යතුරුපැදි හා වාහනවල ස්ප්‍රේ තීන්ත ආලේපන මගින් සියුම් චිත්‍ර නිර්මාණ මවන තරුණයෙකු මත්තේගොඩ ප්‍රදේශයේදී අපට හමු විය.
ඔහු මත්තේගොඩ පුබුදු මාවතේ පදිංචි ජී.ටී. යසිරු සචින්ත නමැති 23 හැවිරිදි තරුණයකි. කොට්ටාව චන්ද්‍රරත්න මානවසිංහ විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා, වාණිජ අංශයෙන් උසස් පෙළ හැදෑරීමට මහරගම බුවනෙකබා විද්‍යාලයට ඇතුළත් වී එහි උසස් ප්‍රතිඵල ලබාගෙන මේ වනවිටත් තමන්ට සුදුසු රැකියාවක් තෝරාගැනීම වෙනුවට තමන්ගේම ස්ව නිර්මාණ ඇතුළත් ස්වයං රැකියාවක් වෙනුවෙන් යසිරු සචින්ත කැප වී සිටියි.
පාසල් කාලයේ සිට චිත්‍ර විෂයයට දැඩි ඇල්මක් දැක්වූ ඔහු විසින් චිත්‍රයට නගා ඇති විවිධ රාජ්‍ය නායකයන්ගේ, මහ නාහිමිවරුන්ගේ හා ප්‍රසිද්ධ හිමිවරුන්ගේ සිතුවම් ඔහු සතුව තිබෙයි.පින්සල වෙනුවට තාක්ෂණික කුඩා සියුම් උපකරණ උපයෝගී කරගෙන ස්ප්‍රේ තීන්ත වර්ගවලින් මෙම චිත්‍ර නිර්මාණ විවිධ ප්‍රමාණයෙන් සිදුකිරීමේ හැකියාව මෙම තරුණයා සතු වේ.
පොදු ප්‍රවාහන සේවා බස්රථ වල උකුස්සන් හා සුරතල් සතුන්ගේ ඡායාරූප මෙන්ම වෙනත් නිර්මාණ අපූරුවට නිර්මාණය කරමින් හොඳ ආදායම් තත්ත්වයක් ලබාගැනීමට මෙම තරුණයා සමත්ව සිටියි. ඔහුගේ හැකියාවන් හා දක්ෂතා හඳුනාගැනීමට සෞන්දර්ය හා කලා කටයුතු අංශ පිළිබඳ බලධාරීන්ගේ අවධානය මෙතෙක් යොමු නොවීම පිළිබඳ යසිරු සචින්තගෙන් අප කළ විමසීමකදී ඔහු පැවසුවේ තම නිර්මාණ හා සහජ හැකියාවන් පිළිබඳ එම බලධාරීන් දැනුවත් කරන්නේ කෙසේදැයි තමන් නොදැනුවත්ව සිටි බවයි.
077-7466740/ 077-4951006
ඇත්කඳුරේ ජනක් ද සිල්වා