මේ දිනවල රූපවාහිනී මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ කතාබහට ලක්වන චරිතයක් ලෙස තුමිඳු දොඩන්තැන්න හැඳින්විය හැකිය. පසුගියදා පැවැති රයිගම් සම්මාන රාත්‍රියේ ජනප්‍රියම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලැබූ ඔහු මේ දිනවල තිරගත වන %වෛෂ්ණාවී^ චිත්‍රපටයේද ප්‍රධාන චරිතයට පණ පොවයි. සිය කලා කටයුතු සහ ජනතා විරෝධී සම්මාන පිළිබඳ කතාබහ කිරීමට ඔහු මෙලෙස අදට සම්බන්ධ විය.
Q වෛෂ්ණාවී චිත්‍රපටය ගැන කතා කළොත්
වෛෂ්ණාවී’ කියන්නේ සුමිත්‍රා පීරිස් මහත්මිය අවසානයට අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටය. මම ඒකෙ ප්‍රධාන චරිතය රඟපානවා. මට හොඳ අවස්ථාවක් ලැබුණෙ මේ වගේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරියකගේ චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න. ඒ වගේම ලංකාවේ ඉන්න ප්‍රවීණ රංගන ශිල්පීන් සම්භාරයක් මේ චිත්‍රපටයේ රඟපානවා. ඉතින් එයාලත් සමග වැඩ කරන්න ලැබුණු එක ඉතා හොඳ අවස්ථාවක්. අපි 2012දී තමයි ෆිල්ම් එක රූගත කරලා ඉවර කළේ. එකම කනගාටුව චිත්‍රපටය එළිදක්වන්න මෙච්චර ප්‍රමාද වුණු එක. නමුත් ප්‍රමාද වෙලා හරි එළිදක්වන්න ලැබුණු එක ගැන සතුටුයි.
Q 2012 නිෂ්පාදනයක් 2018ට ගැළපීම කොහොමද
ෆිල්ම් එකේ කතා කරන්නේ ප්‍රේමය, ආදරය ගැන. ඉතින් ආදරය කියන්නේ ලෝකයේ කොයි යුගයකට වුණත් පොදු මාතෘකාවක්. ඇත්තටම ඒකෙ තියෙන්නේ සංවේදී කලාකරුවෙක් සහ ආදරය කියන මාතෘකා දෙක. ඒක ඇත්තටම වර්තමාන කන්ටෙස්ට් එකත් එක්ක ඒ විදියටම සම්බන්ධ වෙනවා. ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ෆිල්ම් එක අද කාලෙට වෙනසක් නැහැ. නමුත් එකම කාරණය තමයි අපි 2012දී හිටපු විදිය. 2012දී අපේ තාක්ෂණය, අපේ රඟපෑම සහ අපේ පෙනුම බොහෝ දුරට වෙනස් වෙලා තියෙනවා. තාක්ෂණික වශයෙන් අපි ගෙනාපු දේවල් අද වෙනකොට සමහර විට පරණ වෙන්න පුළුවන්. ඒ වගේ ගැටලු හැර ෆිල්ම් එකේ ප්රකාශනයේ ගැටලුවක් නැහැ. මේ ෆිල්ම් එකේ ප්රකාශනය තියෙන්නේ ප්‍රේමය ගැන. ඉතින් ප්‍රේමය කවදාටත් පොදුයි.
