'සිහින වසන්තයක්' ඔස්සේ ටෙලි අධ්යක්ෂණයට පිවිසි සාරංග මෙන්ඩිස් මේ දිනවල විකාශය වන 'දෙවෙනි ඉනිම' ටෙලි නාට්‍යය තුළින් තාරුණ්‍යයේ හඬක් අවදි කර තිබෙනවා සේම,ඊට බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාරද ලැබෙමින් පවතී. වර්තමාන ටෙලි නිර්මාණ සඳහා අත්ව ඇති ඉරණම සහ සිංහල ටෙලි නිර්මාණ ඉන්දියානුකරණය සම්බන්ධයෙන් අප ඔහුගෙන් මෙසේ අදහස් විමසුවෙමු.
Q 'දෙවෙනි ඉනිම' නාට්‍යයට මෙවැනි ප්‍රතිචාර ලැබෙයි කියලා දැනගෙන හිටියාද?
දෙරණේ ලක්සිරි වික්‍රමගේ මහත්තයා, ඒ වගේම චරිත් කොතලාවල, සමන් එදිරිමුණි, මගේ බිරිඳ චාමිකා අපි හැමෝම හැම තිස්සේම අපි කරන නිර්මාණ ගැන ලොකු සාකච්ඡාවක හිටියා. අපි මොන වගේ දෙයක්ද හදන්නේ, ඇයි අපිට ඉන්දියන් නාට්‍යවලට තරගයක් දෙන්න බැරි, අපි කොහොමද ඒ තරගය ජයගන්නේ, මිනිසුන්ගේ හදවත්වලට ජනකාන්ත නිර්මාණයක් කරන්නේ කොහොමද කියලා අපි ලොකු ගවේෂණයක හිටියා.
අපි කරපු 'දේදුන්නයි ආදරේ' නිර්මාණය මිනිස්සුන්ට පෙන්නලා සමීක්ෂණ වාර්තා ලබාගත්තා. අවුරුදු 2ක කාලයක් පුරා අපි හෙව්වා අපේ පොළවට හරියන දෙයක් කරන්න කියලා. ඊට පස්සේ සමන් එදිරිමුණි එක්ක එකතුවෙලා මේ කතාව හදලා දේවල් ටිකක් එකතු කළා. ඊට පස්සේ තමයි මේ 'දෙවෙනි ඉනිම' කියන කතාව බිහි වෙන්නේ. ලංකාවේ ටෙලිනාට්‍යයවලට හිනාවුණ ඩිජිටල් පරම්පරාව මේක ආදරයෙන් වැලඳගත්තා. විවිධ සමාජ ස්ථරවල අයට ගැළපෙන්න අපට කතාව හදන්න පුළුවන් වුණා. ඒක ඇත්තටම ලොකු මහන්සියක ප්‍රතිඵලයක්.
Q අධ්‍යක්ෂකවරු ගොඩක් ටෙලිනාට්‍ය හදන්නේ මුදල්මය බලාපොරොත්තු සඳහා. ඔබත් එහෙමද?
මේක සම්පූර්ණයෙන්ම වැරදි කියවීමක්. ඒකට මූලිකම හේතුව තමයි අපි පැහැදිලිවම තේරුම් ගන්න ඕනේ අපි ඉන්නේ කොහෙද කියන එක. ඒක අපේ රටේම තිබෙන ප්‍රශ්නයක්. අපේ මිනිස්සු හිතන් ඉන්නවා ලෝකෙ තියන හොඳම රට තමයි අපේ රට කියලා. ඒක බොරුවක්. අපි ඉතාම පසුගාමී රාජ්‍යයක්. ඒ වගේම තමයි ටෙලිනාට්‍ය ගැන හිතාගෙන ඉන්නෙත් අපි ඉස්සර ඉහළම එක හැදුවේ කියලා.
අපි ඉස්සර ඉහළම එක හැදුවා නම් දැන් හදන්න ඕනනෙ ඊටත් වඩා ඉහළ එකක්. අපේ තියෙන අදක්ෂභාවය අපි මේක ගැන ඉගෙන නොගැනීම නිසා අපි ලොකු අර්බුදයක ඉන්නවා. ටෙලිනාට්‍ය හදන්න. අපි කොහෙන්ද ඉගෙන ගන්නේ,අපිට කෝ ඉගෙනගන්න තැනක්. අපේ ප්‍රවීණ ශිල්පීන් හිතන්නේ තමන් ගැන විතරයි. නිළි රැජින පාර්ලිමේන්තුවේ හිටියා, ජනාධිපති ළඟ අපේ උපදේශකවරු හිටියා.
