සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ තාල වාද්‍ය අංශයේ ප්‍රථම සිසුවිය සිතාරා මධුවන්තිය. ඇය සමගින් ලංකාවේ පළමු කාන්තා තාලවාද්‍ය කණ්ඩායම නෙළුම් පොකුණේදී නොවැම්බර් 06 වැනිදා ප්‍රසංගයකට සූදානම් වේ.අද කතාබහ දිගහැරෙනුයේ ඒ හා බැඳුණු කතාබහ සමගිනි.
Q මුලින්ම ප්‍රසංගය පිළිබඳව හැඳින්වුවහොත්?
ප්‍රසංගය පැවැත්වෙන්නෙ නෙළුම් පොකුණේ,නොවැම්බර් 06 වැනිදා. එය තූර්යා කාන්තා තාල වාද්‍ය වෘන්දය විසින් තමයි පවත්වන්නේ. ලංකාෙව් පළමුවැනි කාන්තා තාල වාද්‍ය කණ්ඩායම තමයි එය. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියන් සහ උපාධි අපේක්ෂිකාවන් 10 දෙනෙකුගේ එකතුවක් තමයි මෙය. පුහුණුවීම් කරන්නේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ශ්‍රියන්ත චන්ද්‍රසේකර මහත්මයා. එසේම චමිල,සුපුන් ශ්‍රී ජයලත්, රුවන් ජයශාන්ත සහ රවිබන්දු විද්‍යාපති යන මහත්වරුත් දේශීය තාල වාද්‍ය අංශයේ නිර්මාණය කරමින් අපහට දායකත්වය දක්වනවා.
එමෙන්ම වෛද්‍යවතී රාජපක්ෂ ආචාර්යතුමිය එය ඉදිරිපත් කිරීමට එකතුවෙනවා. අපි ගැටබෙර, යක්බෙර, දවුල් යන දේශීය බෙරවලට අමතරව ආසියානු, යුරෝපීය සහ අප්‍රිකානු රටවල සංස්කෘතීන්ට අදාළ බෙර එකතු කරගත්ත නිර්මාණ එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. එමෙන්ම ෆ්‍රේම් ඩ්‍රම් නම් වූ ලෝකේ හැමතැනම භාවිත කරන වාද්‍ය භාණ්ඩයක් තිබෙනවා. එය ලංකාෙව් හැටියට අත් රබාන වගේ. අපි එහිදී ෆ්‍රේම් ඩ්‍රම් යන්න ලංකාවට හඳුන්වාදීම කරනවා. එය හැඩයෙන් අපේ රබානට සමාන වුණත් එහි තාල පන්ති සහ වාදනය කරන විදිහ වෙනස්.
එය හඳුන්වාදීම වගේම අපේ කණ්ඩායමේ තේමාව තමයි rare the rhythm of humanity ඒ මනුෂ්‍යත්වයේ රිද්මය විහිදුවාලමින් අපි තේමාවට අදාළව ලෝකයේ විවිධ සංස්කෘතීන්වලට අදාළව කාන්තාව මුහුණදෙන පීඩනයන් එකතුකරලා මෙම ෆ්‍රේම් ඩ්‍රම් නම් අයිතමය හැම මිනිසෙකුටම ජීවිතයේ සීමාවන් යථාර්ථවත් කරමින් හරවත් වූ හුදු තාල වාදනයකට එහා ගිය අදහසක් එකතු කරමින් සන්දර්භයක් සහිත හරවත් නිර්මාණ මෙහිදී එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. අපේ තවත් එක් අංගයක් මෙහිදී ඉදිරිපත් කරනවා.
'RHYTHM OF LANKA'මගින් අතීතයේ සිට අද වෙනකම් මිනිසුන් විසින් නිර්මාණය කළ තාල වාද්‍ය භාණ්ඩ සියල්ලම එකතු කරලා වෙනමම නිර්මාණයක් එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. එම නිර්මාණයන්ට දායක වූ ශිල්පීන්ට කළ මෙහෙය වෙනුවෙන් සම්මාන පුදකරන්නත් බලාපොරොත්තුවක් තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මෙය ලංකාවේ ප්‍රථම කාන්තා තාලවාද්‍ය නිර්මාණය නිසා ජනතාව මේ ගැන යම් අවධානයක් යොමු කරාවි කියලා. එය අපට ශක්තියක්.
Q ඇයි කාන්තාවන් පමණක් යොදාගෙන මෙවැන්නක් කරන්නෙ?
අපි මේ කණ්ඩායම හදන්න කලින් එහෙම නිමිත්තක් තිබුණෙ නෑ. මම දැනට ලංකාවේ පර්කෂන් ඉගෙන ගෙන උපාධියක් ලද ප්‍රථම සිසුවියයි. මම ආවට පස්සෙ එහි සිටි ගුරුවරු සහ ශ්‍රියාන් චන්ද්‍රසේකර මහතාගේ උපදෙස් අනුව තමයි %තූර්යා^ කියන තාල වාද්‍ය කණ්ඩායම බිහිවෙන්නෙ.
Q මෙමගින් මීට පෙර වැඩ කරල තිබෙනවද?
ප්‍රථම සංදර්ශනය 2015 පෙබරවාරි 10 සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ පණීභාරත රංග ශාලාවේදී පැවැත්වුවා. එහි උපකුලපතිතුමා වූ ආරියරත්න කළුආරච්චි සහ නාද්රෝ කණ්ඩායමේ රඛිත රුවන් වික්‍රමරත්න, ජනනාත් වරකාගොඩ යන මහත්වරු ඇතුළු ආචාර්ය මහාචාර්යවරුන් පිරිවරාගත් ප්‍රේක්ෂකාගාරයක් තුළ අපි අපේ ප්‍රථම සංදර්ශනය පැවැත්වුවා. එහිදී අපි ලබාගත් පන්නරය තමයි දෙවැනි ඉදිරිපත් කිරීම.
