1998 වසරේදී මුවන් ( Blackbuck) දෙදෙනෙක් ඝාතනය කිරීමේ චෝදනාවකට ඉන්දීය සුපිරි නළු සල්මාන් ඛාන් වැරදි කරුවෙක් ලෙස ජෝඩ්පූර් අධිකරණය අද (05දා) තීරණය කර තිබේ.
ඔහුට හිමිවන දඬුවම කුමක්දැයි යන්න පිළිබඳව අධිකරණය තීරණය කර නොමැති අතර සල්මාන්ගේ නීතිඥයින් අවම දඬුවමක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය නළු නිලියන් වන තාබු, සයිෆ් අලී ඛාන්, සොනාල් බෙන්ද්රේ, නීලම් යන අය සැකකරුවන් ලෙස නම්කර තිබුණත් ඔවුන් නිදහස් කිරීමට අධිකරණය කටයුතු කර ඇත.
ඉන්දීය වනජීවී පනත යටතේ සල්මාන් ඛාන් වරදක් කර ඇති බවට අධිකරණය සඳහන් කරයි.