මොකක්ද කළේ. මිනිස්සු රවට්ටන බොරු වැඩ. ටෙලි ගම්මානයක් හැදුවා., හම්බන්තොට අපිට ගිහින් ෂූට් එකක් කරන්න පුළුවන්ද? ඒකට පැය 10ක් යනවා. අපිට පාසලක් හදන්න කවුද කතා කළේ. ක්ෂේත්‍ර‘යේ පැටන් එක ඉදිරි පරම්පරාවට දෙන්න ඕනේ. අමිතාබ් බච්චන්ලා, ෂාරුක් ඛාන්ලට දෙනවා ක්ෂේත්රය. සමහරු චිත්‍රපටි කරන්න කියලා යනවා.
චිත්‍රපටි ඊටත් වඩා අවුල් තැනකනේ තියෙන්නේ. මේක සම්පූර්ණයෙන්ම මුදල් මත තියෙන්නේ. අපි මිනිස්සුන්ගේ ජීවිතයේ ආනන්දය ඇති කළොත් ඇති. එහෙමනම් අපි ඉමෝෂනල් ඒවා හදන්න ඕනේ. ඉමෝෂනල් ඒවා හදද්දී ඒවා ආර්ථික වශයෙන් හොඳ වෙනවා. ඊට පස්සේ තව තව ඒවා කරන්න පුළුවන්. අපි හදන්න ඕනේ අපේ මිනිස්සු ආසා කරන ආදරේ කරන දේ. අපේ ක්ෂේත්රයේ ටෙක්නොලොජි එක අලුත් වෙන්න ඕනේ. ඒත් අපි කවදද ඒ ගැන කතා කළේ, එක සෙමිනා එකක්වත් තිබ්බේ?
Q අද ඉක්මනට නිර්මාණයක් වැලඳගන්නවා වගේම ඉක්මනට ප්‍රතික්ෂේප කරනවා. ඒ අභියෝගය මොකක් වගේද?
ඇත්තටම ඒක අභියෝගයක් වෙලා තියෙන්නේ මේකයි. මිනිස්සු සදාකාලිකවම කැමති දේවල් තියෙනවා. මිනිස්සු දකින්න කැමතියි වීරයෙක්ව, දුෂ්ටයෙක්ව, ලස්සන නිළියෙක්ව., නිර්මාණයක් කරනවානම් ජනප්‍රිය දේවල් මේවායි කියලා කැටගරි එකක් කරලා තියනවා. අපේ හිටපු කුහක විචාරකයෝ කාලෙක මේවා වට්ටෝරුගත සිනමාව කියලා අයින් කළා. එදා තමයි අපේ සිනමාව වැටෙන්න ගත්තේ.
78 සිනමාවේ ස්වර්ණමය යුගය කියනවා. ඇයි අපි ඒක නැතිකර ගත්තේ. මිනිස්සු මේ ලෝකෙ හැමදාම හාස්යයටයි ආදරයටයි කැමතියි. ඒක හරියට මිනිස්සුන්ට විශ්වාසගත විදියට ඉදිරිපත් කරනවානම් ඒක ඉන්දියාවෙද, ලංකාවෙද, බ්‍රසීලයේද කියන එක වැදගත් නැහැ.
අභියෝගයක් තියෙන්න මූලික දේවල් ටික මේ වෙලාවේ තියෙන සමාජයට අපි කොහොමද ඇප්ලයි කරන්නේ. අපි දැන් 'අඹ යාළුවෝ' වගේ එකක් දාලා හරියන්නේ නැහැ. ළමයින්ගේ වීරයා දැන් සටන් කරන්නේ පිටසක්වළ ජීවීන් එක්ක. ඒ 'බෙන්ටෙන්' කියලා අපි දැනගන්න ඕනේ. නූතන පරම්පරාවේ හැඟීම්, සිතීම් ඒ පරම්පරාවට ගැළපෙන්නයි අපි නිර්මාණ කරන්න ඕනේ.
අපි කරන දේ යාවත්කාලීනද නැද්ද කියන එක තමයි ඔබ කියන දේට පිළිතුරක් වෙන්නේ. පරණ කාලයේ ප්‍රේමය අපිට දැන් කරන්න බෑ. අලුත් පරම්පරාව ඒක දන්නේ නැහැ. මිනිස්සු අතඅරින දේක කෑල්ලක් අරන් අපි නිර්මාණ කළොත් ඒක කොහෙදී හරි ප්‍රතික්ෂේප වෙනවා. අපි හැම විටම නූතනයත් එක්ක යන්න ඕනේ.
ඒකෙන් කියන්නේ නැහැ අපේ ජන සමාජය ජන සුවඳ අතහැරිය යුතුයි කියලා. අපේ ප්‍රශ්නේ තමයි හැමෝම එකම හදන්න හදනවා. රජ කතා හැදුවොත් හැමෝම රජ කතා හදන්න හදනවා. හැමෝම එක එක දේවල් හැදුවොත් තමයි ඉස්සරහට යන්න පුළුවන්. කට්ටියක් රජ කතා, තව කට්ටියක් ළමා කතා, ඒ වගේම 'දෙවෙනි ඉනිම' වගේ කතා විවිධ දේ හැදුවොත් තමයි අපිට ඉස්සරහට යන්න පුළුවන්.
