වසරේ හොඳම නාට්‍ය නිෂ්පාදනය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නළුවා, හොඳම සහය නළුවා, හොඳම සහය නිළිය ඇතුළු සම්මාන හයක් දිනාගනිමින් වසරේ නාට්‍ය ලෙස රාජිත දිසානායකගේ 'නැතුව බැරි මිනිහෙක්' නාට්‍ය නිර්මාණය 2017 රාජ්‍ය නාට්‍ය උලෙළේදී සම්මානයට පාත්‍ර විය.
මෙරට නාට්‍ය කලාව වෙනුවෙන් සිදුකරන ලද අමිල මෙහෙවර අගයමින් ජීවිතයේ එක්වරක් පමණක් පිරිනමන නාට්‍යකීර්ති සම්මානය ප්‍රවීණ නාට්‍යවේදී නාමෙල් වීරමුණි සහ ප්‍රවීණ නාට්‍යවේදී මානා මකීන් නාට්‍යවේදීන්ට මෙවර නාට්‍ය උලෙළේදී ප්රදානය කරන ලද්දේ සියල්ලන්ගේම ගෞරව සම්මාන මධ්‍යයේදීය.
අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම, සංස්කෘතික කටයුතු අධ්යක්ෂ අනුෂා ගෝකුල ප්‍රනාන්දු, ප්‍රවීණ නාට්‍යවේදීන් ඇතුළු කලා ක්ෂේත්රයේ රැසකගේ සහභභාගීත්වයෙන් මෙවර රාජ්‍ය නාට්‍ය උලෙළ නෙළුම්පොකුණ රඟහලේදී පැවැත්විණ.
පසුගිය වසරේ වේදිකාගත කරන ලද සිංහල සහ දමිළ මාධ්‍යයන්ගේ දිගු නාට්‍ය සහ කෙටි නාට්‍ය සඳහා මෙහිදී සම්මාන ප්රදානය කළ අතර, සම්මානලාභීන් පහත පරිදි වේ.
හොඳම රංගාලෝකය - (කෙටි නාට්‍ය) 'මිඩ් නයිට් ඩ්‍රීම්' නාට්‍යයේ ආලෝක සම්පත්
හොඳම රංගාලෝකය - (දිගු නාට්‍ය) 'Mr W හෙවත් අත්තනායකගේ අවසන් දවස්' නාට්‍යයේ අනුරාධ මල්ලවආරච්චි
හොඳම රංග වස්ත්‍ර නිර්මාණය - කෙටි නාට්‍ය - 'ලද ලබ' නාට්‍යයේ ආනන්ද චන්ද්‍රකුමාර
හොඳම රංග වස්ත්‍ර නිර්මාණය - දිගු නාට්‍ය 'ගිරිකූඨ කාශ්‍යප' නාට්‍යයේ අනුදත් රාජපක්ෂ සහ අඛිල සපුමල්
හොඳම පසුතල නිර්මාණය - කෙටි නාට්‍ය - සම සම්මාන - 'ආණ්ඩුවේ රස්සාව' නාට්‍යයේ කළණි දොඩන්තැන්න සහ 'මිඩ් නයිට් ඩ්‍රීම්' නාට්‍යයේ නුවන් දර්ශන
හොඳම පසුතල නිර්මාණය - දිගු නාට්‍ය - 'නැතුව බැරි මිනිහෙක්' නාට්‍යයේ අනුරාධ මල්ලවආරච්චි
හොඳම අංග රචනය - කෙටි නාට්‍ය - 'ස්වර්ණ භූමි' නාට්‍යයේ පසන් මල්ශාන්
හොඳම අංග රචනය - දිගු නාට්‍ය - 'ප්‍රේමවන්ත කුමාරයෝ' නාට්‍යයේ ලක්ෂිත සංකල්ප ජයකොඩි, චමරි නිසංසලා සහ අශාන් උඩුපිල්දෙණිය
