උතුරු පළාතේ බිහි වූ එකම කවියා මෙන්ම උතුරේ වැසියන්ගේ ජනාදරයට පත් වන්නිඋර් කවිරායර් කවියාගේ කවි නිර්මාණයන් සංරක්ෂණය කිරීමටත්, කවි නිර්මාණ වත්මන් සමාජයට ප්‍රචාරය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමටත් උතුරු පළාත් සභාව විසින් පියවර ගෙන ඇත.
මේ අනුව 21 දා වන්නිඋර් කවිරායර් කවියා පදිංචිව සිටි වව්නියාව සෙට්ටිකුලම් ඉලූප්පයිකුලම් ගම්මානයේදී ඔහුගේ ප්‍රතිමාවක් එළිදක්වා ඔහුට ගරු බුහුමන් දැක්වීමේ උත්සවයක් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වි. විග්නේශ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්විණි.
උතුරු පළාතේ පිහිටීම් හා ස්වභාව සෞන්දර්ය වෙනස්වීම් පිළිබඳව එදා සමාජයට මෙන්ම වත්මන් සමාජයටත්, අනාගතයටත් සරිලන අයුරින් කවි විශාල ප්‍රමාණයක් නිර්මාණය කොට ඇති වන්නිඋර් කවිරායර් කවියා 1921 අප්‍රේල් මස 04 වනදා උපත ලබා 1978 ජනවාරි මස 29 දා මිය ගොස් ඇති අතර, මේ වන විට එතුමන් මිය ගොස් වසර 37ක් වෙයි.
මෙම උත්සවයට සහභාගී වූ සී.වී. විග්නේශ්වරන් ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටියේ උතුරු පළාතට සම්පතක් වූ වන්නිඋර් කවිරායර් කවියාගේ නිර්මාණයන් රක්ෂණය කළ යුතු බවටත්, අනාගත පරම්පරාව වෙනුවෙන් තවත් කවි නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ලබාදෙන බවටත්ය.
----වවුනියාව මධුෂංඛ අමරසිංහ ---