රුවන් හෙට්ටිආරච්චි යනු කාලයක් ක්ෂේත්රය තුළ නිහඬව සිටි චරිතයක් බව බොහෝදෙනා දන්නා කරුණකි. ඔහුගේ නවතම නිර්මාණයත් සමග බොහෝදෙනා අතර නැවතකතාබහට ලක්ව තිබේ. කාලීන වශයෙන් නිර්මාණය වී ඇති රැල්ලේ නිර්මාණයන්ට අභියෝගයක් කරමින් එළිදැක්වූ 'මල්' ගීතය පිළිබඳව කතාබහ කිරීමට රුවන් 'අද' අප සමග මෙලෙස එක්විය.
Q එකපාරටම අලුත් වෙනසක් කළා නේද?
කරන නිර්මාණවල ඇත්තටම වෙනස්කම් කරන්න ඕන. මොකද විවිධත්වයක් තියෙන්න ඕනෙනේ.විවිධත්වය ගැන හිතලා තමයි මම මේ පාර 'මල්' කියලා ගීතයක් කළේ. ඒක පදරචනය කළේ ෂෙහාන් ගලහිටියාව. මම හිතනවා මේ වෙනසසාර්ථක වුණා කියලා. මේක ඇත්තටම සංගීත ප්‍රසංගවලට ගොඩක් ගැළපෙන සිංදුවක්.
Q රැල්ලෙන් වෙනස් වෙලා අලුත් දෙයක් කරද්දි අභියෝගයක් වුණේ නැද්ද?
රැල්ලක් කියලා අපි හදාගත්තොත් තමයි වැඩේතියෙන්නේ. එකම විදියට තියෙන නිසා මිනිස්සුන්ට දැන් රැල්ල එපාවෙලා තියෙන්නෙ. මමනම් ඉතින් රැල්ලට කොටුවෙලා නෑ. මගේ ගීත මම වෙන වෙන විදියට කරන්නඋත්සාහ කරනවා.'සීත මාරුතේ' ගීතයේදී ගොඩක් අය මට කිව්වෙ ඕක රැල්ලට යන්නෙ නැහැ කියලා.
'ආලෙන් වෙලී' ගීතයත් එහෙමයි.අද සංගීත ප්‍රසංගයකදී කියන අනිවාර්ය ගීත තමයි ඒවා.මම රැල්ලට කොටුවෙලා යන ගායකයෙක් නෙවෙයි. මම සංගීතයේ විවිධ විවිධ දේවල් කරන්නඇත්තටම ආසයි. ඉදිරියට තව වෙනස් දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා.
Q ගීතයක් නිර්මාණය කරද්දි ගොඩක් කාලයක් ගන්නෙ ඇයි?
ඇත්තටම මම මගේ නිර්මාණ වලට ගොඩක් කාලය ගන්නවා. අද වනවිට මගේ ගීත ජනප්‍රිය තත්ත්වයේ තියෙන්නත්, ඒ වගේම මට ගොඩක් අය ආදරේ කරන්නත් ඒක ලොකු හේතුවක්. මම නිර්මාණය කරද්දි දඩබිඩි ගාලා නිර්මාණ කරන්නෙ නැහැ. කාලය අරගෙන හොඳට හිතලා බලලා තමයි නිර්මාණයක් කරන්නේ.
මුලින්ම මගේ ළඟින්ම ඉන්න සමහර අයට අහන්න දෙනවාකොහොමද, හොඳයිද කියලා.එහෙම ගොඩක් අදහස් අරගෙන තමයිමම නිර්මාණයක් එළියටදාන්නෙ. සමහර අය විවේචනය කරනවා. නමුත් මම දන්නවා ගෙඩක් අයගෙන් අහලා ඒ කරන දේ සාර්ථක වෙනවා කියලා. වරදින්නත් පුළුවන්. සමහර විට පොඩි පොඩි තැන්වලදී මම හිතනවා ගායකයෙක් හැටියට අපේ රසිකයන්ට හැමදෙයක්ම දෙන්න ඕන කියලා.
Q පසුගිය කාලෙ ගොඩක් චෝදනා එල්ල වුණා ගීත නිර්මාණයේ හා වීඩියෝ නිර්මාණයේ කිසිම ගැළපීමක් නෑ කියලා.මේ පිළිබඳව ඔබ දකින්නේ කොහොමද?
මම හිතනවා ඒ චෝදනාව හරි කියලා. පසුගිය කාලෙ ඒ කියන්නෙ මීට අවුරුදු පහ හයකට පෙරතිබුණ ගීතවල හා වීඩියෝවල රූප රචනාවල ඇත්තටම ගැළපීමක් තිබුණා. මම කියන්නෙ මෑත අවුරුදු දෙකක් පමණ ඇතුළත ආපු අයට දැනුමක් නෑ, තේරුමක් නෑ මොකක්ද කරන්නෙ කියන එක පිළිබඳව. ඒ අයට අපට කියන්න යන්නත් බැහැ.
