විශිෂ්ට ගණයේ නිර්මාණ පෙළහරක එකම අයිතිකාරයා වන %කැල්වි නිකෝල්ස්^ නිදහස් නිර්මාණ ශිල්පියෙකි. A4 ප්‍රමාණයේ කඩදාසි උපයෝගී කරගනිමින් නිර්මාණ කරනා ඔහු නිර්මාණය හැකියාවන් අතින් ඉතා ධනවත්ය. එක් සිතුවමක් සති 4කින් නිමවා අවසන් කරන ඔහු ඒ සඳහා ඉහළ මිලක් නියම කරනු ලබයි. ඔහු විසින් නිර්මාණය කරනු ලබන කඩදාසි සිතුවම් නිර්මාණයක් සඳහා ඔහු පවුම් 16,000ක (රුපියල් 3,520,000) මිලක් නියම කරයි. ඒ ඔහුගේ අනන්‍යතාව ලෙස ඔහු සිතයි.
සිතට කාවදින අයුරින් සහ යථාර්ථවාදී ලෙස අතිශය සංකීර්ණ ආකාරයෙන් නිර්මාණකරණයේ යෙදෙන ඔහුගේ කඩදාසි නිර්මාණ සිතුවම් සඳහා මෙවැනි වටිනාකමක් හිමිවන්නේ ඔහු යොදනා කැපවීම හේතුවෙනි. එක් නිර්මාණයක් සඳහා ඔහු අවම වශයෙන් කඩදාසි කොළ සියයකට අධික සංඛ්‍යාවක් උපයෝගී කර ගනී. ඔහු විසින් නිර්මාණය කරනු ලබන සිතුවම් චිකාගෝහි, ඉලිනොයිස් අසල Follett පුස්තකාලයේ නිතර ප්‍රදර්ශනය කරනු ලබයි.
ඔහුගේ නිර්මාණයන් හි විශේෂත්වය වන්නේ සත්ත්ව කොට්ඨාසයන්ට ඉඩ වෙන් කරන බැවිනි. කැල්වින්ගේ මතය වන්නේ ඔහු නිර්මාණය කරනා කඩදාසි සිතුවම් නිර්මාණ එක්තරා මූර්තියක් බවයි. එයට හේතුව වන්නේ මූර්තියක් මෙන් ජීවමාන ස්වරූපයක් මෙම සිතුවම් තුළින් මතුකරනා හේතුවෙනි.
සත්ත්ව ශරීර නිර්මාණය කිරීමේදී, එහි යටින් ව්‍යූහයේ හැඩ තීරණය කොට, එහි ආකෘතිය කඩදාසි කැබලි වලින් නිර්මාණය කොට එහි හැඩකරනා ස්ථානයන් බර කඩදාසියේ සිට කපා හැඩ කර එය එකිනෙකට යාබද වන සේ ඇලීම කරනු ලබයි. සත්ත්ව සිතුවමක් සඳහා ඔහු විසින් එම නිර්මාණය කරනු ලබන සත්ත්වයාව අනුගමනය කොට සත්ත්වයාගේ ඡායාරූප ලබාගනු ලබයි. එම ඡායාරූප මගින් වැඩිදුර සත්ත්වයාව විශ්ලේෂණය කොට නිර්මාණය සඳහා සාධාරණය ඉටුකරනු ලබන බවද ඔහු පවසා තිබේ.
ඔහු විසින් තම නිර්මාණය කරනු ලබන සත්ත්ව නිර්මාණ සැබෑ ස්වරූපය මතුකරගැනීම සඳහා එහි ඇති ආලෝක ගැඹුර, හැඟීම්, නිර්මාණය කිරීම සඳහා බොහෝ සේ වෙහෙසෙනු ලබයි. කැනේඩියානු ජාතිකයෙකු වන කැල්වින් නිකෝල්ස් විසින් ඔහුගේ නිර්මාණයන් අන්තර්ජාලයේදී අලෙවි කරනු ලබයි. ඔහු විසින් කරනු ලබන සත්ත්ව නිර්මාණයන් වෙනුවෙන් Society of Animal Artists ලෙසද නම් කර ඇති අතර, 1996 වර්ෂයේදී ඔහුට එහි සාමාජිකත්වය හිමිවිය. ඒ වෙනුවෙන් සම්මානයක්ද හිමිව ඇත. ඔහු මෙම නිර්මාණ සඳහා තෙවතාවක් රන් පදක්කම්ද හිමිකර ගෙන ඇති බව විදෙස් මාධ්‍යයන්හි සඳහන් වේ.
