මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්රදානෝත්සවය අද (03දා) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන සාහිත්‍යරත්න සම්මානය මෙවර සිංහල, දෙමළ, ඉංග්‍රීසි මධ්‍යයෙන් ලේඛන කලාවේ නිරත වූ විශිෂ්ටයන් තිදෙනෙකුට පිරිනමන ලදී. එහිදී සිංහල සාහිත්‍ය කලාවට සිදුකළ විශිෂ්ට සේවය වෙනුවෙන් මහාචාර්ය විමල් දිසානායක මහතාද දමිළ සාහිත්‍ය කලාවට සිදුකළ විශිෂ්ට සේවය වෙනුවෙන් තෙලිවත්තේ දිසානායක මහතාද, ඉංග්‍රීසි සාහිත්‍ය කලාවට සිදුකළ විශිෂ්ට සේවය වෙනුවෙන් කාල් මලර් මහතාද සම්මාන ලැබූහ.
හොඳම නවකතාවට හිමි රාජ්‍ය සම්මානය නෝබට් අයගමගේ විසින් රචිත කළ &නදී ගලා බසී* නවකතාවට මෙවර ප්රදානය කෙරුණු අතර පෙරේදා අප අතරන් වියෝවූ බන්දුල විතානගේ මහතා විසින් රචිත &හැමෝටම වැරදිලා* කෘතියට හොඳම පරිවර්තන නාට්‍ය කෘතියට හිමි සම්මානය පිරිනැමිණි.
සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා ඇතුළු සාහිත්‍යවේදීහු රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
ඡායාරූප - ඉසුරු පෙරේරා