ප්‍රවීණ රංගධරයෙකුවූ ජේ.එච්. ජයවර්ධන මහතා ඊයේ (03දා) අභාවප්‍රාප්ත විය.
මියයන විට 94 වැනි වි පසු වූ ඒ මහතා කඳානේ පිහිටි සිය නිවසේදී සිය අවසන් හුස්ම හෙළීය.
1997 වසරේදී ග්ලූකෝමා රෝගයෙන් සදාකාලික අන්ධභාවයට පත්වූ ජයවර්ධන මහතා සිය ජීවිතයේ අවසන් සමයේ තරමක් රෝගාතුරවද සිටියේය.
පී. වැලිකලයන්ගේ 'සීගිරි නළඟන' ගුවන් විදුලි නාට්‍යයෙන් කලාලොවට පිවිසි ඔහු සිනමාවට පිවිසියේද වැලිකලයන්ගේම චිත්‍රපටයක් වූ %කුළුහරක්^ සිනමා නිර්මාණයෙනි. එතැන් පටන් ගුවන්විදුලිය පමණක් නොව වේදිකාවත්, සිනමාවත් එකසේ ජයගත් ඔහු ශ්‍රී ලාංකේය කලාවේ සන්ධිස්ථාන සටහන් කළ නිර්මාණ රැසකට සිය නිර්මාණ දායකත්වය සැපයීය.
ධර්මසිරිබණ්ඩාරනායකයන්ගේ 'මෝදරමෝල', 'මකරාක්ෂයා', ආර්. ආර්. සමරකෝන්ගේ 'ඉඩම', 'අහසින් වැටුණ මිනිස්සු', 'කැලණි පාලම' ආදී වේදිකා නාට්‍යද, 'ලොක්කෙ මාමා', 'දඩයම', 'දළ රළපෙළ' 'හිරුට මුවාවෙන්' වැනි ජනප්‍රිය ටෙලිනාට්‍යද, 'හඳයා', 'දඩයම', 'අධිෂ්ඨානය', 'අයෝමා' වැනි සිනමා නිර්මාණද ඒවා අතර සුවිශේෂී මතක සටහන් වෙයි.
ජයවර්ධන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට(04දා) පස්වරුවේ වැලිසර පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.
සමිත් බෝධිපක්ෂ