ජනප්‍රිය ටෙලිනාට්‍ය නළුවෙකු වන අමිල අබේසේකර පුංචි තිරයේ පෙම්වතා ලෙස ෙබාෙහා් ජනප්‍රියත්වයට පත්ව තිබේ. එම පෙම්වතාගේ චරිතයෙන් ඔබ්බට ගිය නිර්මාණයක් සඳහා මෑතකදී ඔහු දායක වී තිබේ. ඉදිරියේදී එම ටෙලිනාට්‍ය තුළින් ඔහුව සටන් ශිල්පියෙකු ලෙස දැකගැනීමට හැකියාව ලැබෙන අතර, සිය ඉදිරි කලාකටයුතු පිළිබඳව දැන ගැනීමට මෙවර කතාබහ ඔහුට වෙන් කෙරිණි.
Q මේ දවස්වල වැඩකටයුතු කොහොමද?
මේ දවස්වල ටෙලිනාට්‍ය තුනක වැඩ. 'ඇත්තයි මේ ආදරය' කියලා ටෙලි නාට්‍යයක රූගත කිරීම් කරනවා. තවත් අලුත්ම ටෙලිනාට්‍යයක වැඩ කරනවා. ඒකට තාම නමක් දාලා නෑ. ඊට අමතරව 'සසර සේයා' කියලා ටෙලිනාට්‍යයක් විකාශය වෙනවා. තව ටෙලිනාට්‍ය හතරක් එන්න තියෙනවා.
Q ඔබ රඟ දක්වන්නේ පෙම්වතාගේ චරිතය විතරද?
මම කිව්වේ නමක් තාම දාල නැති ටෙලිනාට්‍යයක වැඩ කරනවා කියලා. ඒකෙ මම පෙම්වතාගේ චරිතය නෙමෙයි රඟදක්වන්නේ. පළමුවැනි වතාවට තමයි මම පෙම්වතාගේ චරිතය රඟ දක්වන්නේ නැත්තෙ. ඒකෙ මට පෙම්වතියක් නැහැ. නමුත් ඒකෙ ප්‍රධාන චරිතය මම. අංගම්පොර සටන් ඉගෙනගන්න චරිතයක් තමයි මම කරන්නේ.
ඒකෙන් තමයි මම ජීවිතය ගෙනියන්නේ. මගේ පවුල බලාගෙන, මගේ නංගියි තාත්තයි බලාගෙන ඉන්නේ මම. මගේ නංගිට කෙනෙක්ගෙන් අසාධාරණයක් වෙලා ඒ දෙන්නා එකතු කරන්න හදන චරිතයක් තමයි මම කරන්නේ. පළමුවැනි වතාවට තමයි එහෙම චරිතයක් කරන්නේ.
Q ටෙලිනාට්‍යවල රඟපාන අතරතුර ඔබ ටෙලිනාට්‍ය නිෂ්පාදනය කළා නේද?
මම මීට අවුරුදු හතරකට විතර කලින් 'මුතු වරුසා' කියලා ටෙලිනාට්‍යයක් කළා. ඊට පස්සෙ නම් තාම මම නිෂ්පාදනය කරන්න යොමු වුණේ නැහැ. මම හිතාගෙන ඉන්නවා මේ අවුරුද්ද අවසානයේ වගේ වැඩකට අතගහන්න. මේ දවස්වල ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරගෙන යනවා. මුල් ටෙලිනාට්‍යයෙන් මට ඕන වුණේ ලාභය නෙවෙයි. හොඳ වැඩක් කරන්න. ඉතින් ඒ අපේක්ෂාව ඉටු වුණා. මම බලාපොරොත්තු වෙනවා මේ පාරත් ඒ වගේ හොඳ වැඩකට අතගහන්න.
Q ලංකාවේ අද ටෙලිනාට්‍ය බොහොමයක් නිර්මාණය වෙන්නේ ලාභ ලැබීමේ පරමාර්ථයෙන්ද?
ඔව්. හැමෝම ටෙලිනාට්‍ය කරන්නේ ලාභ ලැබීමේ පරමාර්ථයෙන්නේ. ඒ නිසා තමයි හරි නිර්මාණ බිහිවෙන්නෙ නැත්තේ. ඒ වගේම නළු නිළියන්ට හරියට ගෙවීම් සිද්ධ වෙන්නේ නැත්තේ සහ නිෂ්පාදනය ඇතුළේ හරියට දේවල් සිද්ධ වෙන්නෙ නැත්තෙත් අන්න ඒ දේවල් නිසයි.
