යම්කිසි දෙයක ඇත්ත ඇති සැටියෙන් පෙන්වන කලා මාධ්‍යයක් ලෙස වාර්තා චිත්‍රපටය හඳුන්වාදිය හැකිය. එසේ බිහිවන වාර්තා චිත්‍රපට සම්බන්ධ විශේෂ වූ කරුණු කාරණා රාශියක්ද තිබේ. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටඅපි ප්‍රවීණ සිනමාකරුවෙකු වන සුසන්ත විතානගේ මහතා 'අද' ට සම්බන්ධ කර ගතිමු.
Q ලංකාවේ වාර්තා චිත්‍රපට කලාව පිළිබඳ ඔබේ අදහස් මොන වගේද?
ශ්‍රී ලංකාව ඉහළ ගණයේ වාර්තා චිත්‍රපට රැසකටම උරුමකම් කියන රටක්, ප්‍රඥ‘සෝම හෙට්ටිආරච්චි, සුගතපාල සෙනරත් යාපා, තිස්ස ලීලසුරිය වගේ අය රජයේ චිත්‍රපට අංශය වෙනුවෙන් විශ්ෂ්ට ගණයේ වාර්තා චිත්‍රපට ගණනාවක් නිර්මාණය කළා. ඒ වගේම සිසිර සුරවීර, අතුල දිසානායක වගේ අය ජාතික රූපවාහිනිය වෙනුවෙන් වාර්තා චිත්‍රපට නිර්මාණ කළා.
ඒ වගේම අපි අමතක කළ යුතු නැහැ. ලංකාව ලෝකයේ ප්‍රසිද්ධ වුණෙත් වාර්තා චිත්‍රපටයකින් බව.ඒ බ්‍රිතාන්‍ය ජාතික බැසිල් රයිට් තේ මණ්ඩලය වෙනුවෙන් නිෂ්පාදනය කළ 'song of Ceylon' නැතහොත් 'ලංකා ගීතය' යන වාර්තා චිත්‍රපටය ඔස්සේයි.
නමුත් පසුව රජයේ චිත්‍රපට අංශය දේශපාලන හොරණෑවක් බවට පත්වීම සහ ජාතික රූපවාහිනිය වුණත් වෙනස් විෂයයක් කෙරෙහි අවධානය යොමු නොවීම නිසා මෙරට වාර්තා සිනමා කර්මාන්තයේ මුල් යුගයේ තිබූ ප්‍රමිතිය සහ දියුණුව බිඳ වැටුණා.
Q වාර්තා චිත්‍රපට ආකෘතිය සහ පැවතිය යුතු ප්‍රමිතිය පිළිබඳ කතා කළොත් ?
වාර්තා චිත්‍රපටයක තිබිය යුතු අකෘතිය කියා දෙයක් නැහැ. කලාවේ පියා ලෙස සැලකෙන ජෝන් රියසන් වාර්තා චිත්‍රපටය නිර්වචනය කළේ 'ඇති සැටිය නිර්මාණාත්මකව සම්පාදනය කිරීම වේ.' යනුවෙන්. එම නිසා වාර්තා චිත්රපටකරුවාට නිදහස තිබෙනවා එය නිර්මාණාත්මක ලෙස ඉදිරිපත් කරන්නට.
සමහර වාර්තා චිත්‍රපට තිබෙනවා කිසිදු ආකාරයක බාහිර කථනයකින් තොරව පුද්ගලයා හැසිරෙන ආකාරයෙන් මේ ඇති සැටිය අපට පෙන්වා දෙන. සමහර වාර්තා චිත්‍රපටවල බාහිර කථනයක් යොදාගන්නවා. සමහර වාර්තා චිත්‍රපට තුළ නාට්‍යමය සංසිද්ධි ඒ සිදුවු අයුරින් ගොඩනඟනවා. ඒ නිසා වර්තා චිත්‍රපටය කියන්නේ විශාල අතු විහිදුණු වෘක්ෂයක්. මේ නිසා වාර්තා චිත්‍රපටය මෙසේ විය යුතුයි කියා කියන්න බැහැ. මේ මොහොත වනවිටත් ලෝකයේ වාර්තා චිත්‍රපටයේ ආකෘතිය සම්බන්ධයෙන් සිනමාකරුවන් විවිධ වූ අත්හදා බැලීම් සිදු කරනවා.