හොඳම වේදිකා පරිපාලනය - කෙටි නාට්‍ය - 'ලද ලබ' නාට්‍යයේ ආනන්ද චන්ද්‍රකුමාර
හොඳම වේදිකා පරිපාලනය - දිගු නාට්‍ය - ඩබ්.හෙවන් අත්තනායකගේ අවසන් දවස් නාට්‍යයේ බිම්සර හතරසිංහ
සංගීත නිර්මාණය කුසලතා සහතිකය (කෙටි නාට්‍ය) - මිඩ්නයිට් ඩ්‍රීම් නාට්‍යයේ පාලිත අබේරත්න
හොඳම සංගීත නිර්මාණය සම්මාන කෙටි නාට්‍ය - ස්වර්ණ භූමි නාට්‍යයේ සුදර්ශන ක්‍රිශාන්ත සහ නිලූෂා දිල්හානි
හොඳම සංගීත නිර්මාණය සම්මානය - දිගු නාට්‍ය - ගිරිකූඨ කාශ්‍යප නාට්‍යයේ ලිහිරු මාඩිවිල
හොඳම රංග වින්‍යාසය සම්මානය - කෙටි නාට්‍ය - ලද ලබ නාට්‍යයේ ජූඩ් ලසන්ත ක්ලෝඩියස්
හොඳම රංග වින්‍යාසය - දිගු නාට්‍ය - 'Mr W හෙවත් අත්තනායකගේ අවසන් දවස්' නාට්‍යයේ විශ්ව චින්තක තිලකරත්න
රංගන කුසලතා සහතිකය - කෙටි නාට්‍ය - 'ස්වර්ණ භූමි' නාට්‍යයේ මහල්ලාගේ චරිතය නිරූපණය කළ එල්.ඒ නුවන් දර්ශන
කෙටි නාට්‍ය - 'අධිශීතකරණය' නාට්‍යයේ ගාමිණීගේ චරිතය නිරූපණය කළ චමින්ද පුෂ්පකුමාර
දිගු නාට්‍ය - 'ප්‍රේමවන්ත කුමාරයෝ' නාට්‍යයේ සජිත අනුත්තර ඇන්තනී
දිගු නාට්‍ය - 'Mr W හෙවත් අත්තනායකගේ අවසන් දවස්' නාට්‍යයේ කර්නල් බණ්ඩාරගේ චරිතය නිරූපණය කළ කේ.එල් සිරිවර්ධන
දිගු නාට්‍ය - 'නැතුව බැරි මිනිහෙක්' නාට්‍යයේ සරත්ගේ චරිතය නිරූපණය කළ නලීන් ලුසේනා
දිගු නාට්‍ය - 'Mr W හෙවත් අත්තනායකගේ අවසන් දවස්' නාට්‍යයේ Y ගේ චරිතය නිරූපණය කළ මිලිඳු රන්දික
දිගු නාට්‍ය - 'මා ඝාතෝ' නාට්‍යයේ නීනාගේ චරිතය නිරූපණය කළ තනුජා විජේවික්‍රම
දිගු නාට්‍ය - 'Mr W හෙවත් අත්තනායකගේ අවසන් දවස්' නාට්‍යයේ චිත්‍රාගේ චරිතය නිරූපණය කළ නිශාදි පලන්සූරිය
දිගු නාට්‍ය - 'Love and Life' නාට්‍යයේ තිලිණ හෙයියන්තුඩුව
දිගු නාට්‍ය - 'Love and Life' නාට්‍යයේ කේෂිකා කෝරාල
දිගු නාට්‍ය - 'Love and Life' නාට්‍යයේ චතුරංග දයාරත්න
ජූරියේ විශේෂ සම්මානය රංගනය - කෙටි නාට්‍ය - 'මම අඩකුඹයි' නාට්‍යයේ සිංහයාගේ රංගනය සඳහා රන්දික ගුණතිලක
හොඳම නළුවා සම්මානය - කෙටි නාට්‍ය (සම සම්මාන) - 'ලද ලබ' නාට්‍යයේ බෙරකරුගේ චරිතය නිරූපණය කළ ජනක මුණසිංහ / 'ලද ලබ' නාට්‍යයේ ට්‍රම්පට් වාදකයාගේ චරිතය නිරූපණය කළ ක්‍රිෂාන්ත ජයබාහු
