8 වැනි වරට පැවැත්වෙන බැංගලෝර් ජාත්‍යන්තර සිනමා උළෙල සඳහා චිත්‍රපට තුනක් තෝරාගෙන ඇති අතර ඒ අතර 'මෝටර් බයිසිකල් චිත්‍රපටය'ද වෙයි'
බැංගලෝර් සිනමා උළෙල පෙරේදා (28දා) ආරම්භ වූ අතර එය පෙබරවාරි 4 දක්වා පැවැත්වෙයි.
මෙම චිත්‍රපටයට අමතරව කල්පන ආරියවංශයේ ප්‍රේමය නම් චිත්‍රපටය හා ප්‍රසන්න විතානගේගේ උසාවිය නිහඩ වෙනු චිත්රපයටද බැංගලෝර් ජාත්‍යන්තර සිනමා උළෙල සඳහා තෝරාගෙන තිබේ.
බැංගලෝර් සිනමා උළෙලේ නොට්පැක් අංශය නියෝජනය කරන අතර එය නොට්පැක් සම්මානය දිනූ චිත්‍රපටයක්ද වෙයි.
මේ වසරේදී ශ්‍රී ලංකා ප්‍රේක්ෂයන් වෙනුවෙන් ප්‍රදර්ශනය කිරීමට නියමිත මෝටර් බයිසිකල් චිත්‍රපටය අද (30දා) බැංගලෝර් ජාත්‍යන්තර සිනමා උළෙලේදී ප්‍රදර්ශනය කිරීමට නියමිතය.