සංජීව පුෂ්පකුමාර අධ්යක්ෂණය කළ 'දැවෙන විහඟුන්' චිත්රපටය15 වැනි අන්තර්ජාතික සිනමා උලෙළ සහ මානව හිමිකම් සමුළු සිනමා උලෙළේ (International Film Festival and Forum on Human Rights in Geneva - FIFDH) තරගකාරී අංශයට තේරීපත්ව තිබේ. එය එළඹෙන 10 වැනිදා සිට19 වැනිදා දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වීමට නියමිතය.
පසුගියදා ඔස්කාර් සිනමා සම්මාන උලෙළේ(Oscar) සහ ගෝල්ඩන් ග්ලෝබ් (Golden Globe Awards) සම්මාන උලෙළේහොඳම චිත්රපටය ලෙස සම්මාන ලැබූ මූන්ලයිට් (Moonlight) ඇතුළු තවත් ප්රබල චිත්රපට හතක් සමග 'දැවෙන විහඟුන්' චිත්රපටයඑහි හොඳම සිනමා කෘතිය සඳහා තරගවැදීමට නිර්දේශ වී තිබේ. දැවෙන විහඟුන් චිත්රපටයේ පළමු ස්විට්සර්ලන්ත දර්ශනය මාර්තු 12 වැනිදා සිදුකිරීමට නියමිතය.
මේ අතර දැවෙන විහඟුන් චිත්රපටය ඉතාලියේ 27 වැනි අප්රිකා,ආසියා, ලතින් ඇමෙරිකා සිනමා උලෙළෙහි තරගකාරී අංශයටද තේරී තිබේ. ඉතාලියේ මිලානෝ නගරයේ පැවැත්වෙන එම සිනමා උලෙළ මාර්තු මස 19 වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැත්වේ. මාර්තු 23 වැනිදාදැවෙන විහඟුන් චිත්රපටයේ පළමු ඉතාලියානු දර්ශනය පැවැත්වේ.
දැවෙන විහඟුන් චිත්රපටය (Burning Birds) පසුගියදා නිමා වූලොව ප්රධානතම සිනමා උලෙළක්වන නෙදර්ලන්තයේ 46 වැනි අන්තර්ජාතික රොටර්ඩෑම් සිනමා උලෙළෙහිදීද ප්රදර්ශනය කළ අතර, එහිදී චිත්රපටය විචාරක-ප්රේක්ෂක දෙපිරිසේම ඉහළම ගෞරවයට ලක්විය. රොටර්ඩෑම් උලෙළෙහි ඉහළම ප්රේක්ෂක මනාප ලැබූ චිත්රපට අතර 17 වැනි තැනට දැවෙන විහඟුන් පත්විය. ඒ එයට තරග වැදුණු සිනමාපට 175 ක් අතුරිනි. රොටර්ඩෑම් උලෙළට සමගාමීව ස්වීඩනයේ 40 වැනි ගොතන්බර්ග් අන්තර්ජාතික සිනමා උලෙළෙහිකීර්තිමත් ඉංග්මාර් බර්ග්මාන් සම්මානය සඳහාද එයනිර්දේශ විය.
දැවෙන විහඟුන්චිත්රපටය සංජීව පුෂ්පකුමාරගේ දෙවැනි වෘත්තාන්ත චිත්රපටයයි. චිත්රපටය ශ්රී ලංකා, ප්රංශ, දෝහා කටාර් සහ නෙදර්ලන්තය යන රටවල සම නිෂ්පාදනයකි.
සමිත් බෝධිපක්ෂ