ලෝකයේ බිහිවන ප්‍රකට කලා ශිල්පීන් නියැළෙන්නේ තම හැකියාවෙන් ඉදිරියට පැමිණ වැඩිදියුණු කරගනු ලැබූ වෘත්තීන්වලය. එලෙස බහු ප්‍රභේද දක්ෂතා ඇති වෘත්තීය කලාකාරිනියක් ලෙස Lucine Fyelon ව හැඳින්විය හැකිය.ඇය වෘත්තියෙන් වයලීන් වාදන ශිල්පියෙක, ගායිකාවක්, ගී පද රචිකාවියක, නිෂ්පාදකවරියක, රංගන ශිල්පිනියක සහ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක්ද වෙයි. ඇය මේ සියල්ලම කරනු ලබන්නේ විනෝදාංශයට නොවේ. මේ ඇගේ දිවියේ වෘත්තීයමය පැතිකඩය.
ලොස් ඇන්ජලිස්හි ප්‍රසිද්ධ සංගීත කලාවේ තරුවක් ලෙස වැජඹෙන මැය, සංගීත කලාවක් බොහෝ සේ පැතිකඩයන් ඔප්නංවයි. Soul/R&B, Hip-Hop, Jazz, EDM, Classical, Middle Eastern, Blues සහ Opera යන සංගීත ශෛලීන් සඳහා සහජ හැකියාවක් ඇති ඇය සංගීත ක්ෂේත්රය තුළ බොහෝ සේ ගරුකරනු ලබන සංගීත ශිල්පියකද වෙයි.
පසුගියදා එළිදැක්වූ ඇගේ නව ගීත දෙක වන Let Me Be යන ගීතය සහ Take me Away ගීතය අන්තර්ජාලය ඔස්සේ මිලදී ගැනීමට හැකියාව ඇත. සංගීත රටාවන් 03 ක් එක්කරමින් නිර්මාණය කර ඇති මෙම ගීත දෙක මේ වනවිට XM Radio, Pandora සහ spotify ගුවන් විදුලි නාලිකා තුළ සංගීත දර්ශකවල ඉදිරියෙන්ම ඇති ගීතයක් ලෙස හැඳින්විය හැකිය.
Madonna, Miley Cyrus, Lauryn Hill, Quincy Jones, වැනි ප්රමුඛ පෙළේ ගායක ගායිකාවන් සමග නිර්මාණ ඉදිරිපත් කර ඇති ඇය Grammy Awards, Latin Grammies, Telemundo awards යන සම්මාන රාත්‍රීන්ද රසවත් කරනු ලැබූ ගායිකාවක්ද වෙයි.ඊට අමතරව Chelsea Lately show, MTV unplugged show යන රූපවාහිනී වැඩසටහන්වලින් ඇයව සහභාගි කරගනිමින් ඇගේ සංගීත හැකියාව ලොවට ඉදිරිපත් කරනු ලබයි.
මීට අමරතව රංගන ක්ෂේත්රය තුළ iPhoneහි වෙළෙඳ දැන්වීමටද, Honda වෙළෙඳ දැන්වීමටද, Disney Channel හි fantasia evolved, වැඩසටහනටද අමතරව NFL වෙළෙඳ දැන්වීම්වලටද ඇය දායක වී තිබේ. ඇය වැඩි වශයෙන් දායක වනු ලබන්නේ Classical සංගීත වැඩසටහන් සඳහාය. Emmy Awards හි Classical සංගීත වෙනුවෙන්ද ඇයට සම්මානයක් හිමිව තිබේ. ජර්මනියේ උපන් ඇය තම පවුල් පසුබිම තුළද යුරෝපියානු සංගීත ආභාසයක් ඇතිව හැදී වැඩී ඇති කෙනෙකි.
අවුරුදු 05 ක කාලයේදී ඇය වැඩි වශයෙන් දක්ෂතා පෙන්නුම් කර ඇත්තේ වයලීන් වාදනයට සහ සිතුවම් නිර්මාණයටය. ඇයට වයස අවුරුදු 06 වනවිට එම රටේ විශාල වශයෙන් ජනප්‍රියත්වට පත් කලා විශ්වවිද්‍යාලයක් වන prestigious music school සඳහා ඇයව බඳවාගන්නා ලදී. ඉන්පසු එම විශ්වවිද්‍යාලය තුළ සංගීතය සහ violin, piano, solfege, music history, harmony, Rhythm, Musicianship, Orchestra පිළිබඳව පුහුණුව ලබාගන්නා ලදී. 2003 වර්ෂයේදී ඇය සංගීත පිළිබඳව උපාධිධාරිනියක වූ පසුව තම පවුලත් සමග ලොස් ඇන්ජලීස් බලා පැමිණ ඇත.
Soprano ඔපෙරා කලාව තුළ භාෂා 08 ක ගීත ගායන හැකියාව ඇය සතුව පවතී. Italian, Russian, French, German, Armenian, Spanish, English, සහ Catalan යන භාෂාවලින් ගීත ගායනා කර ඇති ඔපෙරා කලාව තුළ ශ්‍රේෂ්ඨ චරිතයක් වනු ඇත. බහු හැකියාවන් සහ ඊට අදාළ වන ඇගයීම තුළින් ඉදිරියට පැමිණ ඇති ඇය කලා ක්ෂේත්රයට බිහි වූ ඉතාමත් වටිනා සම්පතක් ලෙස බොහෝ දෙනා හඳුන්වති.