රයිගම් ටෙලි සම්මාන 2017 සම්මාන රාත්‍රිය ක්ෂේත්රයේ රංග ශිල්පීන් සහ ගායක ගායිකාවන්ගේ සහභාගිත්වයෙන් නෙළුම් පොකුණ රඟහලේදී පසුගියදා (24දා) පැවැත්විණි. එහිදී සම්මාන බෙදී ගියේ මෙලෙසිනි.
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නළුවා - මහේන්ද්‍ර පෙරේරා (එඩ්වින්, බැද්දේ කුලවමිය - ස්වර්ණවාහිනී)
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළිය - නදී කම්මැල්ලවීර (චංචලා, බැද්දේ කුලවමිය - ස්වර්ණවාහිනී)
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය - ආනන්ද අබේනායක - බැද්දේ කුලවමිය - ස්වර්ණවාහිනී)
වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍ය - කූඹියෝ (ITN)
වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍යය නළුවා - තුමිඳු දොඩන්තැන්න (කූඹියෝ, සහෝදරයා - ITN)
වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍ය නිළිය - නයනතාරා වික්‍රමආරච්චි (දෙවෙනි ඉනිම)
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අංග රචනය - ශාලිත ගුණවර්ධන (බැද්දේ කුලවමිය)
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය කලා අධ්‍යක්ෂණය - ලක්මා වීරසේකර (බැද්දේ කුලවමිය)
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂණය - ගයාන් ගණකධාර - (බැද්දේ කුලවමිය)
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත රචනය - ජැක්සන් ඇන්තනී (සංසාරේ දිගය - සී රජ)
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායකයා - සමන් ලෙනින් (ගොම්මනේ රැයේ වන මැද - එළිය කන්ද)
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායිකාව - ඉන්දිකා උපමාලි (සංසාරේ දිගයි - සී රජ)
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය කැමරා අධ්‍යක්ෂණය - කුලරුවන් ගමගේ - ස්වේත ගංතීර (ITN)
වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක (සිංහල) - පාරමී රණසිංහ (ජාතික රූපවාහිනිය)
වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක (දමිළ) - ක්‍රිස්ටිනා ග්‍රේස් නඩරාජන් (වසන්තම් TV)
වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක (ඉංග්‍රීසි) - බර්නඩින් ජයසිංහ (TV1)
වසරේ විශිෂ්ටතම රූපවාහීනී ප්රවෘත්ති නිවේදක (සිංහල) නදීක කරුණානායක (ස්වර්ණවාහිනී)
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්රවෘත්ති නිවේදිකා (සිංහල) - සුනේතා කුමාරි (ජාතික රූපවාහිනිය)
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්රවෘත්ති නිවේදක / නිවේදිකාව (දමිළ) - රාධිකා වින්සන් - නේත්‍රා TV)
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්රවෘත්ති නිවේදක / නිවේදිකාව (ඉංග්‍රීසි)- තිළිණ උදයරත්න - Channel Eye)
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ළමා වැඩසටහන - චිත්‍ර කාමරය, ඉමාලි ආරියවංශ (සියත TV)
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ක්‍රීඩා වැඩසටහන - ගමට ක්‍රීඩා, සජිත් දිනූෂාන් ගෝවින්න (සිරස TV)
වසරේ විශිෂ්ටතම රූපවාහිනී අධ්‍යාපනික වැඩසටහන - ආඝාත රෝගයෙන් මිදෙමු, නිශාදි රුවන්මලී (ජාතික රූපවාහිනිය)
වසරේ විශිෂ්ටතම රූපවාහිනී සංගීත වැඩසටහන - සිංහගිරි ස්ටුඩියෝ (පළමු අදියර - ටීවී දෙරණ)
වසරේ විශිෂ්ටතම රූපවාහිනී හඬ කැවීම් වැඩසටහන - ඒබීයූ කෙටි චිත්‍රපට, වජිරකුමාරි විතානගේ (ජාතික රූපවාහිනිය)
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන - සිරස පෙන්ටත්ලන් සීසන් 2, පුළිඳු මිස්සක එදිරිසිංහ (සිරස TV)
වසරේ විශිෂ්ටතම රූපවාහිනී කාලීන වැඩසටහන - ඩෙංගු අලුතෙන් හිතමු - ප්‍රදීප් විජේකෝන් (ශ්‍රද්ධා TV)
වසරේ නැගී එන ටෙලි නාට්‍ය නළුවා - මයුර කාංචන රෝහණ - (බැද්දේ කුලවමිය - ස්වර්ණවාහිනිය)
වසරේ නැගී එන ටෙලි නාට්‍ය නිළිය - බුවනි චාපා දියලගොඩ (හර්ෂි - මේ මමයි - ITN)
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නළුවා - ආනන්ද කුමාර උන්නැහේ (ජිනපාල, බැද්දේ කුලවමිය - ස්වර්ණවාහිනිය)
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නිළිය - නයනා හෙට්ටිආරච්චි (යසෝ මැණිකේ, බැද්දේ කුලවමිය - ස්වර්ණවාහිනිය)
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය තිර රචනය - අරුණ ප්‍රේමරත්න (බැද්දේ කුලවමිය - ස්වර්ණවාහිනී)
වසරේ නිර්මාණාත්මක රියලිටි වැඩසටහන - Youth with Talent (සඳරුවන් ජයවික්‍රම - ITN)
වසරේ විශිෂ්ටතම ගවේෂණාත්මක රූපවාහිනී පුවත් වාර්තාකරණය - උකුස්සා (ගජමුතු හෙළිදරව්ව - ඩබ්.ආර්.ඒ. දිනේන්ද්‍ර රත්නසිරි - TV දෙරණ)
ලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - ඉෂාන් සංජීව