වාර්තා චිත්‍රපටයක පැවතිය යුතු ප්‍රමිතිය සම්බන්ධව කතා කළොත් කලා කෘතියක් ලෙස වාර්තා චිත්‍රපටයට තේමා කරගන්නා වස්තු විෂයයෙහි සත්‍ය‘යේ ගැඹුරට සිනමාකරුවා කොතෙක් පිවිස ඇත්ද යන කාරණාව මෙහි ප්රමිතියයි. ප්‍රධානම කාරණා වනුයේ සත්‍ය සෙවීමට ඔවුන් තුළ තිබෙන්නා වූ අභිලාෂය කෙතෙක් දුරට සාර්ථක කර ඇත්දැයි කියන දේයි.ඊළඟ වැදගත්ම දේ තමා එය කොතරම් නිර්මාණාත්මක ලෙස ඉදිරිපත් කරනවාද කියන කාරණය. වාර්තා චිත්‍රපටයක් කියන්නෙ සිදු වීමක් වාර්තා කිරීම පමණක් නොවෙයි.
ඇති සැටි, සැබෑ තතු නිර්මාණාත්මක ලෙස පෙළගැස්විය යුතුයි. එහිදී රූපය වගේම ශබ්දයත් නිර්මාණාත්මක විය යුතුයි. මම දකින හොඳම වාර්තා චිත්‍රපටවල රූපයෙන් ප්රේක්ෂයා ඉන් ඔබ්බට දැකීමට මෙහෙයවනවා. එය කලාවේ තිබෙන පරිකල්පනයයි. කටින් කියන දේ පෙන්වනවානම්,පෙන්වන දේ කටින් කියනවානම් එහි අරුතක් නැහැ. විශිෂ්ටතම දේ පරිකල්පනය ඔස්සේ ප්‍රේක්ෂකයා ඉන් ඔබ්බට දැකීමට මෙහෙයවීම.
Q වාර්තා චිත්‍රපටයක වැදගත්ම කාරණය වන්නේ ක්ෂේත්‍ර අධ්‍යයනයයි. ඒ සම්බන්ධව කතා කළොත් ?
වාර්තා චිත්‍රපටයක අනිවාර්ය කාරණා ක්ෂේත්‍ර අධ්‍යයනයයි. ඒ සම්බන්ධයෙන් තිබිය යුතු සියලුම සාක්ෂි සෙවිය යුතුයි. ඒ සම්බන්ධව ලිඛිත සාක්ෂි, වාචික සාක්ෂි සියලු දේ විමර්ශනය කළ යුතුයි. ඒ වගේම ක්ෂේත්‍ර අධ්‍යයනයේදී මතුපිටින් පෙනෙන දෙයට වඩා ගැඹුරින් දැකීමට වාර්තා චිත්රපටකරුවා කටයුතු කළ යුතුයි.
Q වාර්තා චිත්‍රපට සඳහා ලබාදී ඇති ඉඩකඩ ඉතාම සීමිතයි. මේ නිසා සිනමා උලෙළ හරහා මේ හිඩැස වසාදැමීමට කටයුතු කරනවා. ඒ සම්බන්ධව ඔබේ අදහස මොන වගේද?
වාර්තා චිත්රපටකරුවන්ට සිනමා උලෙළ හරහා අවස්ථාව ලැබෙනවා තම චිත්‍රපටය පෙන්වා ගැනීමට. මන්ද වාණිජ වශයෙන් සිනමාව පෙන්වීමට අවස්ථාව නොමැති නම්, ඒ සඳහා හොඳම වේදිකාවක් සිනමා උලෙළවල්. ලෝකයේ හැමතැනම වාර්තා චිත්‍රපට උලෙළවල් ගණනාවක් තිබෙනවා. ලංකාවෙත් මෙහි අවශ්‍යතාව ඉතා හොඳින් දැනෙනවා. වාර්තා චිත්‍රපට හදන්නත් දිරිගැන්විය යුතුයි. ඒ නිසා ඒවා එළිදැක්වීමට වේදිකාවක් තිබිය යුතුයි.
ලංකාවේ තිබෙන ප්රශ්නය තමයි වාර්තා චිත්‍රපට පෞද්ගලික මාධ්‍යයේ සහ රාජ්‍ය මාධ්‍ය‘යේ ප්‍රදර්ශනය නොවන තරම්. මොකද වාර්තා චිත්‍රපට මගින් ඇති තතු දැකීමට සැලැස්වීම නිසා පෞද්ගලික මාධ්‍ය සහ රාජ්‍ය මාධ්‍ය ඒවා ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් ලබාදෙන්නෙ නැහැ. මේ නිසා හොඳ වාර්තා චිත්‍රපටවල අවශ්‍යතාව තදින් දැනෙනවා.
සටහන -සරසි නෙත්මිණි