ධනුෂ්ගේ නවතම දමිළ චිත්‍රපටය පසුගියදා (ජූලි 17දා) එළිදැක්වුණු අතර එය නමින් වන මාරී නම් විය. මෙම චිත්‍රපටය ආදායම් වාර්තා අතරට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. එහි ආදායම මේ වනවිට ඇමෙරිකානු ඩොලර් මිලියන 13ක් බවයි වාර්තා වෙන්නෙ. හින්දි චිත්‍රපටයක් සඳහාද ප්‍රථමවරට දායකවී ඇති ධනුෂ්, හින්දි සිනමාව තුළද කැපීපෙනෙන චරිතයක්ද වෙයි.
අමිතාබ් බච්චන් සමග රංගනයෙන් දායක වූ Shamitabh චිත්‍රපටයද බොලිවුඩ් චිත්‍රපටයක් වුවද මෙය මුදල්මය වාර්තා අතරට පැමිණ ඇත්තේ ඒ සඳහා දායක වූ කොලිවුඩ් නළුවෙකු නිසාවෙන්දෝ යන්න කෙනෙකුට සිතිය හැකිය. මෙම චිත්‍රපටය එළිදැක්වූ මුල්ම දිනයේදීම ඉන්දියානු කෝටි 3.5 ආදායමක් උපයා ඇත.
උපතින්ම දමිළ භාෂාව දන්නා ධනුෂ්ට Shamitabh චිත්‍රපටය හේතුවෙන් හින්දි භාෂාව ඉගෙන ගැනීමටද අවස්ථාව උදාවිය. ඔහු ආදරය කරන බොලිවුඩ් නළුවෙකු වන අමිතාබ් බච්චන් සමග රංගනයෙන් දායක වීමට හැකිවීම ගැන තමා ලැබූ වටිනාම තෑග්ග ලෙසද ඔහු විදෙස් මාධ්‍ය වෙතට පවසා ඇත. ඔහුගේ සැබෑ නාමය වෙන්කේට්ශ් ප්‍රභූ කස්තුරි රාජා වුවත් ක්ෂේත්රයට පිවිසීමේදී ධනුෂ් ලෙසට ඔහු තම නාමය වෙනස් කරගත්තේය.
ධනුෂ් දෙමළ සිනමා කර්මාන්තය තුළ චිත්‍රපට නළුවෙකු ලෙසත්, නිෂ්පාදකයෙකු ලෙසත්, තිරපිටපත් රචකයෙකු ලෙසත්, පසුබිම් ගායකයෙකු ලෙසත් කාර්යයේ නිරත වෙයි. එසේම ඔහු 2011 වර්ෂයේදී ගීතයක් නිර්මාණය කළේය. එය Why This Kolaveri Di නම් ගීතයයි. මෙම ගීතය චිත්‍රපටයක් සඳහාද එක්කර ගනු ලැබීය. ඒ අනුව YouTubeජාලය තුළ ඔහුගේ එම ගීතය ඉතාමත් ජනප්‍රියත්වයට පත්විය.
2011 වර්ෂයේදී ඔහු රංගනයෙන් දායක වූ Aadukalam චිත්‍රපටය සඳහා National Film Awards සම්මාන උලෙළේදීම හොඳම නළුවා ලෙස සම්මාන ලැබීය. 2014 වර්ෂය වනවිට Filmfare Awards හිදී සම්මාන 5කින් පිදුම් ලැබීය.
ධනුෂ් රංගනයෙන් දායක වූ පළමු චිත්‍රපටය ThulluvadhoIlamai නම් වන අතර, ඉන්පසුව ඔහු රංගනයෙන් දායක වූ coming-of-age නම් වූ දෙවැනි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ ඔහුගේ පියා වන කස්තුරි රාජා විසිනි. ඔහු රංගනයෙන් දායක වූ චිත්‍රපට 25ක් මුදල්මය වාර්තා අතරට පැමිණීමද විශේෂත්වයකි. 2004 වර්ෂයේදී ධනුෂ් සහ අයිෂ්වර්යා විවාහ වූහ. අයිෂ්වර්යා යනු කොලිවුඩයේ සුපිරි නළු වන රජිනිකාන්ත්ගේ දියණියයි.