බොලිවුඩ් සුපිරි තරුවක් වන සල්මන් ඛාන්ගේ මීනිමැරුම් චෝදනාවක් යටතේ පැවැතගෙන ආ නඩු විභාගයේ අවසන් තීන්දුව අද (06දා) ලබාදීමට නියමිතව ඇත. මේ වනවිට ඔහු උසාවි සංකීරණය සඳහා ගෙන ගොස් ඇති බව ඉන්දීය පුවත් වෙබ් අඩවි වාර්තා කරයි.
2002 වර්ෂයේදී සැප්තැම්බර් 28 වැනිදා සිදුවූ අනතුර හේතුවෙන් මෙම නඩු විභාගය සිදුවෙයි. එම අනතුරින් 38 වයසේ පසු වූ නූර් උල්හා ඛාන් යන පුද්ගලයා මියගොස් තවත් තිදෙනෙකු බරපතළ තුවාල ලැබීය.
අද දිනයේ විභාග වන අවසාන නඩු විභාගයෙන් විත්තිකරු වන සල්මන් ඛාන් වැරදිකරු වුවහොත් ඔහු වසර 10ක් සඳහා බන්ධනාගාරයට නියම වන බව ඉන්දියානු පුවත් වෙබ් අඩෙවි සඳහන් කරයි. මෙම නඩු විභාගය සඳහා මේවන විට සල්මන් ඛාන් විසින් කෝටි 100කට අධික මුදලක් වැය කර ඇති බවට නිල නොවන ආරංචි මාර්ග පවසා ඇත.
සල්මන් ඛාන්ගේ නිවස වටාද පොලිස් ආරක්ෂාව යොදවා ඇති බවද සඳහන් කරයි. සල්මන් ඛාන් අධිකරණයට පවසා ඇත්තේ තමන් එම අවස්ථාවේ මෝටර් රථය තමන් විසින් ධානවන නොකළ බව සල්මන් පවසා සිටියත් සාක්ෂිවලින් ඔහු එම අවස්ථාවේදී මෝටර් රථය පදවා ඇති බව තහවුරු වී තිබේ.