බොලිවුඩයේ සුපිරි නළු ෂාරුක් ඛාන්ට ජාත්‍යන්තර පොලීසිය විසින් සන්නාම තානාධිපති ධුරයක් පිරිනමා ඇත. එම තානාධිපති ධුරය පිරිනැමීමට හේතුව වන්නේ ජාත්‍යන්තර පොලීසිය විසින් ලොව පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත “Turn Back Crime” ව්‍යාපෘතිය සඳහා බව වාර්තා වේ.
මෙම ව්‍යාපෘතිය සඳහා ජනප්‍රිය නළු ෂාරුක් ඛාන්ව එක් කර ගැනීමට තීරණය කර ඇත්තේ මොහු විසින් ජනතාවට යම් පණිඩුඩයක් ගෙන යාමට හැකි නිසා බව පවසයි.
“Turn Back Crime” ව්‍යාපෘතියෙහි අරමුණ අපරාධයක් වැළැක්වීම සඳහා සෑම පුද්ගලයෙකුටම ක්‍රියාත්මක විය හැකිය යන්න ලොව පුරා ප්‍රචාරය කිරීමය. මෙම සන්නාම තානාපති ධුරය ෂාරුක් ඛාන්ට පිරිනමා ඔහුගේ ජනප්‍රියත්වය ප්‍රයෝජනයට ගනිමින් ලෝකයේ ජනතාව වෙතට යම්කිසි පණිවුඩයක් ගෙනයාමට හැකිවේ යැයි ජාත්‍යන්තර පොලීසියේ අදහස වී තිබේ.
මෙම තනාපති ධුරයක් ලැබීම ගැන ෂාරුක් ඛාන් පවසන්නේ, මෙවැනි ලෝකයේ වගකීමක් ඇති කාර්යභාරයක නියෝජිතයෙකු වීමට හැකිවීම තමන්ට ලැබුණු ගෞරවයක් සහ විශාල වරප්රසායක් බවයි. ඕනෑම පුද්ගලයෙකුට අපරාධයක් වෙනුවෙන් නැගී සිටීමට හැකි බවත්, එලෙස අපරාධවලට එරෙහිව එකමුතුව නැගී සිටීමට අනිවාර්යයෙන්ම අධිෂ්ඨාන කරගත යුතු බවත් ෂාරුක් පවසයි.
ෂාරුක් ඛාන් ජාත්‍යන්තර පොලීසියේ මහ ලේකම් රොනල්ඩ් කේ. නෝබල් සමග