මෙගා ටෙලි නාට්‍ය නවත්වන්නේ නම් හා සීමිත කොටස් සංඛ්‍යාවකින් යුත් ටෙලි නාට්‍ය නිර්මාණය කරන්නේ නම් තමා එයට එකඟ බව තිසුරි යුවනිකා ‘අද’ට පැවසුවාය. ඒ ඇය සමග ‘අද’ සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදීය. මෙගා කලාව නවත්වනවාට ඔබ එකඟද? යන පැනයට ඇය මෙසේ පිළිතුරු ලබාදුන්නාය.
මෙගා නවත්වනවා නම් අපිත් ඒකට එකඟයි. අද කොටස් හතළිස් ගණන්වල ටෙලි නාට්‍ය කරන්නෙ අතේ ඇඟිලි ගාණටත් අඩුවෙන්. ඒ වගේම මෙගා කොටස් 100 ට සීමා කරල තිබෙන එක ගොඩක් හොඳයි. එතකොට මුල, මැද, අග තියෙනවා. සීයේ සීමාවට ආවා කියල කියන්නෙ ඉදිරියේදී නැවතත් ප්‍රමිතියක් ඇති නාට්‍ය බලන්න පුළුවන් වේවි.
ඇය සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාව අද (09දා) ‘අද’ පත්‍රයේ පළවේ.
ඡායාරූප - සඳුන් ගමගේ