මෙහෙම වෙන්නේ නැත්තේ අපිට මේ දේවල් උගන්නන්න කෙනෙක් නැති වීම හේතුවෙන්. ලංකාවේ උගන්නන්න කෙනෙක් නැත්නම් පිටරටින් ගෙනත් හරි මේ දේවල් උගන්නන්න ඕනේ.
Q අද මේ ක්ෂේත්රයට එන කට්ටියට ඉගෙනගන්න තැනක් නැති නිසාද නිර්මාණවල ගුණාත්මක බව අඩු වෙලා තියෙන්නේ?
ඔව්. ඒක ලොකු හේතුවක්. අපේ කලාව නැති වෙන්නේ ඒක ඉගෙනගන්න හරියට තැනක් නැති නිසා. මේ ගැන අපේ කලින් හිටපු පරම්පරාව කතා කරන්නේ නෑ මේකෙ ඉන්න අයට ශිෂ්‍යත්වයක් දීලා රටවල්වල ගිහින් මේ දෙවල් ඉගෙනගන්න අවස්ථාවක් හදලා දෙන්න කියලා.
අපි කවදාවත් උගත්තුන්ගේ සේවය ලබාගන්නේ නැහැ. එතකොට කොහොමද නිර්මාණයක් හැදෙන්නේ. ඉගෙන ගැනීමකින් තොරව කවදාවත් ගොඩයන්න බැහැ. දැන් කැලණිය විශ්වවිද්‍යාලයේ ආරම්භ කරලා තිබෙනවා ඩිප්ලෝමා එකක්. මාත් ඉගෙනගන්නවා ඒකෙ.
Q රජයේ නාළිකාවලින් තියනවා නේද උගන්වන්න වැඩ සටහන්. එතකොට ඒවගෙන් ප්‍රයෝජනයක් නැද්ද?
ප්‍රයෝජනයක් නෑ. රූපවාහිනිය නාට්‍ය කරනවා. එයාලා 'අඹ යාළුවෝ' ගෙනත් දානවනේ. 'කඩුල්ල' ගෙනත් දානවනේ. එයාලට නාට්‍ය කරන්න කට්ටිය නෑ කියලා එයාලම විශ්වාස කරනවානේ. දක්ෂයෝ ඉන්නවානම් රූපවාහිනිය ගමුකෝ ඉස්සරහට. හැකියාවක් තියෙනවානම් ඒ හැකියාව පේන්න ඕනෙනෙ. ඉන්දියාවේ දක්ෂයො ඉන්න නිසානේ ඒක අංක 01 වෙන්නේ.
මේක ලොකු තරගයක්. රූපවාහිනිය තියෙන්නේ අංක 7 රේටින් ලිස්ට් එකේ. වහන්න ඔන්න මෙන්න තියෙන්නේ. අපේ ගොඩක් ටෙලිවිෂන් උගන්නනවා කියලා උගන්නන්නේ තමන්ගේ අත්දැකීම්. මම ඉස්සර ආවේ මෙහෙම අමාරුවෙන් කියනවා. ඒ අමාරුකම දැන් ලෝකේ නෑ. ඉස්සර ගායකයෙක් වෙන්න අමාරුයි දැන් ගායකයෙක් වෙන්න අමාරු නෑනේ. දැන් ලෝකය විවෘතයි.
ආයුර්වේද වෙද්දුන්ගෙයි පේන බලන අයගෙයි කාලෙ ඉවරයිනේ දැන්. දැන් පවතින තාක්ෂණයත් එක්ක මිනිස්සු ලෝකයේ හැදෙන ටෙලිවිෂන් දකිනවා. දෙවෙනි ඉනිම යූ ටියුබ් එකෙන් ඩේටා කපාගෙන ලක්ෂ 4යි ගාණක් බලන්නේ ඒ තියන ආකර්ෂණය හා නවීනත්වය නිසා. මම කියන්නේ අපි ලෝකේ හොඳම එක කරලා නෑ.
අපිත් මේ හොයාගන යන ගමනක්. ලෝකයේ සමහර රටවල වැඩිම ආදායම් උපයන්නේ මේ ක්ෂේත්රයෙන්. අපේ රටේ ටෙලිවිෂන් ආර්ටිස්ලට මැරෙන්න යනකොට සල්ලි ගෙවාගන්න බෑ. අද දෙරණ නාළිකාවෙන් සියල්ලට වියදම් කරන නිසා අපිට කොන්සර්ට් වගේ ඒවා කරන්න පුළුවන් වුණා. මේවා ඉතිහාසයේ කවුරුත් කරලා නෑ. ක්‍රිකට් තරගයක් තිබිලා නෑ. ඒවා තිබුණේ අපේ නාට්‍යවල. මිනිස්සු විස්මයට පත්වෙනවා. මේ මැජික් ටික හැමතැනටම ගෙනියන්න ඕනේ.
