බොලිවුඩය තුළ රිදී තිරයට පෙම්වතුන් කලින් කලට මතුවෙයි. නමුත් සල්මන් ඛාන්ට මෙන්ම දීපිකා පදුකෝනි යන තරුවලට ආදරය කරන්නන්ට තවමත් රිදී තිරය තුළ දැකගත නොහැකි පෙම්වතුන් යුවළ වන්නේද දීපිකා හා සල්මන් යුවළයි.
කෙසේ වෙතත් සල්මන් ඉදිරියේදී සම්බන්ධ වීමට නියමත චිත්රපටයක් සඳහා දීපිකා පදුකෝනි සම්බන්ධ කරගැනීමට නියමිතව තිබුණත්, කාර්යබහුල නිළියක සමග රගපෑම සල්මන් විසින් ප්රතික්ෂේප කර තිබේ.
දීපිකා මේ වනවිට චිත්රපට කිහිපයකම රූගත කිරීමේ කටයුතු සඳහා සම්බන්ධ වී සිටින අතර, සල්මන් පවසන්නේ නවක නිළියක් හෝ දැනට ක්ෂේත්රයේ සිටින ප්රවීණ නිළියක් තමන්ගේ නවතම චිත්රපටය සඳහා සම්බන්ධ කරගන්නා ලෙසයි.