Q පසුගිය දිනයක රයිගම් සම්මාන උළෙලේදී ඔබට ජනප්‍රියතම නළුවා සම්මානය ලැබුණා. එතැනදී ඔබ කිව්වා මේ සම්මානය පවතින ක්‍රමයට විරෝධීව ලැබුණු සම්මානයක් කියලා. ඒ කාරණාව පිළිබඳ පැහැදිලි කළොත්
ඔව්. මම කියන්නේ අපි මේ ජීවත් වෙන ක්‍රමය පිළිබඳ විරෝධයක් තියෙනවා. ඒ විරෝධය විවිධ ආකාරයෙන් ප්‍රකාශ කරනවා. මම හිතන්නේ ‘කූඹියෝ’ නාට්‍යයට වෝට් කරපු අය කළෙත් එක්තරා විදියකට විරෝධයක් තමයි. මම මේක උදාහරණයකින් පැහැදිලි කරන්නම්. අපි සාමාන්‍යයෙන් දිනපතා පත්තරවල තියෙන දේශපාලන කාටූන් බලනවා. මේ දේශපාලන කාටූන් බලන අපි තුළ ඇති වෙනවා හොරා කාපු, මගඩි ගහපු නැත්නම් අපිරිසුදු විදියට දේශපාලනය කරන දේශපාලඥයාට වැදෙන්න රිදෙන්න දීලා තියෙනවා කියලා කාටූන් ශිල්පියා. ඒ වගේ හැඟීමක් අපි කාටූන් එක බලද්දි ඇතිවෙනවා. ඒ හැඟීමෙන්, ඒ කාටූන් එක බලන එකෙන් අපට ප්‍රීතියක් ඇතිවෙනවා. අපට මාර ආතල් එකක් කාටූන් එකෙන් එනවා. ඒ මාර ආතල් එක කියන්නේ අපේ විරෝධය. මම ඕක තව පැහැදිලි කරන්නම්. අපි බලනවා උදේට පුවත්පත් කියවන රූපවාහිනී මාධ්‍යවේදීන්. ඒ මාධ්‍යවේදීන් අනෙක් පුවත් කියවනවාට වඩා උද්යෝගයකින්, කැමැත්තකින් තමයි දේශපාලන කාටූන් කියවන්නේ. ඒ කාටූන් කියවන මාධ්‍යවේදියා තුළත් උද්යෝගයක් ඇතිවන්නේ ඒ මාධ්‍යවේදියා තුළ තියෙන විරෝධය. කාටූන් ශිල්පියා විසින් දේශපාලඥයාට රිදෙන්න ගහලා තියෙන හැඟීම කාටූන් එක කියවන මනුස්සයා තුළත්, ඒක බලාගෙන ඉන්න මනුස්සයා තුළත් ඇතිවෙනවා. මේක තමයි අප තුළ තියෙන විරෝධය. මේ විරෝධය සතුටක් විදියට තමයි අපි දේශපාලන කාටූන් එකත් එක්ක ප්‍රකාශ කරන්නේ. ඒක තමයි ‘කූඹියෝ’ නාට්‍යය බලපු මිනිස්සුත් ප්‍රකාශ කළේ. උදාහරණයක් ගත්තොත් ‘කොළඹ ඉන්න කඩේ යන්න වෙලාවක් නැති පොෂ් නෝනලාට’ කූඹියෝ නාට්‍ය ඇතුළේ හිනා වුණා. පොළේ, මාකට් එකේ තියෙන එළවළු ටික ෆුඩ්සිටි ලේබල් එක ගහලා ගෙනිහින් දුන්නාම ඒක මාර බඩුවක් විදියට ගන්නකොට ඒ සිස්ටම් එකට හිනා වුණු එක තමයි නාට්‍ය ඇතුළෙ සිදු වුණේ. එක එක තැන්වලින් ධනාත්මක චින්තනය ගැන කෑලි අරගෙන ධනාත්මක චින්තනය ගැන පොත් ලියලා විකුණුවාම ඒකට හිනා වුණා. ඒ සිස්ටම් එකටයි ඒ හිනා වුණේ. ලංකාවේ දේශපාලනය කියන්නේ නම්බර්ස් ගේම් එකක්. ඒ නම්බර්ස් ගේම් එක හරියට ප්ලේ කළොත් තමයි දේශපාලන බලය ගන්න පුළුවන් කියලා නාට්‍යය ඇතුළෙ පෙන්නුවා. ඒ පෙන්නුවේ ඒ සිස්ටම් එකට හිනා වුණු එක. ඉතින් ප්රේක්ෂකයො ඒ නාට්‍යයට කැමැති වුණේ ඒ නාට්‍යයේ පෙන්නපු විරෝධය දැකලා. ඒ කියන්නේ ඒ සිස්ටම් එකට ගහන විදිය දැකලා. ඒක තමයි මිනිස්සු විරෝධය විදියට දැක්කේ. දේශපාලන කාටූන් එක ඇතුළෙ වෙන වැඩේමයි නාට්‍යය ඇතුළෙ වුණෙත්. ඒකට තමයි මිනිස්සු වෝට් කළේ. ඒකට තමයි ජනප්‍රියතම සම්මානය ලැබුණේ. ඒක තමයි මම කිව්වේ මේ ජනප්‍රිය සම්මානය දකින්නේ විරෝධී සම්මානයක් විදියට කියලා.