ලොව පුරා කැල්වින් හඳුන්වනු ලබන්නේ පත්‍ර මූර්ති ශිල්පියෙකු ලෙසයි. කෙනෙකු මූර්තියක් නිර්මාණය කිරීම සඳහා යොදා නොගන්නා කඩදාසි මොහු විසින් යොදාගන්නා බැවින් මෙවැනි අන්වර්ථ නාමයක් සඳහා කැල්වින් හිමිකම් කියනු ලබයි. ඔහුගේ සිතුවම් දැක්මක් ඉදිරි මසවලදී ඇමෙරිකාවේ Leigh Yawkey Woodson කලා කෞතුගාරයේදී සහ නිව්යෝර්ක්හි Society of Animal Artists ආයතනයේ පැවැත්වීමට කටයුතු යොදා ඇති බවට ඔහුගේ වෙබ් අඩවියේ සඳහන් වේ.
ඔහුගේ හැකියාව වර්ධනය කරගනු ලැබුවේ 1976 වර්ෂයේදී graphic design වැඩසටහනක් සඳහා සහභාගී වීමෙනි. එමගින් ඔහු අවුරුදු 03ක් සිතුවම් කලාව සහ මූර්ති කලාව පිළිබඳව හදාරනු ලැබීය. 1983 වර්ෂයේදී කැල්වින් විසින් පළමු වශයෙන් නිර්මාණය කරනු ලැබු කඩදාසි සිතුවම තම මාමාගේ සංචාරක බසයේ අලවනු ලැබීය. 1981 වර්ෂයේදී ඔහු විසින් සිතුවම් කලාව, මූර්ති කලාව පිළිබඳව උපාධිය හදාරා රැකියාවක් සඳහා අයදුම් කරන ලදී. නමුත් ඒ සඳහා ඔහුට අවස්ථාවක් නොලැබුණු අතර, ඔහු විසින් තමුන්ගේම කියා නිර්මාණ ආයතනයක් ආරම්භ කරන ලදී. 1981 වර්ෂයේ සිට රැකියාවක් සඳහා මගක් සොයමින් සිටි කැල්වින් මේ වනවිට වෙළෙඳ නාමයක් බවට පත් වී හමාරය.
කැල්වින් විසින් 2002 වර්ෂයේදී ග්රන්ථ දෙකක් එළිදක්වන ලදී. Paper Mania සහ The World Before This One ලෙස ඔහු මෙම ග්රන්ථ දෙක නම් කරන ලදී. මේ වනවිට ඔහුගේ නවතම බලාපොරොත්තු වී ඇත්තේ ඔහු විසින් නිර්මාණය කර ඇති විශාලතම සහ දිගම කඩාදසි මූර්තිය නිර්මාණය කිරීමටයි. ඔහු විසින් මේ වනවිට නිර්මාණය කර ඇති දිගම කඩදාසි මූර්ති සිතුවමේ ප්‍රමාණය වන්නේ අඟල් 120කි. ඔහුට ඒ සඳහා මාස 3ක කාලයක් ගත වූ බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි. කෙසේවුවද ලෝක ගිනස් වාර්තා පොතට ඇතුල් වීමට උත්සාහයක යෙදෙන ඔහු මේ වනවිට බිහිවී ඇති මූර්ති සිතුවම් ශිල්පීන්ගේ හැරවුම් ලක්ෂය ලෙසද හැඳින්විය හැක.