පවතින ලෝකයේ ඇති බොහෝ නිර්මාණයන් වෙනස් වෙමින්, තාක්ෂණිකව දියුණු වෙමින් ලෝකය ඉදිරියට පැමිණෙනු ඇත. එවැනි නිර්මාණයන් අතරින් සුවිශේෂී නිර්මාණයන් සඳහා බොහෝ පුද්ගලයන් විසින් වටිනාකමක් දෙනු ලබයි. ඒ අතරින් ලෝකයේ ඉතාමත් අධික මිලකට අලෙවි වන මූර්ති පිළිබඳව අවධානය යොමු වීම විශේෂයකි. Benjamin Victor යනු ලෝකයේ බිහිවී ඇති අග්‍රගන්‍ය මූර්ති නිර්මාණ ශිල්පියෙකි. ඔහුට එවැනි වටිනාකමක් ලබාදී ඇත්තේ සාමාන්‍ය පුද්ගලයන් නොව ඔහු ජීවත්වන රටෙහි රජය විසිනි.
Benjamin Victor යනු ඇමෙරිකාවේ ජාතික මූර්ති නිර්මාණ ශිල්පියෙකු ලෙස හඳුන්වන පුද්ගලයෙකි. ඔහු සේවය කරනු ලබන්නේ එම රජය යටතේ බව සඳහන්ය. බෙල්ජියම්හි ජීවත් වූ ඔහු ඇමෙරිකාවට පැමිණෙන්නේ වයස අවුරුදු 26දීය. 1979 වර්ෂයේදී කැලිෆෝනියාවේ උපන් Benjamin තමන්ගේ උසස් අධ්‍යාපනයෙන් පසුව ලාස් වේගාස් හි Northern State University සඳහා පැමිණ ඇත්තේ කලා විෂය සහ මූර්ති නිර්මාණය ශිල්පය හැදෑරීම සඳහාය.
එහිදී අධ්‍යාපනය අවසන් කරනු ලැබූ ඔහුට අවුරුදු 23දී නිව්යෝර්ක්හි National Sculpture Society මගින් ශිෂ්‍යත්වයක් ලැබිණ. ඒ මූර්ති නිර්මාණ ශිල්පය පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය ලැබීමටය. මේ ආකාරයෙන් තමන්ගේ ඉගෙනීම අවසන් කරනු ලැබූ Benjamin ඇමෙරිකාවේ ජාතික මූර්ති කාලායතනයට බඳවාගනු ලැබීය. එහිදී ඔහු සේවය කිරීම ආරම්භ කිරීමත් සමගින් ඔහුගේ මූර්ති පිළිබඳව ලෝකයේම අවධානය යොමු වූ බව සඳහන් වෙයි.
තමන්ගේ නිර්මාණය හැකියාව දෙවියන් විසින් ලබාදුන් දායාදයක් බව Benjamin නිරන්තරයෙන් පවසයි. ඔහුට ඇමෙරිකාවේදී පළමුවෙන්ම ලැබී ඇති රාජකාරිය වන්නේ ප්‍රතිමා සමූහයක් යුතු ශාලාවක් නිර්මාණය කිරීමයි. එය සාර්ථකව නිමකිරීමත් සමගින් එය ප්‍රදර්ශන ශාලාවක් කරනු ලැබීය. එහිදී ඔහුගේ නිර්මාණයන් සාමාන්‍ය ජනතාව සඳහා දැක බලා ගැනීමට අවස්ථාව ලැබුණි.
මූර්ති නිර්මාණයේ පෙරගමන්කරුවෙකු ලෙස මොහුව බොහෝදෙනා හඳුන්වනු ලබයි. Benjamin Victor විසින් නිර්මාණය කරනු ලබන මූර්ති ඉතාමත් විශාල බවින් යුක්ත වනු ඇත. ඇතැම් නිර්මාණයන් ඔහු මෙන් දෙගුණයක් උස බවද සඳහන් කර තිබේ.
තමන්ගේ ස්වෝත්සාහයෙන් මූර්ති නිර්මාණය පිළිබඳව හෝඩියේ සිට අධ්‍යාපනය ලැබීමට ඔහුට අවස්ථාව හිමි විය. මේ ආකාරයෙන් ඔහුගේ නිර්මාණ පැතිකඩ දියුණුකර ගැනීමට බොහෝ රටවල් වලින් උපකාර ලැබී තිබේ. සාමාන්‍ය පවුල් පසුබිමක් තුළ ජීවත් වූ Benjamin හට මෙවැනි මට්ටමකට ඒමට අවස්ථාව උදාවේ යැයි ඔහු කෙදිනකවත් නොසිතූ බව සඳහන්කර තිබේ. ඔහුගේ මූර්ති නිර්මාණයන් සඳහා මේ වනවිට අන්තර්ජාලයේ මෙන්ම බොහෝ පුවත්පත්, සඟරාවලින්ද ඉඩ ප්‍රස්ථාව වෙන්කර තිබේ.
ඔහුගේ ඉදිරි බලාපොරොත්තුව ලෙස සඳහන් කර ඇත්තේ, මූර්ති නිර්මාණකරණය පිළිබඳව තම උපන් රටෙහි පාසලක් ආරම්භ කිරීමය. ඔහු මෙන්ම බොහෝදෙනෙකු මේ කලාව සඳහා ඇලුම් කරන බව තමන් හොඳාකාරවම දන්නා බව සඳහන් කරයි. කෙසේ හෝ Benjaminගේ සිහිනය යම් දිනෙක යථාර්ථයක් බවට පත්වන බවද තමන් හොඳාකාරවම දන්නා බව සඳහන් කරයි.