කියපුවාම ඔවුන් හිතන්නෙ අපි ඊර්ෂ්‍යාවට කියනවා කියලා.මොකද මට ඒක වෙලා තියනවා. ඔවුන් ඉන්නෙ සල්ලි හා ජනප්‍රිය වෙන්න ඕන කියන මානසිකත්වයෙන්. මම හිතනවා තමන් කරන දේ පිළිබඳව අවබෝධයෙන් තමන් මොනවද කරන්න ඕන කියලා හිතල වැඩ කරනවා නම් ඔවුන්ට මෙම ක්ෂේත්රයේ ඉදිරියට යන්න, වැජඹෙන්න පුළුවන් කියලා. නැත්නම් ඔවුන්ට වැඩි කාලයක් ක්ෂේත්රයේ ඉන්න බැහැ.
Q ගීතයක් අද නිර්මාණය වන්නේ වෙළෙඳ පොළ ඉලක්ක කරගෙනද?
ගොඩක් වෙලාවට අලුත් ගීත නිර්මාණය වන්නේ එවැනි වෙළෙඳ වටිනාකමක් බලාපොරොත්තුවෙන් තමයි. සරලව කිව්වොත් මුදල් පරමාර්ථයෙන් තමයි. අපි හිතමු රැල්ලට නොමැතිව ගීතයක් නිර්මාණය වුණා කියලා. හැබැයි ඒක එළියට දාන්න අකමැතියි. මොකද මේකට රිගින් ටෝන් මාර්කට් එකක් නැතිවෙයි. මේ ගීතයෙන් හම්බ කරන්න බැරිවෙයි.
මේ කියන කාරණා මේ දෙයට බලපානවා. හැබැයි මම නම් ඒ රාමුවට කොටුවෙලා නැහැ. මට හිතුණොත් මේක හොඳයි කියලා මම ඕනෑම ගීතයක් එළියට දානවා. 'මල්' කියන ගීතයත් මොනා වෙයිද කියලා මම දන්නෙ නැහැ. හැබැයි මම ඒ ගීතයට ලොකු ගාණක් වියදම් කළා. ඒ වීඩියෝවට ලක්ෂ පහමාරක මුදලක් මම වියදම් කරලා තියෙනවා.
මම ඒ ගීතයෙන් නැවත මුදල් බලාපොරොත්තු වෙන්නෙ නැහැ.ඒ දේ කළේ ගායන ක්ෂේත්රයට කිසියම් වැඩකටයුත්තක් කළයුතු නිසයි. ගීතයක යම්කිසි හොඳ නිර්මාණයක් සඳහා මුදල් වියදම් කරන්න වෙනවා. මොකද රසිකයන්ට අලුත් දෙයක් දෙන්න අපි වෙහෙසෙන්න ඕන. අපිව යම්කිසි තැනක තියන්නේ ඔවුන්නම් ඔවුන්ට කෘතගුණ දක්වන්න අපි දැනගන්න ඕන. ඒක නිසා වෙනස් වූ නිර්මාණයන් කරන්න බය විය යුතු නැහැ.
Q යූටියුබ් සහ ෆේස්බුක් ඔස්සේ ගීතයට ලැබෙන නැරඹුම් ප්රමාණයෙන්දගීතයේ ජනප්‍රියත්වය මනින්නේ?
ඇත්තටම අද කාලෙ ගොඩක් දෙනෙක්ට රූවාහිනිය ඉස්සරහ ඉඳන් යම්කිසි දෙයක් විඳින්න වෙලාවක් නැහැ. මේ යූටියුබ් සහ ෆේස්බුක් කියන දේ ගොඩක්දෙනා අතර ජනප්‍රියවෙලා තියෙන්නේ ඒකයි. අද ගීතයක් ජනප්‍රිය කර ගැනීමටඒ මාධ්‍ය හරි රුකුලක්.ඉතිං මගේ ගීතයත් මේ මාධ්‍ය ඔස්සේ තමයි එළිදැක්වුණේ. ගොඩක් ලේසියක් තියෙනවා අපේ ගීතයක් රසිකයන් අතරට ඉක්මනින් ලබාදෙන්න.
ඒක අපි හොඳ විදිහට භාවිත කළොත් යම්කිසි කාර්යයක් කර ගැනීමට අපට හැකියාව තියෙනවා. නරකක් කළත් ඒ දේ ඒ විදිහටම යනවා. හොඳ යනවා අඩුයි වගේම වැලඳ ගැනීමත් අඩුයි. ඉතිං නරකයි හොඳයි මේ කියන කාරණා දෙකම මෙහි තියෙනවා. රැල්ලේ නිර්මාණයක් කරලාඉක්මනින් ජනප්‍රියත්ව ලබාගන්න පුළුවන්. හැබැයි වෙනස් දෙයක් කළොත් හිමින් යන ගතියක් තියෙනවා.
Q ඉදිරි නිර්මාණ ගැන කිව්වොත්?
මම ඉස්සරහට තව ගීතයක් නිර්මාණ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.මගේ පදරචනයත් එක්ක වෙනස් නිර්මාණක් කරන්නයි කල්පනා කරන්නේ. ඉතිං දිගු කල් ක්ෂේත්රය තුළ ඉන්න නම් වැඩ කරන්න ඕනනේ. ඒ අරමුණ හරියට හිතේ තියාගෙන දැනුමෙන් බුද්ධියෙන් හරි නිර්මාණයක් කරගෙන ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.