තමිල්නාඩු දේශපාලඥයින්ගේ ඉල්ලීම අනුව සුපිරි නළු රජනිකාන්ත් සිය ශ්‍රී ලංකා සංචාරය අවලංගු කිරිමට තීරණය කර තිබේ. ඔහු එළඹෙන 09 දා හා 10 දා යාපනයේ හා වව්නියාවේ සංචාරයකට එක්ව නියමිතව තිබුණි. රජනිකාන්ත් එහිදි දමිල ජනතාව වෙනුවෙන් ඉදිකළ නිවාස 150ක් බෙදා දීමට නිමිතව තිබුණි.
ඒ අනුව ඊයේ (25දා) ඔහු සසිය ශ්‍රි ලංකා සංචාරය අවලංගු කරන බව නිවේදනයකින් දැනුම් දුන්නේය.වී.සි.කේ. පක්ෂයේ තොල් තිරුමාවලන් හා එම්.ඩී.එම්.කේ. පක්ෂයේ වයිකෝගේ විරුද්ධතාවට ප්‍රතිචාර දක්වමින් ඔහු සිය ශ්‍රී ලංකා සංචාරය අවලංගු කර තිබේ.
"මම මේ සංචාරයට එක්වීමට කලින් එකඟ වුණා. මට දමිල ජනතාවත් සමග නිදහසේ කතා කිරීමට අවශ්‍ය වුණා. ඒ වගේම මම ජනපති මෛත්රීාල සිරිසේන මහතා හමුවූ ගැටලුවට විසඳුමක් ඉල්ලිමටත් අදහස් කරගෙන සිටියා."
තමන් ශ්‍රී ලංකා සංචාරය අවලංගු කළත් දමිළ නායකයන් දෙදෙනාගේ විරෝධතා සඳහා එකඟ නොවන බවත් ඔහු ප්‍රකාශ කළේය.
"මම දේශපාලකයෙක් නෙමෙයි. කලාකරුවෙක්. මම අනාගතයේදීත් ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ සංචාරය කිරීමට අවස්ථාවක් ලැබුණොත් කරුණාකර එය දේශපාලන වශයෙන් දකින්න එපා. "