සම්මානලාභී ප්‍රකට වනජීවී ඡායාරූප ශිල්පියෙකු වන ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂඥ වෛද්‍ය රියර් අද්මිරාල් ලලිත් ඒකනායක මහතාට මෑතකදී වියට්නාමයේ පවත්වනු ලැබූ A Green Environment Contest 2015 ජාත්‍යන්තර පාරිසරික ඡායාරූප තරගයේ රන් පදක්කම හා ඉන්දියාවේ පැවැත්වූ Sanctuary Wildlife Awards 2015 ජාත්‍යන්තර ඡායාරූප තරගයේ විශේෂ ඇගයීමට පාත්‍ර විය.
වියට්නාම් රන් පදක්කම දිනූ ඡායාරූපය
දැනට දිවයිනේ සිටින වනජීවී ඡායාරූපකරණයේ වැඩිම ජාත්‍යන්තර පදක්කම් හා සම්මානලාභියා වන ලලිත් මහතා ශ්‍රී ලංකාව, මහා බ්‍රිතාන්‍යය, සර්බියාව, සිංගප්පූරුව, තායිවානය යන රටවලදී රන් පදක්කම්ද ශ්‍රී ලංකාව, ඉන්දියාව, යුක්රේනය යන රටවලින් රිදී පදක්කම් සහ ඔස්ට්‍රියාව (Trierenberg Super Circuit) සහ ශ්‍රී ලංකාව යන රටවලින් ලෝකඩ පදක්කම් දිනා ඇත.
ඊට අමතරව ඒ මහතාගේ ඡායාරූප ලංකාවේ හා ඉන්දියාවේ (Sanctuary Wildlife Awards 2013) දී ප්‍රථම ස්ථානය දිනා ඇති අතර, දෙවැනි, තෙවැනි ස්ථාන හා අධිසම්මාන ශ්‍රී ලංකාව, ඉන්දියාව, මහා බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ඇමරිකාව, ප්‍රංශය, ඉතාලිය (Oasis Contest) ස්ලෝවේනියාව, සර්බියාව යන රටවලින් හා National Geographic තරගයේදීද ජයග්‍රහණය කර ඇත.
කලාත්මක ඡායාරූපකරණයේ AFIAP නාමධාරියෙකු වන ලලිත් ඒකපුද්ගල ඡායාරූප ප්‍රදර්ශන දෙකක් පවත්වා ඇති අතර ඊට සමගාමීව වනජීවී ඡායාරූප ග්රන්ථ දෙකක් එළිදක්වා ඇත.ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෛද්‍ය අධ්‍යක්ෂකවරයා වන වෛද්‍ය රියර් අද්මිරාල් ලලිත් ඒකනායක මහතා, කායික හා අන්ත්රික රෝග විශේෂඥයෙකුද වෙයි. ශ්‍රී ලංකාවේ සිටින කිමිදුම් වෛද්‍ය විද්‍යාව පිළිබඳ එකම විශේෂඥවරයා වන්නේ ඒ මහතායි. මේ සම්බන්ධයෙන් වෛද්‍ය ලලිත් ඒකනායක මහතා පවසන්නේ, තමන්ගේ සියලු ජයග්‍රහණ ශ්‍රී ලංකාවේ දැනට දැඩි ලෙස තර්ජනයට ලක්වී සිටින වන ජීවය හා පරිසරය ආරක්ෂා කිරීමට යොදවන බවයි.
ඉන්දියාවේ ඇගයීම් සම්මානය