මීට වසර 13කට පෙරරිය ධාවනය කරමින් සිදු කළ රිය අනතුරක් හේතුවෙන් පුද්ගලයෙකු මියයාම සම්බන්ධව චෝදනා ලබා සිටි සුප්රකට බොලිවුඩ් නළු සල්මාන් ඛාන්ට අද (06දා) බරපතළ වැඩ සහිත වසර 05 ක සිර දඬුවමක් නියම කෙරිණි. ඊට අමතරව, රියදුරු බලපත්රය නොමැතිව රිය ධාවනය කිරීම හේතුවෙන් ඉන්දියානු රුපියල් 500 ක සහ මාස දෙකක දඬුවමක්ද පනවා තිබේ. මෙම තීන්දුවෙන් පසු අද (06දා) දිනම ඔහු බන්ධනාගාර ගත කෙරුණු අතර, ඔහුගේ නීතිඥයන් පවසන්නේ මෙම තීන්දුව සම්බන්ධයෙන් හෙට (07දා) මහාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කරන බවයි.