මම ටෙලිනාට්‍ය නළුවෙක් විදියට, නිෂ්පාදකවරු ගොඩක් එක්ක වැඩකරපු කෙනෙක් විදියට ඒ ටෙලිනාට්‍යවල සිදුවන අඩුපාඩු මම නිෂ්පාදනය කරන ටෙලිනාට්‍යයක නොවන විදියට තමයි වැඩ කළේ. ඒ කියන්නේ අපේ තේ අල්ලන කෙනාගේ ඉඳන් හැමෝටම හොඳට කන්න බොන්න දීලා, හොඳ තැන්වල නවත්තලා, එහෙට මෙහෙට යන්න වාහන දීලා හොඳටම වැඩකටයුතු කළා. මාත් එක්ක වැඩ කරපු රංගන ශිල්පීන් ශිල්පිනියන් දන්නවා මම කොහොමද ඒ වැඩේ කළේ කියලා.
Q එතකොට නිෂ්පාදනය ඇතුළේ අද නළු නිළියන්ට අසාධාරණයක් කරනවාද?
ඔව්, අනිවාර්යෙන්ම වෙනවා. මෙගා ටෙලිනාට්‍යවල රැල්ල නිසා සහ අපේ නාළිකාවලින් ගෙවන සල්ලි නිසා හැමෝම අඩු මුදලට ටෙලිනාට්‍ය නිෂ්පාදනය කරනවා. උදාහරණයක් විදියට හොඳ නළු නිළියෝ වුණත් ගන්නවා අඩුයි. ප්‍රධාන චරිතවලට හොඳ දෙන්නෙක් අරගෙන, ඉතිරි චරිතවලට මාර්කට් එකේ වටිනාකමක් නැති කිහිපදෙනෙක් අරගෙන තමයි වැඩේ කරගන්න බලන්නේ. නළු නිළියන්ට ගෙවීම වගේම පහසුකම් පවා අඩුවෙන් තමයි ලැබෙන්නේ. ඒ ලාභ ලැබීමේ පරමාර්ථය නිසා.
Q වෘත්තීය වශයෙන් රංගනයේ යෙදෙන අයට මේක අසාධාරණයක් නේද?
අපි තරුණ ශිල්පීන් නිසා මේවගෙන් ලොකු ප්‍රශ්නයක් නෑ. අපේ ප්‍රවීණයන් කිහිපදෙනෙක් ඉන්නවා මේක වෘත්තීය වශයෙන් කරන. ඉතින් ඔවුන්ට ඉතාමත්ම අසාධාරණයක් වෙනවා මේ තුළින්. ගෙවීම් අඩුයි. ඒ වගේම ඔවුන්ට වැඩත් ටිකක් අඩුවෙලා තියෙනවා. අද රටේ යන විදියත් එක්ක මේකෙ රැඳිල ඉන්න ටිකක් අමාරු ගතියක් තියෙනවා. තාම තරුණ ශිල්පීන්ට ඒක ගැටලුවක් නෑ. නමුත් එතැනින් එහාට ඉන්න අයට ඒක ගැටලුවක් වෙලා තියෙනවා.
Q මේ සඳහා විසඳුම් වශයෙන් යම් ක්‍රියාපටිපාටියක් නැද්ද?
මොන ආණ්ඩුවක්, මොන රජයක් ආවත් මේවා ගැන කතා කෙරෙන්නේ නැති එකයි ප්‍රශ්නෙ. අපේ සිනමාවේ ඉන්න දැවැන්තයෝ වයසට ගිහින් එක්තැන් වුණාට පස්සෙ ඔවුන්ට උදව් කරන්න කවුරුත් නැහැ. කලාවට සම්බන්ධ අය දේශපාලනයට යොමුවෙලා ඉන්නවා. නමුත් ඔවුන්ගෙන්වත් ඒකට කිසිම සහයෝගයක් ලැබෙන්නේ නැහැ.
ඒ වගේම අපේ කලාකරුවන් අතරත් වෙලාවකට සමගියක් නෑ. මෙහෙම කරමු කියලා කතා කරගෙන සමිති සංගම් පිහිටුවා ගත්තට අන්තිමට ඒවගෙන් වැඩක් වෙන්නේ නැහැ. ඉතින් එක්තැන් වුණාට පස්සේ කිසි හවුහරණක් නෑ. ඕක අද ඊයෙ ආව ප්‍රශ්නයක් නෙවෙයි, අවුරුදු ගාණක ඉඳන් තියෙන දෙයක්. තාම විසඳුමක් නැහැ.
Q කලාව කියන දේ අද වියැකිලා ගිහින්ද?
