ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 20 වන ඉරිදා
ගායිකාවක්, නිළියක්, නිරූපන ශිල්පිනියක් සහ සංගීත පදරචිකාවියක් ලෙස ප්‍රසිද්ධියට පත් කාරණාවට වඩා එහා ගිය කාරණාවකින් රිහානාව හඳුන්වනු ලබයි. ඇය සඳහා ලබාදෙන අන්වර්ථ නාමය වන්නේ Tattoo සඳහා ආදරය කරන සුරූපිනිය ලෙසයි. මේ දිනවල ඇයගේ පුවත වන්නේ ඇය තවත් Tattoo එකක් තම ශරීරයේ කොටා ගැනීමට සූදානම් වන බවකි. ඒ සඳහා සුදුසු රූපයක් සොයන බවත්, මේ වන විට ලෝකයේ කවුරුත් කොටා නැමැති Tattoo වර්ගයක් වන Flash Tattoo නමින් හඳුන්වන Tattoo වර්ගය තම ශරීරයේ කොටා ගැනීමට ඇය බලාපොරොත්තු වන බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මේ වන විට ඇගේ ශරීරයේ ඇති සියලුම Tattoo ගණන 21 ක් බව සඳහන් වෙයි. ඇය මේ පිළිබඳව විදෙස් මාධ්‍ය වෙත කියා සිටියේ "මගේ ජීවිතයේ ලොකුම සතුට තමයි Tattoo කඩ ගානේ රස්තියාදු වෙන එක. මම ගොඩක් වෙලාවට තනියම ඉන්න කැමති කෙනෙක්. ඒක නිසා මට හිතුණාම Tattoo කඩයකට ගිහින් බලං ඉඳලා නැවත එනවා" යනුවෙනි.
වයස අවුරුදු 16 දී රිහානා පළමු පච්චය කොටාගෙන තිබුණේ දකුණු පාදයේ වළලුකර අසලයි. ඒ බටහිර සංගීතයේ ස්වරයක සලකුණක් වන අතර, ඉන්පසුව 2006 වර්ෂයේදී පාදයේ ඊජිප්තු උකුස්සකුගේ රූපයක් කොටාගෙන ඇත. තවත් ටික කලකදී පාදය පිටුපස මිනී ඔළුවක ලකුණකුත්, 2008 වර්ෂයේදී දකුණු අතේ මැණික් කටුව ළඟ Tattoo එකක්ද කොටාගෙන ඇත. ඇය ගැන විශේෂයෙන් සඳහන් වන කරුණක් වන්නේ ඇය කළු කාන්තාවක් බැවින්, ඇය ගෝත්‍රවල සංකේත බහුල වශයෙන් ශරීරයේ කොටා ගැනීමට කැමති බවයි.
කෙසේ නමුත් ඇගේ ශරීරයේ විවිධ ප්‍රදේශයන්හි Tattoo වර්ග 21 ප්‍රදර්ශනය වන අතර, ඇගේ ඇඳුම් නිර්මාණය කරන්නේද එම Tattoo පිටතට පෙනෙනා ආකාරයෙන් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
popular news
2017න් පසුව කතරගමට ගැලූ ජන ගඟ
පොලොන්නරුව දේවස්ථානයට එල්ල වූ වෙඩි ප්‍රහාරයේ සුල මුල හෙළිවෙයි
පාස්කු දා ප්‍රහාරයේ විමර්ශන ගැන රදගුරු සමුළුවෙන් නිවේදනයක්
නුවරඑළිය සංචාරකයන්ගෙන් පිරෙයි
පාස්කු ප්‍රහාරය විමර්ශන ගැන මහජන ආරක්ෂක ඇමතිගේ අලුත්ම හෙළිදරව්ව
දළාඳ වන්දනාවනට අද එන්න ඉන්න අය වෙනත් දිනයක එන්න
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd