ප්රශානි පෙරේරා කියන්නේ මේ දිනවල වඩාත් ජනප්‍රිය චරිතයක්. මොකද මේ දිනවල පුංචි තිරය තුළ දකින්නට ලැබෙන බොහෝ වෙළෙඳ දැන්වීම්වල සහ ගීතමය රූප රචනාවල ඇය සිටින නිසා. ඇය කාර්යබහුල චරිතයක් කියලා තමයි අැගේ යාළුවෝ නම් කියන්නේ. නමුත් ඕනෑම වෙලාවක කතාකරන්න වෙලාවක් එයාට තියෙනවා කියලා ප්රශානි කියනවා. මේ අවුරුදු දවස් නිසා එයාට පොඩි වෙනස් ප්‍රශ්න ටිකක් ලබාදුන්නා. ඒ සඳහා එයා උත්තර දුන්නේ මේ විදිහටයි.
Q කොහොමද අවුරුදු ජයද?
අවුරුදු ජයයි ඉතිං. කියන්න තරම් වරදක් නැහැ. ෂේප් එකේ ඉන්නවා.
Q ෂොපින් ගිහින් ගෙදර සල්ලි එහෙම ඉවර කළාද?
ෂොපින් ගියා. ඒත් තාම හිතේ හැටියට ෂොපින් කළේ නැහැ.
Q ඒ කියන්නේ ගෙදර සල්ලි තාම ඉවර කරන්න වුණේ නැහැ කියන එකද?
නැහැ, ගෙවල්වල සල්ලි නෙමේ ඉතිං. මගේ සල්ලිවලින් තමයි තවම ෂොපින් කළේ. අම්මලාගේ සල්ලිවලින් තාම ගියේ නැහැ. ෂොපින් කරලා හිතේ හැටියට ඉවර කළේ නම් නැහැ.
Q කාන්තාවක් කියන්නේ කොච්චර ෂොපින් කළත් හිත පිරෙන්නේ නැති කෙනෙක්නෙ නේද?
ඔව් ඉතිං හැමදාමත් ෂොපින්. ඒ වුණාට වෙන අවුරුදු වගේ හොඳට තාම ගත්තෙ නැහැ මුකුත්.
Q අවුරුද්දේ බජට් එක කීයද?
එහෙම ඉතිං බජට් එකක් කියලා ලිමිට් කරන්න බැහැ. කොහොමත් ඉතිං සපත්තු, බෑග් අරං ඉවර වෙද්දි 15,000ක් 20,000ක් විතර ඉවර වෙනවා.
Q අවුරුද්දට ගෙදර කැවිලි එහෙම හැදුවද?
ඔව් හැදුවා. අපි සාමාන්‍යයෙන් හදන්නේ කැවුම් කොකිස් වගේ දෙවල් තමයි.
Q ඔයා මොනවද අවුරුද්දට හැදුවේ?
මුකුත්ම හැදුවෙ නැහැ. හදන්න දන්නෙත් නැහැ. කැවිලි හදන්න දන්නෙ නැහැ. උයන්න හොඳට පුළුවන්.
Q ඉවුවාම කාටත් කන්න බැරි ගතියක් තියෙනවද?
නැහැ නැහැ. හොඳට කන්න පුළුවන්. සාමාන්‍යයෙන් කියන්නේ කන්න බැහැ කියලනේ. මගේ විශේෂම දේ ඉවුවාම හොඳට කන්න පුළුවන්.
Q ඔයා උයන කෑම කාලා, පහුවදා ඉඳන් කට්ටියට කන්න පුළුවන්ද?
නැහැ....... මම උයන කෑම හොඳට කන්න පුළුවන් කියලා හැමෝම කියනවා. ගොඩක් අහන්නේ ඉව්වාම කන්න පුළුවන්ද කියලනේ. මගේ කෑම හොඳට කන්න පුළුවන්. මට උයන්නත් පුළුවන්, ඒ වගේම හොඳට කන්නත් පුළුවන්.
Q කැමතිම අවුරුදු ක්‍රීඩාව මොකක්ද?
බිත්තර අල්ලන්න කැමතියි.
Q ඒක අවුරුදු ක්‍රීඩාවක්ද?
මොකද නැත්තේ. එහෙම නැත්නම් අලියට ඇහැ තියන්න. හැබැයි කවදාකවත් තියන්න වුණේ නැහැ.
Q කොළඹ කෙනෙක් නිසා රෙද්දයි හැට්ටෙයි හුරුද?
අපොයි ඒක ප්‍රශ්නයක් නැහැ. අපි ඉස්කෝලෙ යන කාලේ එහෙම ඇඳලා තියෙනවනේ.
Q දැනට කීපාරක් රෙද්දයි හැට්ටෙයි ඇඳල තියෙනවද?
දැනට දෙපාරයි.
අවුරුදු කුමාරයෙක් විදිහට බොලිවුඩ් නළුවෙක් ගෙදරට ආවොත්, කවුරු එනවටද කැමති?
රන්බීර් කපූර්.