මේක ව්‍යාපාරයක් බවට පත්වෙලා නිසා තමයි ඇත්තටම නැතිවෙලා යන්නේ. ටෙලිනාට්‍යයක නිර්මාණශීලීත්වය අද අඩුවෙලා. මොකද හැමෝටම ඕන මේක ඉක්මනට ඉවර කරලා සල්ලි හොයන්නයි. ඒ නිසා කලාව අද අපෙන් ඈත්වෙලා තියෙන්නේ. ඒ වගේම ඉන්දියාවේ ජරාව මෙහෙට ගෙනත් පෙන්නන නිසා අපේ නිර්මාණවල අගය අඩුවෙලා තියෙනවා. මොකද මිනිස්සු ඒවට පුරුදු වෙලා තියෙනවා.
Q කලාව නිසා ඔබ කාර්යය බහුලයි. කොහොමද පවුල් ජීවිතය පවත්වාගෙන යන්නේ?
ඒක මට ප්‍රශ්නයක් නෑ. මට බිරිඳගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. මම රූගත කිරීම් ඉවරවුණ ගමන් විෙද්ශගතව ඉන්න බිරිඳ බලන්න යනවා. මම කාර්යබහුල නම් බිරිඳ ලංකාවට එනවා. මම යම් වැඩකට දින තීරණය කරද්දී එයාට කියනවා. එතකොට එයා නිවාඩු ගන්නවා. අපි කතාබහ කරගෙන තමයි සියලු දේවල් කරන්නේ. ඒ නිසා ඒක කිසිම ගැටලුවක් නැහැ.
Q කලාව තුළ විවාහය දික්කසාදය අද සාමාන්‍ය දෙයක් වෙලා තියෙනවා. මේ දේවල් අනුව බිරිඳගේ විශ්වාසය හා තේරුම් ගැනීම කෙහොමද?
අද ඇත්තටම කලාව තුළ ඒ දේවල් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඕක ඇත්තටම වගකීමෙන් කරන්න ඕන දෙයක්. ඒ වගේම දෙන්නගේ විශ්වාසය තියෙන්න ඕන. දැනුමක් තියෙන්නත් ඕන. මගේ බිරිඳ මම ගැන දන්නවා සහ මම ගැන හොයලා බලනවා. ඇය දන්නවා මම මොකුත් එහෙම දෙයකට පැටලෙන්න නැහැ කියලා. මම ගොඩක් වෙලාවට නිවාඩුවට රටින් පිට ඉන්නේ. මට වැඩ නැතිවුණ ගමන් මම බිරිඳව බලන්න යනවා. අද සමාජයේ ඕන කෙනෙකුට කතාවක් හදන්න පුළුවන්.
බොරුවට වුණත් කියන්න පුළුවන්. අපි ඉන්න විදියටත් සමහර අය ඊරිසියයිනේ. මම වුණත් ගොඩක් පරිස්සමට වැඩ කරන්නේ. ඕන කෙනෙක් එක්ක කතාබහ කරන්නේ, වැඩ කරන්නේ බොහොම පරිස්සමට. මට මේ ක්ෂේත්රයේ වැඩිය යහළුවෝ නෑ. මම ලංකාවෙ ඉන්නවා අඩු නිසා ගොඩක් දේවල්වලට සහභාගී වෙනවත් අඩුයි. මම අවුරුදු 18 ක ඉඳන් මේ ක්ෂේත්රයේ ඉන්නවා. මෙච්චර කාලෙකට ගැටලුවක් නම් පැනනැගිලා නෑ.
Q දෙන්නා තාම දෙතැනක ජීවත් වෙන්නේ. කවදද එක ළඟට ඇවිත් ජීවත් වෙන්නේ?
බොහොම ඉක්මනට වෙනවා. අද හෙට වෙන්නත් පුළුවන්, ටික දවසකින් වෙන්නත් පුළුවන්. බොහොම ඉක්මනට වෙනවා.
Q නිවේදන කටයුතු පැත්ත කොහොමද?
දැනට මම රිදම් චැට් එකේ වැඩ කරනවා. වෙන ආරාධනා ලැබිලා නෑ තාම. ආරාධනා ලැබුණොත් ඒක මට ගැළපෙනවාද නැද්ද බලලා මම කරනවා.
Q ඉදිරි බලාපොරොත්තු මොනවාද?
ඉදිරි බලාපොරොත්තු කිවුවොත් හොඳ නිර්මාණවලට දායක වෙන්න ආරාධනා ලැබිලා තියෙනවා. මේ අවුරුද්ද අවසානයේ වගේ නිෂ්පාදන පැත්තට යොමු වෙන්නත් අදහසක් තියනවා.
ඡායාරූප - සුමුදු හේවාපතිරණ