ආක්ෂේ කුමාර් දායක වූ 'Rustom' චිත්රපටය සහ රිතික් රෝෂන්ගේ 'Mohenjo Daro' චිත්රපටය තිරගත වූයේ පසුගිය 12 වැනිදාය. එකම දිනයේ කරළියට පැමිණි මෙම චිත්රපට දෙකෙන් වැඩිම ආදායමක් උපයා ගැනීමට ආක්ෂේ කුමාර් දායක වූ 'Rustom' චිත්රපටය සමත්වී ඇත.
එහි ආදායම මේ වනවිට ඉන්දියානු කෝටි 110ක් ලෙස වාර්තා වෙයි. මේ සඳහා මූලික ලෙස විදයම් වූ මුදල ලෙස සඳහන් කර ඇත්තේ, ඉන්දියානු කෝටි 65කි. මේ වනවිට රිතික් රෝෂන්ගේ 'Mohenjo Daro' හි ආදායම ඉන්දියානු කෝටි 75කි. 'Mohenjo Daro' චිත්රපටය සඳහා ඉන්දියානු කෝටි 115 ක් විදයමක් දරා ඇති නමුත්, මේ වනවිට එහි ආදායම චිත්රපටයේ වියදම් වූ මුදලවත් ආවරණය කර ගැනීමට හැකියාවක් ලැබී නොමැත.