වර්තමානයේ බොහෝ දෙනාගේ හුරුපුරුදු ආභරණයක් ලෙස ඔරලෝසුව හැඳින්විය හැකිය. බොහෝදෙනාට ඇති කාර්යය බහුලත්වයත් සමග කාලය පිළිබඳව අවධානය වඩාත් යොමුවී ඇත. නමුත් එම කාල වේලාවේ උපකරණයට කලාව එකතු වූ විට අගයක් තිබේද? මේ කරුණ පිළිබඳව බොහෝ දෙනා විවිධ අදහස් දක්වනු ලැබේ. කෙසේවුවද කාල වේලාව නොහොත් ඔරලෝසුවට කලාවක් එක්කිරීමට තැත් කරනු ලැබූ නිර්මාණකාරිනියක ලෙස Sarah Mimo ව හැඳින්විය හැකිය.
ඇමෙරිකාවේ උපන් ඇය තමන්ගේ පෞද්ගලික ව්‍යාපෘතියක් වෙනුවෙන් කරනු ලැබූ මෙම නිර්මාණය බොහෝ ප්‍රසිද්ධියට පත් වී ඇත. පෞද්ගලික අංශයේ සේවය කරමින් සිටි ඇයට, නිර්මාණකරණය පිළිබඳව උපාධියක් ලබාගැනීමට ශිෂ්‍යත්වයක් හිමි විය. මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගැනීමට ඇය තම පෞද්ගලික රැකියාව අත්හැර මෙම උපාධිය පසුපස හඹා ගියේය. ඇගේ කුඩා කල සිටම ආශාව වී ඇත්තේ තමන්ගේම ස්වයං රැකියාවක් ඔස්සේ දියුණුව කරා යෑමටයි.
එම අධිෂ්ඨානය තුළ ඇයට නව පණක් ලබාදීමට මෙම ශිෂ්‍යත්වයට හැකි විය. ඇගේ ශිෂ්‍යත්වය සම්පූර්ණ කර තම උපාධිය සම්පූර්ණ කර ගැනීමට හැකියාව හිමි විය. මෙහිදී ඇය විසින් හදාරනු ලැබුවේ ලේසර් මගින් කැටයම් ශිල්පය ඉස්මතු කරනා ආකාරයයි. මෙම උපාධියේ අවසන් ව්‍යාපෘතිය ලෙස විශ්වවිද්‍යාලයට ලබාදීමට ඇය විසින් තම නිවසේ තිබූ වානිෂ් බෝඩ් වැනි ආවේණික ද්‍රව්‍යයක් උපයෝගී කරගෙන ඇත. ඒ සඳහා තමා විසින් ස්වයං නිර්මාණයක් කළයුතුව තිබුණු අතර, ඒ සඳහා තමා විසින් මෙම ඔරලෝසු නිර්මාණය සිදුකර ඇත.
මේ සඳහා ඉහළ ප්‍රතිචාර මෙන්ම ඉහළ ලකුණු ප්‍රමාණයක්ද හිමිවූ බව ඇය සඳහන් කර තිබේ. ඉන්පසු මෙම නිර්මාණ තම ව්‍යාපාරයක් කර ගත් ඇය තමන්ගේ නිර්මාණයන් අලෙවි කිරීම සඳහා SARAH MIMO MANUFACTORY ලෙස වෙබ් අඩවියක් ආරම්භ කරන ලදී. මෙම වෙබ් අඩවිය තුළින් ඇය විසින් නිර්මාණය කරනු ලබන ඔරලෝසු මෙන්ම ආභරණ පෙට්ටිද මිලදී ගැනීමේ හැකියාව තිබේ.
මැය විසින් මෙම ඔරලෝසු නිර්මාණය කරනු ලබන්නේ ලී වලිනි. ඒ සඳහා කැටයම් කිරීමට ලේසර් තාක්ෂණය භාවිත කරනු ලබයි. ඇය විසින් නිර්මාණය කරන ඔරලෝසුවක ආරම්භක මිල සටහන් වන්නේ ඇමෙරිකානු ඩොලර් 155ක අගයේ සිටය. මෙවැනි මිලකින් ආරම්භ වන ඔරලෝසු ඉහළ මිල ගණන් යටතේ අලෙවි කිරීමට ඇයගේ වෙබ් අඩවිය ඔස්සේ සකසා ඇත.
Sarah Mimo විසින් නිර්මාණකරණය පිළිබඳ පාඨමාලාවක්ද ආරම්භ කර ඇත. ඇය මේ පිළිබඳ කියාදෙනු ලබන්නේ නොමිලේය. එයට හේතුව ලෙස ඇය සඳහන් කරන්නේ, මා නොමිලේම ඉගෙන ගත් දෙය, මා අනෙකුත් අයට ලබාදෙන්නේද කිසිදු අය කිරීමකින් තොරව බවයි. මෙවන් නිර්මාණ හැකියාව ඇති බොහෝ කලාකරුවන් ලෝකයේ දකින්නට අවස්ථාව හිමිවන්නේ තාක්ෂණයේ දියුණු බව නිසාවෙන් බව අප මතක තබාගත යුතු කරුණකි.