නිර්මාණයන් විවිධ වූ මාධ්‍ය ඔස්සේ ගෙන හැර පෑමට දක්ෂ නිර්මාණ ශිල්පීන්ට හැකියාව තිබේ. ඔවුන් විසින් භාවිත කරන නිර්මාණ මාධ්‍ය කුමක් වුවද ඒ මගින් දක්ෂතා පිළිබිඹුු කිරීමට ඔවුන්ට හැකියාව තිබේ. එවැනි නිර්මාණ මාධ්‍යයක් ලෙස මූර්ති කලාව හැඳින්විය හැකිය. මුර්ති කලාව ඔස්සේ අද ලෝකයේ බොහෝ රටවල්වල ඉතිහාසය පිළිබඳව කතාකරනු ලබයි. එවැනි ඓතිහාසික නිර්මාණ ඇතැම් විට ලෝකයේ බොහෝ දෙනෙකු අතර ජනප්‍රියත්වයට පත්ව තිබේ. එවැනි මූර්ති නිර්මාණ ශිල්පිනියක් පිළිබඳව කතාබහ කිරීමටයි මෙවර අපි සූදානම් වන්නේ. ඇය නමින් Luo Li Rong වෙයි. බෙල්ජියමේ උපන් ඇයගේ වෘත්තිය වන්නේද මෙම මූර්ති නිර්මාණ ශිල්පයයි. 1980 වර්ෂයේදී උපන් Luo තම ඉගෙනීමේ කටයුතුද අවසන් කරනු ලැබුවේ මූර්ති කලාව ඔස්සේය. 1998 සිට 2000 වර්ෂය දක්වා %චන්ජ්ෂා කලා පාසලේ^ මූර්ති කලාව පිළිබඳව අධ්‍යාපනය හදාරා තිබේ. ඇය උපාධිය ලබාගන්නේ 2005 වර්ෂයේදීය. ඒ බෙලිජියමේ Central Academy of Fine Art නම් විශ්වවිද්‍යාලයෙනි.
මේ ආකාරයෙන් තම මූර්ති කලාව පිළිබඳව අධ්‍යාපනය අවසන් කිරීමට ඇයට හැකියාව ලැබිණි. Luo නිර්මාණය කළ මූර්ති නිර්මාණයන් සහිත මහජන ප්‍රදර්ශනයක් පවත්වනු ලැබුවේ 2001 වර්ෂයේදීය. ඇයගේ පළමු මූර්ති ප්‍රදර්ශනය වූ එය පැවැත්වූයේ බෙල්ජියම් හිදීය. ඉන්පසු නැවතත් ඇය ප්‍රදර්ශනයක් පවත්වනු ලැබුවේ 2003 වර්ෂයේදීය. ඒ ආකාරයෙන් Luo 2008 වර්ෂයේදී ප්‍රංශය සඳහා තම නිර්මාණ රැගෙන යන ලදී. එහිදි මූර්ති නිර්මාණ ප්‍රදර්ශනයක් පවත්වන ලදී. ඒ ආකාරයෙන් රට රටවල තම නිර්මාණ පිළිබඳව මහජනතාව දැනුවත් කරන ලදී. 2014, 2015, 2016 වැනි වර්ෂවල ප්‍රදර්ශන කිහිපයක්ද පවත්වන ලදී.
තම වෘත්තිය ආරම්භයේදී ඇය විසින් සිදුකරනු ලැබූ නිර්මාණයන් බොහෝදෙනා අතර කතාබහට ලක්විය. ඒ 2002 වර්ෂයේදීය. බෙල්ජියමේ පැවැත්වූ ඔල්ම්පික් ක්‍රීඩා උලෙළ සඳහා අනුස්මරණ පිළිරුවක් නිර්මාණය කරනු ලැබීය. ඒ ඇයගේ පළමු දැවැන්ත මූර්ති නිර්මාණය බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඉන්පසු ඇයට පැරිස්හි සුප්‍රසිද්ධියට පත් වැන්ග් ඩූ නම් මූර්ති ශිල්පියාගේ සහායකයා ලෙස සේවය කිරීමට අවස්ථාව උදාවී තිබේ. ඒ 2005 වර්ෂයේදීය. ඇය ඔහුගේ සහායකයෙකු ලෙස වසරක කාලයක් සේවය කර තිබේ.
ඉන්පසු 2007 වර්ෂයේදී Luo හට කලාගාරයක සේවය කිරීමට අවස්ථාව උදා වී තිබේ. එම කලාගාරයෙන් 2008 වර්ෂයේදී ඉවත් වූ ඇය 2009 වර්ෂයේදී මූර්ති විද්‍යාලයක ආචාර්යවරියක් ලෙස සේවය කිරීම ආරම්භ කරන ලදී. මේ වනවිටත් ඇය එම පාසලේ ආචාර්යවරියකි. තම වෘත්තියට අමතරව නිදහස් කාල වේලාව තුළ තමන්ගේ නිර්මාණයන් සිදුකරන බව ඇය පවසයි. ඉදිරියටත් තමන්ගේ දැනුම සහ හැකියාව මුළු ලෝකයත් සමග බෙදා ගැනීම Luo ගේ ජීවිතයේ ඇති ලොකුම බලාපොරොත්තුව බව පවසයි.