ජනප්රිය ගායන ශිල්පී නාමල් උඩුගම වෙනුවෙන් 'සමුගන්න දෙන්නෙ නෑ' නමින් සංගීත ප්රසංගයක් අද (2දා) සවස 6.30ට මහරගම, තරුණසේවා සභාවේදී පැවැත්වීමට නියමිතව ඇත. මෙම ප්රසංගයේ පවතින සුවිශේෂත්වය වනුයේ වේදිකාවේ දකින්නට නොලැබෙන ගායක ගායිකාවන් හා නළු නිළියන් 18 දෙනෙක් ගීත ගායනා කිරීමයි.
කසුන් කල්හාර , සුනිල් පෙරේරා, අමල් පෙරේරා, භාතිය - සංතුෂ්, ආත්මා ලියනගේ, රොමේෂ් සුගතපාල , ඉරාජ්, සමිතා, නිරෝෂා, ඕෂධී, අනූෂා ඇතුළු පිරිසක් මෙයට දායකත්වය සපයයි. මෙහි නර්තන නිර්මාණය චන්න විජේවර්ධනයන්ගේ නර්තන කණ්ඩායම විසින් සිදුකරන අතර, නිවේදන කටයුතු මධුමාධව අරවින්ද සහ දුක්ගන්නාරාළ විසින් සිදුකිරීමට නියමිතය. මෙම සංගීත ප්රසංගය සංවිධානය කරනු ලබන්නේ මධුමාධව අරවින්ද පදනම මගිනි.