ළමුන්ට සහ කාන්තාවන්ට එරෙහිව සිදුවන අපරාධ පිළිබඳව ලොව පුරා මතයක් ගොඩනැගෙමින් පවතින මෙවන් යුගයක ලොව ප්‍රකට ගායිකාවක වන ලේඩි ගාගා සියලු ආකාරයේ ලිංගික හිංසනයන්ට එරෙහිව ගීතයක් එළිදක්වා තිබේ.
මෙම ගීතයට වීඩියෝවක්ද මේ වනවිට එළිදක්වා ඇති අතර, මෙයින් ප්‍රධාන චරිත 4 ක් ඇසුරෙන් ලිංගික හිංසනයන්ට ලක්වූවන්ට නැවත නැගිටීමට ධෛර්ය දෙන්නැයි සමාජීය පෙළඹවීමක් ඇති කිරීමටත්, සියලු ආකාරයේ ලිංගික හිංසනයන්ට එරෙහි වියයුතු බවට සමාජ මතයක් ඇති කිරීමටත් එයින් උත්සාහ කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ලේඩි ගාගා විසින් එළිදක්වන ලද මෙම ගීතය නම් කර ඇත්තේ ටිල් ඉට් හැපන්ස් ටු යූ නමිනි. ලිංගික හිංසනයන්ට එරෙහි සමාජ ක්‍රියාකාරකම් සහ ලිංගික හිංසනයන්ට ලක්වූවන්ට සහන ලබාදීමට අරමුදල් රැස්කිරීමද මෙහි අපේක්ෂාවක් වී ඇත. මෙමගින් සමාජය යම් පණිවුඩයක් ගෙන යාමට හැකි බවද ලේඩි ගාගා පවසනවා. ඇය විසින් යම්කිසි අරමුදලක් පවත්වාගෙන යන බවත් ලිංගික හිංසනයන්ට ලක්වූවන්ට එම අරමුදල මගින් හැකි පරිදි උදවු කරන බවටද ඇය වැඩිදුරටත් පවසා ඇත.