පසුගියදා එළිදැක්වුණු The Darkness චිත්‍රපටය හරහා බොහෝ කතාබහට ලක්වූ චරිතයක් ලෙස ලුසී ෆ්‍රයි හැඳින්විය හැකිය. ඇයගේ විශේෂත්වයක් වන්නේ ඇය වැඩි වශයෙන් රංගනයෙන් දායක වී ඇත්තේ බිහිසුණු චිත්‍රපට සඳහා වීමයි. ඇය වැඩි වශයෙන් මෙම චිත්‍රපට සඳහා ඇල්මක් දක්වන බවද සඳහන් කර ඇත. The Darkness චිත්‍රපටය පසුගිය 13වැනිදා එළිදැක්වුණු අතර, එය මේ වනවිට බොක්ස් ඔෆිස් වාර්තා අතරට පැමිණෙමින් පවතී. ඇගේ නම ලුසී එලිසබෙත් ෆ්‍රයි වුවද සිනමා ක්ෂේත්රය තුළ ඇයව හඳුනන්නේ ලුසී ෆ්‍රයි ලෙසයි. මේ වන විට 24 වැනි වියේ පසුවන ලුසී, ඔස්ට්‍රේලියානු ජාතිකයෙකි. ඇය උපත ලබා ඇත්තේ ඔස්ට්‍රේලියාවේ වූලූවින් ප්රදේශයේය.
ලුසී මුල්මවරට රංගනයෙන් දායක වී ඇත්තේ Instead of Breakfast නම් කෙටි චිත්‍රපටයක් සඳහාය. ඒ 2009 වර්ෂයේදීය. ඉන්පසු ඇය රූපවාහිනී නාට්‍යයක් වන H2O: Just Add Water කතා මාලාව සඳහා 2010 වර්ෂයේදී රංගනයෙන් දායක විය. එහිදී ඇයට අතුරු චරිතයක් සඳහා දායක වීම වරම් හිමිව ඇත.
2012 වර්ෂයේදී විකාශනය වූ Lightning Point නම් රූපවාහිනී කතා මාලාවේ ප්‍රධාන චරිතය සඳහා ඇයට රංගන වරම් හිමිවූ අතර, එහි කතාංග 26ක් සඳහා දායක වූවාය.
2013 වර්ෂයේදී ඇයට නැවතත් රූපවාහිනී කතා මාලාවක් සඳහා දායක වීමට වරම් හිමිවූ අතර, ඒ Reef Doctors නම් රූපවාහිනී කතා මාලාව ඔස්සේය. 2013 වර්ෂයේදී Mako: Island of Secrets නම් රූපවාහිනී කතා මාලව සඳහා දායක වූ ලුසී එම වර්ෂයේදී තාවකාලිකව සිය රංගනය නතර කරන ලදී. ඉන්පසු ඇයට පළමු චිත්‍රපට වරම හිමි වූයේ 2014 වර්ෂයේ තිරගත වූ Vampire Academy නම් චිත්‍රපටය හරහාය. ඉන්පසු 2015 වර්ෂයේදී Now Add Honey චිත්‍රපටයට ඇය රංගනයෙන් දායක වූවාය. 2015 වර්ෂයේදී ඇගේ තෙවැනි චිත්‍රපටය ලෙස The Preppie Connection නම් චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක විය.
2016 වර්ෂයේදී ඇය චිත්‍රපට දෙකක් සඳහා රංගන දායකත්වය ලබාදුන් අතර, ඉන් එක් චිත්‍රපටයක් වන Mr. Church චිත්‍රපටය පසුගියදා එළිදැක්වුණි. එය තවමත් ආදායම් වාර්තා අතරට නොපැමිණි චිත්‍රපටයක් ලෙස සඳහන් වේ. අනෙක් චිත්‍රපටය වූ The Darkness ආදායම් වර්තා අතරට පැමිණි චිත්‍රපටයක් විය.
2016 ඇය නැවතත් රූපවාහිනී කතා මාලාවක් සඳහා රංගන දායකත්වය ලබාදුන් අතර, ඒ '11.22.63' රූපවාහිනී කතා මාලාවයි. 2016 වර්ෂයේදී ඇය අවසාන වශයෙන් රංගනයෙන් දායක වන්නේ Wolf Creek නම් කතා මාලාව සඳහායි.