Q ’කූඹියෝ’, ‘සහෝදරයා’ වගේ නිර්මාණ අඩුවෙන් බිහිවෙන්නේ එවැනි නිර්මාණවලට ගෙවන ගෙවීම් අඩු නිසා. මේකද මේ සිස්ටම් එක
සිස්ටම් එක කිව්වාම මේ හැමදේම සිස්ටම් එකේනේ. මේ සිස්ටම් එකේ පුනරුප්පත්තිය, තෘප්තිය, වාණිජකරණය, දේශපාලනය මේ හැමදේම මේ සිස්ටම් එකට අයිති දේවල්නේ. එතකොට ටෙලිනාට්‍ය නිර්මාණය කිරීම, ටෙලිනාට්‍ය විකාශය කිරීම, ටෙලිනාට්‍ය පාලනය කිරීම වැනි දේවල්වලට ක්‍රමවේදයක් අපේ ජනමාධ්‍ය අමාත්‍යාංශයටවත් නැහැ. එතකොට මොනවද හොඳ ටෙලිනාට්‍ය. මේ හොඳ ටෙලිනාට්‍ය තීරණය කරන්නේ චැනල් එක විසින්. චැනල් එක කියන්නේ ව්‍යාපාරයක්. එතකොට ව්‍යාපාරිකයා තීරණය කරනවා මේ රටේ මිනිස්සු බලන හොඳ දේ මොකද්ද කියලා. රටක ආණ්ඩුවක් තියෙනවා නම්, ආණ්ඩුවට ජනමාධ්‍ය අමාත්‍යාංශයක් තියෙනවා නම්, ඒ අමාත්‍යාංශයට පුළුවන් ජනමාධ්‍යය තුළ පෙන්වන හොඳ දේවල් සහ නරක දේවල් හඳුනාගන්න, රූපවාහිනී ටෙලිනාට්‍ය නියාමන මණ්ඩලයක් හදන්න. හොඳ ටෙලිනාට්‍ය හඳුනා ගන්න, නරක ටෙලිනාට්‍ය අයින් කරන්න, ඉන්දියාවෙන් ගෙන්වන නාට්‍යයවලත් හොඳ මොනවාද, නරක මොනවාද කියලා හඳුනා ගන්න. එතකොට ටෙලිනාට්‍ය රසවින්දනය හැදෙනවා. එතකොට හොඳ ටෙලිනාට්‍යවලට තැන හැදෙනවා. ඊට පස්සේ ජනමාධ්‍ය අමාත්‍යාංශයට පුළුවන් තීරණය කරන්න හොඳ ටෙලිනාට්‍යයකට මෙච්චර ගෙවන්න ඕන, ඒ හොඳ කියලා කියන්නේ කොයිකද, හොඳ නැහැ කියන්නේ කොයිකද කියලා කැටකරයිස් කරන්න. මේකත් සිස්ටම් එකක්. මේක තමයි වෙන්න ඕනේ. එහෙම වුණාම තමයි ‘සහෝදරයා’, ‘කූඹියො’ සහ ඉස්සරහට හැදෙන හොඳ නිර්මාණවලට හොඳ මිලක්, හොඳ විකාශන කාලයක් ලැබෙන්නේ. එහෙම නැත්නම් මේකත් සිස්ටම් එකේ ප්‍රශ්නයක් තමයි.
Q වර්තමානයේ තරුණ පරම්පරාව රංගනයට එකතු වීමේ ප්‍රවණතාවක් තියෙනවා. ඔබ හිතනවාද ඉදිරියේදී රංගනය වෘත්තියක් විදියට කරන්න පුළුවන් කියලා
මේ යන විදියට ගියොත් ලංකාවේ ඉදිරියේදී මෙගා ස්ටාර් තුළින් වුණත් දකින්න ලැබෙන්නේ ඉන්දියානු, කොරියානු නළු නිළියෝ. මේ විදියට ගියොත් ටෙලිවිෂන් එකේ ජනප්‍රියම නළු නිළි සම්මාන ගන්නේ ඉන්දියානු හෝ කොරියන් නළු නිළියන්. වැඩසටහනකට ගෙන්නන්න වෙන්නේ ඉන්දියන්, කොරියන් නළු නිළියන්ව. ඒ තර්කයෙන් බැලුවොත් අපේ වෘත්තීය රංගන ශිල්පීන්ට වෘත්තීමය වශයෙන් වැඩ කරන්න පුළුවන්ද කියලා සැකයක් තියෙනවා. ඒ නිසා තමයි මම කිව්වේ මේ ක්‍රමය වෙනස් වෙන්න ඕන කියලා. ලංකාවේ නළු නිළියන්ට වැඩ කරන්න තියෙන ඉඩ තමයි මේ නැතිවෙමින් යන්නේ. විකාශන කාල ඉන්දියානු ටෙලිනාට්‍ය දෙන එකෙන් වෙන්නේ අපට වැඩ කරන්න තියෙන කාලය නැති වෙන එක. අපේ අධ්‍යක්ෂවරුන්ට, පිටපත් රචකයන්ට, කාර්මික ශිල්පීන්ට වැඩ කරන්න තියෙන ඉඩ නැතිවෙන එක. එතකොට කොච්චර විශාල පිරිසක් මේකෙන් යැපෙනවාද. කාර්මික ශිල්පීන්, අධ්යක්ෂවරුන්, පිටපත් රචකයන්, නළු නිළියන්, අනුශාංගික ශිල්පීන් වගේ විශාල වෘත්තිකයන් පිරිසක් මේ ක්ෂේත්රය පිටුපස ඉන්නවා. ඒ සියලු දෙනාටම වෘත්තීය නැතිවෙන එක තමයි මේකෙන් සිදු වෙන්නේ. මේක වෙනස් වෙන්නම ඕන.