හොඳම නිළිය සම්මානය - කෙටි නාට්‍ය - 'කිරි අම්මා අවතාරය' නාට්‍යයේ සඳමාලිගේ චරිතය නිරූපණය කළ ජීවන්ති පෙරේරා
හොඳම සහාය නළුවා සම්මානය - දිගු නාට්‍ය - 'නැතුව බැරි මිනිහෙක්' නාට්‍යයේ පෙරේරාගේ චරිතය නිරූපණය කළ ශ්‍යාම් ප්‍රනාන්දු
හොඳම සහාය නිළිය සම්මාන - දිගු නාට්‍ය - 'නැතුව බැරි මිනිහෙක්' නාට්‍යයේ වත්සලාගේ චරිතය නිරූපණය කළ බිම්සරා ප්‍රේමරත්න
ජූරියේ විශේෂ සම්මානය - රචනය - කෙටි නාට්‍ය - 'සිංහ සේයා' රචනය කළ සචිත්ර රාහුබද්ධ
හොඳම රචනය සම්මානය - කෙටි නාට්‍ය - 'ලද ලබ' නාට්‍ය රචනා කළ දමිත් වැලිකල
රචනය කුසලතා සහතිකය - දිගු නාට්‍ය - 'සිල්ගත් බිල්ලෝ' නාට්‍ය රචනා කළ විජිත් නුවන්
හොඳම ස්වීය රචනය සම්මානය - දිගු නාට්‍ය - 'නැතුව බැරි මිනිහෙක්' නාට්‍ය රචනා කළ රාජිත දිසානායක
හොඳම ස්වීය නොවන රචනය සම්මානය - දිගු නාට්‍ය - 'ප්‍රේමවන්ත කුමාරයෝ' නාට්‍ය රචනා කළ ජයවතී ජයසිංහ
නිෂ්පාදනය කුසලතා සහතිකය - කෙටි නාට්‍ය - 'මම අඩකුඹයි' නාට්‍ය නිෂ්පාදනය කළ දේවින්ද වික්‍රමසිංහ
හොඳම කෙටි නාට්‍ය නිෂ්පාදනය සම්මානය - කෙටි නාට්‍ය - 'ලද ලබ' නාට්‍ය නිෂ්පාදනය කළ කේ.ඒ.ජී ආනන්ද චන්ද්‍රකුමාර
නාට්‍ය කීර්ති සම්මාන ප්රදානය - ප්‍රවීණ නාට්‍යවේදී නාමෙල් වීරමුණි මහතා / ප්‍රවීණ නාට්‍යවේදී මානා මකීන් මහතා
හොඳම නළුවා සම්මානය - දිගු නාට්‍ය - 'නැතුව බැරි මිනිහෙක්' නාට්‍යයේ ජයන්තගේ චරිතය නිරූපණය කළ ධර්මප්‍රිය ඩයස්
හොඳම නිළිය සම්මානය - දිගු නාට්‍ය - 'ගිරිකූඨ කාශ්‍යප' නාට්‍යයේ කාශ්‍යප දේවියගේ චරිතය නිරූපණය කළ දිනුපා කෝදාගොඩ
ජූරියේ විශේෂ සම්මානය - අධ්‍යක්ෂණය - දිගු නාට්‍ය 'Love and Life' නාට්‍යයේ අධ්යක්ෂ එස්.අයි සමරක්කොඩි
හොඳම අධ්‍යක්ෂණය සම්මානය - දිගු නාට්‍ය - 'නැතුව බැරි මිනිහෙක්' නාට්‍යයේ අධ්යක්ෂ රාජිත දිසානායක මහතා
හොඳම නාට්‍ය නිෂ්පාදනය 2017 සම්මානය - දිගු නාට්‍ය - රාජිත දිසානායකගේ 'නැතුව බැරි මිනිහෙක්'
ඡායා - ඉසුරු පෙරේරා