. මෙම පුවත පසුගියදා (04) දිනයේ ප්‍රකාශයට පත්කරනු ලැබූ අතර, ඔස්කා සම්මානලාභී සැන්ඩ්‍රා බුලොක්ගේ පසුගිය වර්ෂය තුළ ආදායම ඇ.ඩො. 51ක් බව සඳහන් ව තිබේ.
50 වැනි වියේ පසුවන සැන්ඩ්‍රා පසුගිය වර්ෂය තුළ ලොව පුරා තිරගත වෙමින් ඇ.ඩො මිලියන 716 ක පමණ ආදායමක් ඉපයීමට සමත් වූ අභ්‍යවකාශ ත්‍රාසජනක චිත්‍රපටයක් වන Gravity චිත්‍රපටය හේතුවෙන් අතිශය ජනප්‍රියත්වයට පත්වූවාය. මෙම සිනමා නිර්මාණය ඔස්කා සම්මාන 7ක්ම හිමිකර ගැනීමටද සමත් විය. 2010 වර්ෂයේ The Blind Side චිත්‍රපටය හේතුවෙන් ඔස්කා සම්මාන උලෙළේ හොඳම නිළියට හිමි සම්මානය හිමි කර ගැනීමට සමත් වූ බුලොක් ගියවර වැඩිම ආදායම් ලබන නිළි ලැයිස්තුවේ පසුවූයේ 7 වෙනි ස්ථානයේය.
කෙසේ වෙතත් මෙම ලැයිස්තුවේ දෙවෙනි ස්ථානය හිමිකර ගැනීමට සමත් වී තිබුණේ සුපිරි නිළි ජෙනිෆර් ලෝරන්ස්ය. ඇය පසුගිය වර්ෂය තුළ ඇ.ඩො මිලියන 34ක් ආදායමක් උපයාගෙන තිබුණි. තෙවෙනි ස්ථානය හිමි වී තිබුණේ ඇ.ඩො මිලියන 31ක ආදායමක් උපයා ගත් ජෙනිෆර් ඇනිස්ටන්ටය.
හොලිවුඩයේ වැඩිම ආදායම් ලබන නළුවන්ගේ ලැයිස්තුවේ මෙවරද පෙරමුණ ගැනීමට රොබට් ඩවුනි ජූනියර් (Robert Downey Jr.) සමත්වීම සුවිශේෂත්වයකි. ඔහු උපයා ගනු ලැබූ ආදායම ඇ.ඩො මිලියන 75කි. එමෙන්ම මෙම ලැයිස්තුවේ දෙවැනි තැන ඇ.ඩො මිලියන 52ක් ඉපයූ ඩ්වෙන් ජොන්සන් (Dwayne Johnson) සහ තෙවැනි ස්ථානය ඇ.ඩො මිලියන 46ක් ඉපැයූ බ්රැඩ්ලි කූපර් (Bradley Cooper) හිමිකර ගනු ලැබූහ.
අනුෂි දන්තනාරායන