නමුත් මෙය තමයි අපේ පළමුවැනි මහජන සංදර්ශනය. අනතුරුව අපි ඉන්දියාවෙන් ලද ආරාධනාවකට අනුව පසුගිය වසරේ නොවැම්බර් මාසයේ පැවැත්වුණු 18 වැනි ජාත්‍යන්තර කාන්තා ගැමිනැටුම් තරගාවලිය හා සංදර්ශනට සහභාගි වෙලා ප්‍රථම ස්ථානය සඳහා ශූරතාව මෙන්ම හොඳම සංගීතයට හිමි සම්මානය යනසම්මාන දෙක ලංකාවට අරගෙන ආවා. එයට අපේ විශ්වවිද්‍යාලය මෙන්ම තාල වාද්‍ය ගුරුවරුන්ගෙන් ලද ගුරුහරුකම් මත මෙම කටයුත්ත සාර්ථකව කරගෙන යන්න අපිට හැකියාව ලැබී තිබෙනවා.
Q ප්‍රසංගයෙන් එහාට යන ගමනක සැලැස්මක් ඔබට තිබෙනවද?
ඉදිරි ගමනක් යන්න කවුරුහරි අපිට අතදීමක් කරන්න පුළුවන් නම් එතැනින් එහාට ලෝකෙට මේවගේ හැකියාවන් සහිත පිරිස් ජීවත්වෙනවා යන්න පෙන්වන්න පුළුවන්. ලංකාවෙ විදියට ලෝකයේ තවත් එක් සලකුණක් තියන්න අපිට ශක්තිය තිබෙන බව අපි විශ්වාස කරනවා. නමුත්
එයට තව කාගේ හෝ උපකාර හෝ අවධානය අපිට අවශ්‍යයි. අපේ සංදර්ශනයෙන් ලංකාවේ ජනතාවට කියන කාරණය තමයි මෙන්න කාන්තා කණ්ඩායමක් බිහිව තිබෙනවා එය බලන්න එකතුවෙන්න කියලයි.
Q මේ ප්රසංගයේදී සිදුකෙරෙන සුවිශේෂී දේවල් මොනවාද?
මෙහි සාම්ප්‍රදායිකත්වයෙන් එහාට ගිය නැවුම් අත්දැකීමක් ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. Legend of female percussion යන සංකල්පය මත තමයි අපේ ප්‍රසංගය පෙළගස්වා තිබෙන්නෙ. පළමුවෙන්ම මෙහි ගෝත්‍රික නාද යොදාගන්න බලාපොරොත්තු වෙනවා. ඒ ගෝත්‍රික සමාජ තුළ මෙම තාලවාද්‍ය තිබුණෙ කොහොමද කියනෙක පිළිබඳව අපි කරපු පර්යේෂණාත්මක අධ්‍යයනයකින් පසුව සකසාගත් නිර්මාණයක් තිබෙනවා. කිසිදු සංගීත භාණ්ඩයක් උපයෝගී කර නොගෙන තමයි ප්‍රථම අංගය කරන්නෙ.
දෙවැන්න තමයි රුවන් ජයශාන්ත මහතා නිර්මාණය කළ'ලීලාවතී රාජ සභාව'. ගන්ධබ්බ නමින් තාල වාදනය කළ කාන්තාවන් සංකේ
තවත් කරමින් ලංකාවට මෙවැනි ඉතිහාසයක් තිබුණා යැයි අපි 'ලීලාවතී රාජ සභාව' නමින් දේශීය තාල වාද්‍ය එකතු කළ නිර්මාණයක් එළිදක්වනවා. තුන්වැ
නුව රවිබන්දු විද්‍යාපති මහතා විසින් නිර්මාණය කරන ගැටබෙර නද නමින් ගැටබෙර ආශ්රිත නිර්මාණයක්. අනතුරුව RHYTHM OF LANKA නම් වූ ලංකාවෙ මෙතෙක් බිහිවූ බෙරවාදන එකතු කරලා සිදුකළ නිර්මාණය. තවදුරටත් ඉන්දියානු හා ආසියානු සහ බටහිර ඩ්‍රම්ස් එකතු කරපු නිර්මාණ. මේ ආකාරයට පෙළගැස්වූ නිර්මාණවල යම් කිසි වූ සුවිශේෂීත්වයක් දකින්න තිබෙනවා. ඒවා සියල්ලම යම් කිසි සන්දර්භයක් සහිතව අර්ථාන්විතව හුදු බෙර වාදනයකට එහා ගිය සාරයක් හැම අංගයකම ගැබ්වෙලා තිබෙනවා.
මේ කටයුත්තට උදවු කරපුවිශාල පිරිසක් ඉන්නවා. ඒ අතරින් විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා, නාට්‍ය හා නර්තන කලාපීඨයේ පීඨාධිපති මංගල සේනානායක මහතා ඇතුළු සියලු ආචාර්ය මණ්ඩලයත්, සංගීත අංශයේ කෝලිත භානු දිසානායක මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලයත්, දෘශය කලා පීඨයේ පීඨාධිපතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයත්, ඉතිහාස හා සිද්ධාන්ත කලා පීඨයේ චන්ද්‍රගුප්ත තේනුවර මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලයත්, රවිබන්දු විද්‍යාපති,නාද්රෝ රඛිත වික්‍රමරත්න යන මහත්වරුන් ඇතුළු අපේ නිර්මාණවලට දායකත්වය දක්වපු හැමදෙනාම මේ මොහොතේ සිහිපත් කළ යුතුයි.