ශ්‍රී ජයවර්ධනපුර මහා ශිෂ්‍ය සංගමයේ සාහිත්‍ය අනුකමිටුව විසින් සංවිධානය කරනු ලබන ‘වේදිකාවෙන් මහපොළවට’ කෙටි නාට්‍ය උලෙළ අනිද්දා (13) වැනිදා ආරම්භ කිරීමට සියලු කටයුතු යොදා ඇතැයි එම සාහිත්‍ය අනුකමිටුව සඳහන් කරයි.
විවිධ රටවල් නියෝජනය කරන සාහිත්‍ය පාගමන නුගේගොඩ නගරයෙන් එදින සවස 3.00ට ගමන් ආරම්භ කර, විශ්වවිද්‍යාල පරිශ්‍රය දක්වා පැමිණෙන බවත්,අනතුරුව කෙටි නාට්‍ය උලෙළෙහි සමාරම්භය විශ්වවිද්‍යාලයීය එළිමහන් රංග පීඨයේදී සවස 6.00ට ආරම්භ කරන බවත් සාහිත්‍ය අනුකමිටුව ප්‍රකාශ කරයි.
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සාහිත්‍ය අනුකමිටුව වැඩිදුරටත් සඳහන් කළේ ලාංකීය වේදිකා නාට්‍ය කලාවේ අංකුර කලාකරුවන් වේදිකාගත කිරීමත්, මිනිසා සැබෑලෙසම මුහුණදෙන යථාර්ථයෙන් දුරස් වූ කලාවක් වෙනුවට සජීවි කලාවක් බිහිකරලීම සඳහාත් මෙම කෙටි නාට්‍ය උලෙළ සංවිධානය කර ඇති බවයි.