Q එක නාට්‍යකින් ප්‍රධාන නළුවෙක් හෝ නිළියක් බිහි වුණොත් එයාලම තමයි අනිත් නාට්‍යවල ප්‍රධාන නළුවා හෝ නිළිය වෙන්නෙ. මේ ගැන මොකද හිතෙන්නේ?
අපිට නළු නිළියෝ හොයාගන්න තැනක් නැහැ. වෙන රටවල නළු නිළියො බිහිකරන්නේ කොලේජ්වලින්. හැම කතාවකම එකම කෙනා ඉන්න ගියාම මිනිස්සුන්ට මේ චරිත පැටලෙනවා. අපේ කතාවේ අනුහස් අනුහස්මායි, සමල්කා සමල්කමයි. එහෙම පැටලෙන්න ගියාම ගොඩයන්න බැහැ. ඒකට නළු නිළියන්ට දොස් කියන්න බැහැ. ඔවුන් ජීවත් වෙන්නේ මේකෙන්.
ඔවුන්ගේ රැකියාව මේක. මේක ටෙලිනාට්‍ය ක්ෂේත්රයේ තිබෙන ප්‍රශ්නයක්. සමහර චැනල්වල අනවශ්‍ය මැදිහත් වීම් තිබෙනවා. මේ නිළියව ගන්න අර නිළියව ගන්න කියලා. නමුත් දෙරණේ එහෙම තත්ත්වයක් නැහැ. මේකේ තියන අවිධිමත් බව තමයි හැම ප්‍රශ්නෙකටම මුල. අපි රට වටේ හොයනවා නිළියෝ. ෆේස්බුක්වල හොයනවා.
ඒක හරි ලැජ්ජා සහගත වැඩක්. අපිට ඉන්දියන් නාට්‍ය නවත්වන්න බැහැ. තරගය තුළිනුයි ඉස්සරහට යන්න පුළුවන්. අපිට එවැනි තරගයක් දෙන්න නම් මේ දෙවල් ගැන ඉගෙනගන්න ආයතන බිහි කරන්න ඕනේ. අපේ ප්‍රවීණයෝ තමන් ගැන නොසිතා වැඩ කළොත් මම හිතනවා මේ ක්ෂේත්රය ගොඩගන්න පුළුවන් කියලා.
Q ලංකාවේ මේ ක්ෂේත්රය කවදා හෝ යථාතත්ත්වයට පත්වෙයි යනුවෙන් ඔබ විශ්වාස කරනවාද?
මේ තිබෙන විදියට ලංකාව දියුණුවෙයි කියලා අපිට හිතන්නත් බෑනේ. අපේ තියන ණය, අධ්‍යාපන ක්‍රමය, සංස්කෘතික පරිහානිය රටක් දියුණු වෙන්න නම් මිනිස්සුන්ගේ මානුෂීයභාවය දියුණු වෙන්න ඕන. කලාව කියන්නේ මානුෂීයභාවයේ තිබෙන උතුම්ම සංකල්පයක්.
නොදියුණු සමාජයක කොහොමද කලාව නග්ගන්නේ. අනිත් මිනිස්සුන්ගේ හිතේ ආනන්දය ඇති කරන්න මම ආනන්දවත් මනුෂ්‍ය‘යෙකු වෙන්න ඕනේ. අපේ රටේ ජාතිය ගොඩනගන්න පුළුවන් තරම් නායකයො නැහැ. ඒකයි මේ දේවල්වලට හේතුව. මිනිසුන්ගේ මානුෂීයභාවයක් නැතුව කලාවක් දියුණු වෙන්නේ නැහැ.
Q ඔබේ ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?
'දෙවෙනි ඉනිම' දීර්ඝ වශයෙන් යන්න බලාපොරොත්තු වෙනවා කඩා වට්ටගන්නේ නැතුව. දෙරණ නාලිකාවේ අපේ ගුරුතුමා සභාපතිතුමා එක්ක කතා කරලා තමයි තීරණය කරන්නේ අපි ඊළඟට මොනවද කරන්නේ යනුවෙන්. තාම සැලැස්මක් නැහැ. අපිට වෙලාවක් නැහැ වෙන දෙයක් කරා යොමු වෙන්න. අපි නිතර නිතර අවධානයෙන් වැඩ කරන්නේ 'දෙවෙනි ඉනිම' සඳහාම තමයි.