නව සංගීත කණ්ඩායමක් ආරම්භ කිරීම පිළිබඳව බොහෝදෙනා අතර චාමර වීරසිංහ කතාබහට ලක්ව තිබේ. මේ හේතුවෙන් ඔහු පර්පල් රේන්ජ් කණ්ඩායමෙන් ඉවත් වී ඇත්දැයි යනුවෙන්ද සමහරු ප්‍රශ්න කරති. මේ නිසා අපි චාමර වීරසිංහ සමග එම නවක සංගීත කණ්ඩායම හා වත්මන් සංගීත ක්ෂේත්රය පිළිබඳව කළ සංවාදයකි මේ.
මොකක්ද මේ අලුත් සංගීත කණ්ඩායමේ කතාව?
මම අලුත් වැඩකට මුලපිරුවා. ඒ තමයි මගේම කියලා සංගිත කණ්ඩායමක් නිර්මාණය කළා ‘‘%ෆ්‍රීඩම්^ කියන නමින්. ඒකෙ විශේෂත්වය තමයි සම්භාව්‍ය සංගීත ශෛලීන් පමණක් භාවිත කරමින් සංගීතය සැපයීම. අපේ පළමු ප්‍රසංගය පසුගියදා මාතරදී පැවැත්වුණා. මං හිතන්නෙ මගේ රසිකයන්ට මෙය අලුත් අත්දැකීමක් වේවි.
එතකොට ඔබ පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමෙන් ඉවත්වෙලාද?
නෑ. මේ දවස්වල වෙබ් අඩවිවල සහ ෆේස්බුක් එකේ මම දැක්කා දාලා තියෙනවා මම බෑන්ඩ් එකෙන් අයින් වුණා කියලා. එහෙම කිසි අදහසක් නැහැ. මම ඉවත්වෙන්නෙත් නැහැ. මම සංගීතය පටන්ගත්තෙ පර්පල් රේන්ජ් එකෙන්. ඒ නිසා කවදාවත් ඒක දාලා යන්නෙ නැහැ. එය අදටත්, හෙටටත් හැමදාටම පොදුයි.
එතකොට මෙවැනි සංගීත කණ්ඩායමක් නිර්මාණය කළේ ඇයි?
අද පවතින සංගීතයත් එක්ක සම්භාව්‍ය සංගීතය නිතර ඇහෙන්නෙ නැති තත්ත්වයක් තමයි තියෙන්නෙ. ඒවට ආස පිරිස ඒවා ඉල්ලුවට ඒවා ලබාදෙන්නෙ නැහැ. මගේ පැරණි ගීත පවා ප්‍රසංග වේදිකාවේ ගයන්න අවස්ථාවක් නැහැ.
මොකද ඉලෙක්ට්‍රික් සංගීත භාණ්ඩ එක්ක ඒවා ගයන්නත් බැරි නිසා. ඒ නිසා මම කල්පනා කළා එවැනි ගිත ගයන්න පුළුවන් විදියේ සංගීත කණ්ඩායමක් නිර්මාණය කළයුතුයි කියලා. ඒ අනුව තමයි මාතර මගේ මහ ගෙවල් පැත්තෙ ඉන්න මල්ලිලා ටිකක් එකතු කරන් මේ නව සංගීත කණ්ඩායම එළිදැක්වූයේ.
අද සංගීතය ගලාගෙන යන රටාව ගැන ඔබේ අදහස කුමක්ද?
එහෙමටම කියලා වරදක් දකින්න නැහැ. හොඳ නරක තියෙනවා. හොඳ සිංදු තියෙනවා වගේම නරක සිංදු තියෙනවා. ඒවා තෝරා බේරාගැනීම ඉතින් රසිකයන් තීරණය කරාවි.
එවැනි තත්ත්වයක් ඇති වී තිබෙන්නේ කාගේ වරදින්ද?