Q බොහෝ රියැලිටි හෝ වෙනත් වැඩසටහන්වලින් අලුතෙන් මේ ක්ෂේත්රයට එන පිරිස වැඩියි. මේ ක්‍රමයත් වෙනස් වෙන්න ඕන නේද
මම කියන්නේ ඒකත් රාජ්‍ය මැදිහත්වීමෙන් සිදු වෙන්න ඕන වැඩක්. නළු නිළියන්ට ප්‍රමිතියක් ඇති කරන එක ගැන අපි මේ වන විට සාකච්ඡාවක් ඇති කරමින් යනවා. මම මේ වන විට ලංකාවේ වෘත්තීය නළු නිළියන්ගේ සංගමයේ සභාපති විදියට කටයුතු කරමින් ඉන්නවා. බිමල් ජයකොඩි එහි ලේකම් විදියට කටයුතු කරනවා. අපි මේ වෙද්දි සාකච්ඡා කරමින් යනවා රංගන ශිල්පීන්ගේ වෘත්තීය සහ ගරුත්වය ආරක්ෂා වන විදියේ ක්‍රමවේදයක් සකස් කිරීම ගැන. ඉතින් ඒක ගැන ජනමාධ්‍ය අමාත්‍යාංශය සමගත් අපට මේ වෙද්දි සාකච්ඡාවක් සූදානම් කරලා තියෙනවා. ඉතින් ඒක පහසු ක්‍රියාවලියක් නෙවෙයි. දීර්ඝ කාලීන ක්‍රියාවලියක්. නමුත් අපි උත්සාහයක් ගනිමින් ඉන්නවා.
Q අපි කතා කරමු ඉදිරි නිර්මාණ සහ ඉදිරි වැඩකටයුතු ගැන
මේ දවස්වල මගේ ‘වෛෂ්ණාවී’ ෆිල්ම් එක රිලීස් වෙලා තියෙනවා. ඉදිරියේදී සුනිල් ආරියරත්න මහත්මයාගේ ‘යශෝදරා’ එන්න තියෙනවා. ඊට පස්සේ සුනෙත් මාලිංග ලොකුහේවාගේ ‘නිදහසේ පියා ඩී.එස්.’ එන්න තියෙනවා. එතකොට මේ දවස්වල ප්‍රියංකර රත්නායකගේ ‘ඇන්ටිගනී’ නාට්‍යය සහ රාජිත දිසානයකගේ ‘ආදර වස්තුව’ කියන නාට්‍යය දෙකේ වැඩ කරනවා.
Q අවසාන වශයෙන් ඔබේ රසිකයන්ට මොනවද කියන්න තියෙන්නේ
‘කූඹියෝ’ සහ ‘සහෝදරයා’ නාට්‍යවලදී මට වෝට් කරපු හැමදෙනාටම මම මගේ ස්තුතිය පුද කරනවා. සමාජ ජාල මාධ්‍ය තුළ විශේෂයෙන් ‘කූඹිගුල’ වගේ ග_ප් නිර්මාණය කළ, කණ්ඩායම් වශයෙන් වැඩ කළ සහෝදර සහෝදරියන්ට මම ස්තුතිවන්ත වෙනවා. එයාලා ලොකු මහන්සියක් ගත්තා මටත්, ‘කූඹියෝ’ නාට්‍යයටත් මේ ජනප්‍රිය සම්මානය අරගෙන දෙන්න. මේ සමාජය පිළිගන්නවා හරවත් හොඳ නිර්මාණයකට තැන දෙන්න ඕන කියන දේ. ඒකට මම ස්තුති කරනවා හරවත් හොඳ නිර්මාණයකට මේ විදියට ජනප්‍රිය තලයේ සම්මානයක් ලබාදීමට කටයුතු කරපු එකට.