කොලිවුඩයේ සුපිරි තරුවක් වන විජේගේ නවතම චිත්‍රපටය වන කත්ති දීපවාලී දිනය වෙනුවෙන් අද (22දා) එළිදැක්වීමට කටයුතු යොදා තිබුණි.
නමුත් එම චිත්‍රපටයේ නිෂ්පාදකවරයා ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ සමග ව්‍යාපාරික සබඳතා පවතින්නේයැයි පවසමින් චෙන්නායිහි සිනමා ශාලා කිහිපයකට ඊයේ (21දා) පස්වරුවේ සහ අද (22දා) දිනයේදී ප්‍රහාර එල්ල වී තිබේ.
මෙම හේතු නිසා චෙන්නායිහි මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම තහනම් කළ යුතු බවත් පාර්ශ්ව කිහිපයක් ඉන්දියානු මාධ්‍ය වෙත පවසා ඇත.
මෙම විරෝධයට හේතුවී ඇත්තේ එම නිෂ්පාදකවරයාගේ ආයතනය වන Lyca Productions ආයතනයේ නම පෝස්ටර් සඳහා යෙදීමයි.
මෙම පහරදීම සඳහා එකම පාර්ශ්වයක් සම්බන්ධ බවද ඉන්දියානු පොලීසිය සැකකරන බවත්, ඉන්දියාවේ චෙන්නායි නුවර සිනමා ශාලා කිහිපයකට ගල්මුල් සහ බෝම්බ ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවත් ඉන්දියානු මාධ්‍ය පවසයි.
එහි ප්‍රධාන නළු වන විජේ ද හින්දු වෙබ් අඩවියට පවසා ඇත්තේ, Lyca Productions ආයතනයේ නම අදාළ පෝස්ටර්වලින් සහ සිනමා ශාලාවල බැනර්වලින් ඉවත් කළ බවයි. එම නිසා කිසිදු කෝලහාලයක් ඇති නොකර සතුටින් දීපාවලී සමරන ලෙස ඔහු පවසයි.