එතනදි ඉතින් රසිකයන් තමයි වරද කරලා තියෙන්නෙ. නවක ගීතයක කිසි හරයක් නැති, ලස්සනක් නැති වුණත් රසිකයන් ඒක නිතර නිතර අහනවා නම්, නාලිකා තුළින් වුණත් ප්‍රචාරය වුණාම හිතනවා මේක තමයි ජනප්‍රිය ගීතය, මේක නම් මරු කියලා. හැබැයි එතන වැරැද්ද කරලා තිබුණෙ රසිකයන්. ඒ නිසා එය නිවැරදි කළයුත්තේද ඔවුන්මයි.
සංගීතයට තාක්ෂණය අවශ්‍යද?
තාක්ෂණය අවශ්‍ය නෑ කියන තැනයි මම ඉන්නෙ. නවක ගීත බිහිවෙන්නේ නව තාක්ෂණයත් එක්ක. නමුත් තාක්ෂණය නොමැති කාලයෙත් අපි ගීත නිර්මාණය කළා. ඒවා ජනප්‍රිය වුණා. ඒ නිසා තාක්ෂණය අවශ්‍යම නැහැ සංගීත ක්ෂේත්රයේ පැවැත්මට.
ජනප්‍රියත්වය සහ ජනප්‍රියත්වය ගොඩනගාගැනීම අතර වෙනස කොයි වගේද?
ජනප්‍රියත්වය ගොඩනාගාගන්න පුළුවන් නම් වටිනවා. අද අලුතින් බිහිවෙන අය එහෙම ගොඩනගාගන්න එක තෙරුමක් නෑ, නිකම්ම මහන්සියක් කැපවීමක් නැතුව ඒ තැනට යන්න පුළුවන් කියලයි හිතාගෙන ඉන්නෙ. නමුත් අපි මේ ක්ෂේත්රයට එහෙම උඩින් පාත්වුණේ නෑ. කට්ට කාලා දුක් මහන්සියෙනුයි මේ ගමන ආවෙ. එතකොට දන්නෙම නැතුව ජනප්‍රියත්වය අපේ ළඟට ඇවිත්. එයයි වෙනස.
ඇයි ඔබ රූප රචනා කළ ගීත ඉදිරිපත් නොකරන්නෙ?
එතනදි මම දකින දේ තමයි රූප රචනාවක් මගින් ගීතය යම් රාමුවකට කොටුවෙනවා. මං දකින විදියට ගීතයක් කියන්නෙ කනට අහලා රස විඳිය හැකි දෙයක්. රූප රචනාවක් තුළ කොටුවෙනවා කියන්නෙ හිතන්න තියෙන අවස්ථාව නැතිව යන එකයි.
දැනට මමත් ගීත දෙක තුනක් රූප රචනා කරලා තියෙනවා. ඉදිරියේදීත් ගීතයක් හෝ දෙකක් ඒ විදියට එළිදකීවි. එයත් මා කළේ රසිකයන්ගේ ඉල්ලීම නිසයි. නමුත් මම වැඩිය ඒ පස්සෙ යන්නෙ නැහැ. මම කැමති කනට අහලා රසවිඳිය හැකි ගීත නිර්මාණ කිරීමටයි.
ඔබේ ඉදිරි බලාපොරොත්තු ගැනත් සඳහන් කළොත්?
ෆ්‍රීඩම් සංගීත කණ්ඩායම සමග ලංකාවේ හැම නගරයකම සංගීත ප්‍රසංගයක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒවා ගෘහස්ථ ප්‍රසංග, ඒ නිසා පර්පල් රේන්ජ් එකට ප්‍රශ්නයකුත් නැහැ. ඊළඟට මගේ පැරණි ගීත ‘‘ෆ්‍රීඩම් එක්ක රසිකයන්ට තිළිණ කරන්න අදහසක් තියෙනවා. කොච්චර ෆ්‍රීඩම් එක්ක ගතකළත් පර්පල් රේන්ජ් කවදාවත් අමතක කරන්නෙ නැහැ. මුල් තැන ඔවුන්ටයි, ඒක පැහැදිලිවම කියන්න ඕන.